SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බංග්ලාදේශයේ ඇතිවූ ආණ්ඩූ විරෝධී අරගලය යම් මට්ටමකින් නිමා වීමත් සමග

'වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාරය' විසින් යෝජනා කර තිබුණේ නොබෙල් සාම ත්‍යාගලාභී මහාචාර්‍ය මොහොමඩ් යුනුස් යටතේ අන්තර්කාලීන ආණ්ඩූවක් පිහිටුවන ලෙසයි.

 

හිටපු නායිකාව වන පාලක අවාමී ලීගයේ ශෙයික් හසීනා බලය අතහැර රටෙන් පලායාමත් සමග එරට හමුදාව අතට බලය ලැබුණත් ශිෂ්‍ය අරගලකරුවන් එම හමුදා පාලනයකට එකග වූයේ නැත.

ඒ වෙනුවට ඔවුන් යෝජනා කරන ලද්දේ අන්තර් කාලීන් ආණ්ඩුවක්. එය මොහොමඩ් යුනුස්ගෙ නායකත්වය යටතේ පිහිටුවන ලෙසද අරගලකරුවන් විසින් යෝජනා කර තිබුණා.

 

මොහොමඩ් යුනුස්

 

බංග්ලාදේශයේ දිළිදු ජනතාව වෙත ණය ලබාදීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමින් ග්‍රාමීන් බැංකුවේ මූලීකයා වූ ඔහු එම කටයුත්ත හේතුවෙන්ම නොබෙල් සාම ත්‍යාගයටද හිමිකම් කීවේය. එය ආන්දෝලනාත්මක තෝරාගැනීමක් වුවත් නොබෙල් සාම ත්‍යාග හිමිකම් කීම පිළිබද ඉතිහාසය දෙස හැරී බලන විට එය එතරම් පුදුමයක් ද නොවේ.

 

යුනුස් විසින් ආරම්භ කරන ලද ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම සඳහා ප්‍රාග්ධනය යොදවන ලද්දේ නෝර්වේ රාජ්‍යය විසිනුයි. එය දුගීබව අවසන් කිරීමේ පියවරක් ලෙස පෙන්වා දුන්නත් ඇත්තෙන්ම එයින් සිදුවූයේ දුගී ජනතාව ණය උගුලකට හසුවීම පමණයි. ස්වයංපෝෂීත ආර්ථිකයන්ට හුරුව තිබූ ග්‍රාමීය සමාජයන් නව ලිබරල් වෙළදපොල ක්‍රමයට බැඳ තැබීමේ එක් උගුලක් ලෙස එය හදුන්වා දීම සාධාරණය.

 

යුනුස් වෙත නොබෙල් සාම ත්‍යාගය ලබාදීමට මැදිහත් වූයේද ග්‍රාමීන් බංකුව වෙත මුදල් ආයෝජනය කලේද එකම පාර්ශවයක් විසින්. එම පාර්ශවය වන්නේ නෝර්වේ රාජ්‍යයයි. එම කරුණෙන් යුනුස්ගේ නොබෙල් සාම ත්‍යාග හිමිකම සම්බන්ධ රහස හෙළිදරව් වේ.

 

කම්කරු නීතී උල්ලංඝනය කිරීම සම්බන්ධව වරදකරුවකු වී වරක් සිරගතවද සිට ඇති ඔහු පෙන්වන තරම් සුදු පුද්ගලයකු නොවන බව නම් පැහැදිලිය.

 

ලංකාවේ 2022 ජනතා නැගිටීම කොතෙක් සටන්කාමී වුවත් එය ඉතිහාසයට කොතෙක් වැදගත් සංධිස්ථානයක් සටහන් කලත් එයින් බලය සඳහා මග විවර වූයේ අන්ත දක්ෂිණාංශික නායකයකු වූ රනිල් වික්‍රමසිංහයටයි. ඔහු මෙතෙක් සිටි සියල්ලන්ටම වඩා හොඳින් නව ලිබරල් විවෘත ආර්ථිකයට ජනතාව ගොදුරු කරමින් සිටින්නේ IMF අනුග්‍රහය මධ්‍යයේය.

 

මෙරට ජනතාව අරගලයේ නිසි ඵලයන් නෙළාගැනීමට අපොහොසොත් වූ බව අකමැත්තෙන් වුවත් පිළිගැනීමට අප සිදුවන්නෙ ඒ නිසාය. මේ යන පිළිවෙලට නම් බංග්ලාදේශයේ වුවද සිදුවීමට නියමිතව ඇත්තෙ එමමය.

 

නමුත් බංග්ලාදේශ් ශිෂ්‍ය ව්‍යාපාරය තවමත් සටනේ රැදිසිටීම යම් බලාපොරොත්තුවක් හෝ තබාගැනීමට හේතුවක්.

 

ඉන්දියානු රෝ බුද්ධි අංශයේ සැලසුමකට අනුව බංග්ලාදේශයේ මුස්ලිම් අන්තවාදයක් අවුලුවා හින්දූන් වෙත එල්ලකරන පීඩාවක් හා ප්‍රහාරයන් හරහා ජාතීවාදී ගැටුමක් නිර්මාණය කර බංග්ලාදේශයට මැදිහත්වීමේ උත්සාහයක් පිළිබද තොරතුරු අනාවරණය වී තිබේ.

 

නමුත් එම තොරතුරු අනාවරණය වූ විගස එවැන්නක් නැවැත්වීම් උදෙසා රට පුරාම වූ ආගමික ස්ථානවලට ආරක්ෂාව සැපයීමට ශිෂ්‍ය ක්‍රියාකාරීන් කටයුතු යොදා ඇති බව වාර්ථා වේ.

 

අරගලයේ ගමන හැරවීම සඳහා බංග්ලාදේශය තුල ජනතාව අතර සිවිල් යුධමය තත්ත්වයක් අවුලවාලීම වෙනුවෙන් ඉන්දියානු රෝ බුද්ධි අංශය මැදිහත්වෙමින් සිටින මෙවන් මොහොතක එයට ඉඩ නොදී සටන්කාමීව මුහුණදෙන ශිෂ්‍ය ව්‍යාපාරය වෙත අපගේ නොමද ආචාරය පුද කල යුතුයි.

 

@Tharaka Wijebahu fb

නවතම ලිපි