SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීම උදෙසා ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා විසින් ආරම්භ කර ඇති

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ පිහිටුවා ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ඇගයීම් සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද (11) පැවැත්විනි.

 

ඒ  හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගනයේදී ය.

අද පෙරවරු 08.30 ට ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්‍රදානෝත්සවය ආරම්භ කෙරිණි.

මෙම උත්සවය සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා , සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළු 10,000 කට අධික පිරිසක් සහභාගී වී සිටිති.

 

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි.

 

නවතම ලිපි