SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

- මම තමයි ලංකාවේ වැඩිම පඩිය ගත් මාධ්‍යවේදියා. මරික්කාර්ගෙන් වෙනස් කතාවක්..!

- මිලියන 16,500ක මාර්ග සංවර්ධනය,  ලක්ෂ 30,000ක ගංවතුර පාලන ව්‍යාපෘතිය

- අද වැල්ලම්පිටිය, කොලොන්නාව, කොටිකාවත්ත දකිද්දී ආඩම්බරයක් දැනෙනවා...!

- එදා මුළු බස්නාහිර පළාතෙන්ම පළමුවැනියා වුණු මට කොළඹ දිස්තික්කය මොකක්ද...?

- කවදාවත් දිනන්න බැරි වුණු ආසනේ මම දිනලා පෙන්නුවා...

 

WhatsApp Image 2024 08 05 at 14.37.25

 

අධ්‍යාපනයෙන්, සංවර්ධනයෙන්, විරැකියාවෙන් අතිදුෂ්කරව පැවති කොලොන්නාව ප්රදේශය, අවසන් වසර 10 තුළ සාධනීය දියුණුවකට රැගෙන ඒමට තමා සමත්ව ඇති බව  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් පවසයි.

 

ඒ කොලොන්නාව මංගලපාය පරිශ්රයේ පසුගිය දා  (අගෝස්තු 4 ඉරිදා) පැවති My Future - තරුණ සමුළුවේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. 2011/2012 කාලය වන විට මෙරට දේශපාලකයන් විසින් ජාතිවාදය, ආගම්වාදය සමාජ පිළිලයක් ආකාරයෙන් වපුරද්දී තමා දේශපාලන ප්රවේශයක් ලබා ගත යුතුයැයි තීරණය කළ බව ඔහු එහිදී පැවසුවේ ය.

 

පළමු ඡන්දෙන් තමා වැඩිම මනාප දිනා පළමුවැනියා වන බව කියද්දී තම පැරණි නායකයා සිනාසුණු නමුත් පැවති දේශපාලන ක්රමය වෙනස් කිරීමේ අරමුණෙන් තරගකර සමස්ත බස්නාහිර පළාතේ වැඩිම ඡන්ද දිනා ගැනීමට තමන් සමත් වූ බව මන්ත්රීවරයා මෙහිදී සිහිපත් කළේය.

 

තමාට ප්‍රථමයා විය නොහැකි බව සිතු එජාප නායකයා තම ජයග්‍රණයෙන් පසු ආසනයක් ලබා දීමට සැරසෙද්දී තමා  කොලොන්නාව ආසනය ඉල්ලා ලබා ගත් හේතු ඔහු මෙලෙස පැහැදිලි කළේය.

 

WhatsApp Image 2024 08 05 at 14.37.43

 

තමා නියෝජනය කළ එජාපයට ඒ වන විට දිනාගැනීමට නොහැකිව තිබු කොලොන්නාව ජය ගැනීමේ අභියෝගය භාර ගැනීම එක් හේතුවකි. අනෙක වන්නේ කොළඹ දිස්ත්රික්කයේ පැවති දුෂ්කරම ආසනය වූ කොලොන්නාව සංවර්ධනය කිරීමේ අභියෝගය ජය ගැනීමයි. මීට වසර 10කට පෙර කොලොන්නාව ආසනය හා ලෝ ලෙවෙල් පාර පැවති ආකාරයද රැස්ව සිටි පිරිසට මන්ත්රීවරයා විසින් මෙනෙහි කර දුන්නේය. කොලොන්නාව ආසන සංවිධායක ධුරය භාර ගෙන ලෝ ලෙවෙල් මාර්ගය සංවර්ධන සැලසුම් ඉදිරිපත් කරද්දී තමාට බොහෝ දෙනා අවවාද කළේ  ලොකු වැඩකට අත නොගසා පොඩි පොඩි පාරවල් ගොඩක් සාදන ලෙසයි.

 

පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් මෙහිදී කියා සිටියේ තමා හඳුනාගෙන ඇති පරිදිඅඩු මුදලකට කොළඹ නගරාසන්නව වාසය කිරීමට වාර්ෂිකව මෙම ප්රදේශය වෙත පිට පළාත්වලින් පුද්ගලයන් සංක්රමණය වන බවයි. ඊට ප්රධානතම හේතුව කොලොන්නාව ආශ්රිත ඉඩම් මිල ඉතා අඩු අගයක එසේත් නැතිනම් නොවටිනා අගයක පැවතීමයි. තමාගේ දැඩි අධිෂ්ටනය වුයේ කොලොන්නාවේ භුමි වටිනාකම පර්චසයක් ලක්ෂ 50/60 වැනි අගයක් දක්වා ඉහළ නැංවීමයි. එම අසීරු අභියෝගය ජය ගැනීමට කුවේට් රාජ්යයේ අනුග්රහය ලබා ගැනීමටත්, අදාළ මිලියන 16,500ක ආයෝජනය තුළින් ලෝ ලෙවෙල් මාර්ගය සංවර්ධනයටත් කොලොන්නාව ආසනයේ සෑම බිම් කඩකම වටිනාකම ඉහළ නංවාලීමටත් තමා සමත් වූ බව මන්ත්රීවරයා කියා සිටියේය. අද වැල්ලම්පිටිය නගරය පසු කර යද්දී තමාට සතුටක් හා ආඩම්බරයක් දැනෙන්නේ වැල්ලම්පිටිය හරහා කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව සංවර්ධනය දැකීමෙන් බවයි මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ. නමුත් පාරවල් සංවර්ධනය වූ පමණින්ම කොලොන්නාව කිසි විටෙකත් කොළඹ දිස්ත්රික්කයේ දියුණුතම නගරය බවට පත් නොවන නමුත් ප්රධානතම අවශ්යතාවක් ලෙස තමා එය හඳුනාගෙන තිබුණු බව ඔහු කීවේ ය.

