SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය අමාත්‍යවරුන් 9ක් ඇතුළුව මන්ත්‍රීන් 40 දෙනකු පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙමින්

ඍජුවම රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇතැයි දේශය පුවත්පත කියා ඇත. 

 

මෙලෙස පක්ෂය සමඟ සිටින රාජ්‍ය අමාත්‍යවරුන් අතර මොහාන් ද සිල්වා, ශෂින්ද්‍ර රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, ඉන්දික අනුරුද්ධ, තේනුක විදානගමගේ, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, සිරිපාල ගම්ලත් ඇතුළු පිරිසක් වන බව සඳහන්ය.

 

පක්ෂය හැර ජනාධිපතිවරයාට සහය දැක්වීමට ගිය තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු නැවතත් පක්ෂයට පැමිණීම සඳහා සාකච්ඡා කරමින් සිටින බව දේශය සඳහන් කර ඇති අතර පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ එම සංඛ්‍යාව ඊට වඩා වැඩි අගයක් ගනු ඇති බවත් නාමයෝජනා බාරදීමෙන් පසු තත්වය පැහැදිලිව දැකගත හැකිවන බවත් ය.

 

 

පාටලී ගේ තීරණයෙන් සමාජ මාධ්‍ය ඇවිලේ!

 

මේ අතර පාඨලී චම්පික රණවක  ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස වෙත සහාය පළකිරීමේ පුවතත් සමග ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ ප්‍රතිචාර සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

 

මේ අතර අද පිළියන්දල පැවති එක්සත් ජනරජ පෙරමුණේ සමුළුවක දී එහි නායක පාඨලී චම්පික පැවසුවේ පොලිස් ඇමති ගේ වරදක් කියන්න  ජාතික ජන බලවේගයට හැකියාවක් නොමැති බවය.

 

ඔහු පවස්නේ පොලිස් ඇමති ඉන්දියාවේ පෙට්ටි කඩේකට ජාතික අරක්ෂාව විකුණා ඇති බවත්, ෆයිල් රැගෙන  හැමතැනම යන මාලිමාව පුලුවන්නම් ටිරාන් අලස්ට හොරා කියලා පෙන්නන්නැයි අභියෝග කරන බවත් ය.

 

 

ජයම්පතී සහ සුදර්ශනීත් සජිත් ට..

 

මේ අතර එක්සත් වාමාංශික පෙරමුණේ නායක ජනාධිපති නීතීඥ ජයම්පතී වික්‍රමරත්න ප්‍රමුඛ වාමාංශික පෙරමුණ සජබ නායක සජිත් වෙත සහාය පළකිරීමට තීරණය කර ඇත.

 

එසේම පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ද සජබ නායකයා වෙත තම සහාය පළකිරීමට තීරණය කර  ඇත.

 

වික්‍රමසිංහ ජනාධිපතිවරයා හා එක්වීමට ගිය ප්‍රසන්න රණතුංග පාර්ශ්වයේ එස්.එම්.චන්ද්‍රසේන කියන පරිදි පොහොට්ටු ජනතා නියෝජතයින් ඉදිරි මැතිවරණයක් පිළිබඳ භීතීය නිසා නැවත පොහොට්ටු පක්ෂය සමග රහස්‍ය සාකච්ඡාවන් ඇරඹීමත් සමග ප්‍රසන්න පාර්ශ්වය පොහොට්ටුවේ බලය ඇල්ලීමට සූදානම්ව ඇත.

 

කෙසේ වුවද මේ වනවිට පාර්ලිමේන්තුවට තේරී පත්වූ බහුතරයක් ජනතා නියෝජිතයින්ට ඉදිරි මැතිවරණයක දී නැවත අවස්ථාවක් නොලැබෙනු ඇති බවත්, ඔවුන් ගේ  ජනවරම දැන් ඔවුන් සතු නොවන බවත් විචාරකයින්ගේ අදහස වී ඇත.

 

නවතම ලිපි