 

සමගි ජන බලවේගයේ මාධ්ය ප්රකාශක හා නියෝජ්ය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර්  වැඩිදුරටත් පැවසුවේ කැළණි ගං මිටියාවත දීර්ඝකාලීනව පිඩාවට පත් කරන ගංවතුර උවදුර පාලනය සඳහා ඉලක්කගත හා තාක්ෂණික වැඩපිළිවෙලක් තම යෝජනා මත ආරම්භ කෙරුණු බවයි.

 

2016 වසරේ කැළණි ගඟ ඉහළ ලක්ෂපාන ප්රදේශයට මිලිමීටර 180ක වර්ෂාපතනයක් ඇදහැළුණු විට කොලොන්නාව මහා ගංවතුරින් යට විය. පාසල් හා පුජනිය ස්ථාන ආශ්රිත සහන කඳවුරු පිහිටුවා, අහාරපාන බෙදා දී, අවතැන් වූ ජනතාව වෙත රුපියල් ලක්ෂ 23,000ක වන්දි ප්රදානය කරන්න සිදු විය. එම සිදුවීමෙන් පසු කොලොන්නාව හා කැළණි ගඟ ආශ්රිත ගංවතුර ප්රශ්නය නිමා කිරීමට තමා තීරණය කළ බවයි මන්ත්රීවරයා සඳහන් කළේ.

 

WhatsApp Image 2024 08 05 at 14.37.23

 

තමා විසින් යෝජනා කළ පරිදි රුපියල් ලක්ෂ 30,000ක වියදමින් කලු පාලම ජල පාලන දොරටුව, අඹතලේ, නාගලගම් විදිය හා ගොතටුව පොම්පාගාර පද්ධති මේ වන විටත් ඉදි කර අවසන්ව ඇත. අදාළ වැඩපිළිවෙලෙහි ප්රතිපලයක් ලෙස මේ වසරේ කැළණි ගං පෝෂක කලාපයට මිලිමීටර 450ක අධික වර්ෂාපතනයක් ඇදහැලෙද්දී කොලොන්නාව ප්රදේශයට බලපෑවේ සුළු ගංවතුර තත්වයක් පමණක් බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. තම ගංවතුර පාලන ව්‍යාපෘතිය අංගසම්පුර්ණ කිරීමට තවත් සුළු වැඩකොටසක් ඇති බවත් එය ඉතා නුදුරේදීම නිමා කිරීමට හැකියාව ලැබෙනු ඇති බවටත් ඔහු  විශ්වාසය පළ කළේය.

 

පසුගිය රජය සමයේ ආරම්භ කර අතරමග ඇණහිටී "කොළඹ දිස්ත්රික්කයේ දියුණුතම නගරය ලෙස කොලොන්නාව" ගොඩනැගීමේ තම යෝජනාවලිය පිලිබඳ සජබ කොලොන්නාව ආසන සංවිධායක, කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. මරික්කාර් විසින් පැමිණ සිටි තරුණ ප්රජාව හමුවේ  තවදුරටත් මෙලෙස විස්තර කරන ලදී.

 

කොළඹ දිස්ත්රික්කයේ නගරයක් නොපවතින මංසන්ධි පමණක් ඇති එකම ආසනය කොලොන්නාව ආසනයයි. අවම වශයෙන් මෙතැනට රැස්ව සිටින තරුණ තරුණියන් වෙනුවෙන් චිත්රපට ශාලාවක් හෝ රංග ශාලාවක් හෝ සම්මන්ත්රණ ශාලාවක් හෝ මේ නගරයේ ස්ථාපනය කර නොමැත. මෙම ආසනයේ ඇතැම් ගම් "නව නගරය" ලෙස හැඳින්වුවත් බහුතරයක් ඇත්තේ "හන්දි" බව ඔහු පැවසුවේ උදාහරණ රැසක් දක්වමිනි.

 

කොලොන්නාව ආසනය තුළ පාසල් 20ක් ස්ථාපිත වුවත් නිසි අධ්‍යාපන පහසුකම් සහිත පිරිමි පාසලක් ඇත්තේ නැත. ජිවත් වීමට සුදුසු පරිදි සුන්දර හා දියුණු කොලොන්නාව නිර්මාණය කිරීමේ එස්. එම්. මරික්කාර් ගේ සැලසුම ප්රකාරව කොටිකාවත්ත රාජසිංහ විද්යාලය, සේදවත්ත සිද්ධාර්ථ විද්යාලය, මුල්ලේරියාව රාහුල විද්යාලය සහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර විද්යාලය ජාතික පාසල් මට්ටමට නගා සිටුවීමට නියමිතයි. හරිත නගර සංකල්පයෙන් ගොඩනැගෙන මීතොටමුල්ල ප්‍රදේශයේ, කොළඹ ඩී. එස්. සේනානායක විද්යාලය හා සමාන ත්රෛ භාෂා මාධ්ය පාසලක් පිහිටුවීමට නියමිතයි. ත්‍රීරෝද රථය පදවන පියෙකුගේ පුතු.., විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන තත්වයක්, ස්වයං රැකියාවක නියුතු මවගේ දියණිය..., රජයේ විධායක ශ්‍රේණියේ රැකියා නියුක්තිය හිමිවන සංස්කෘතියක් තම දේශපාලනයේ බලාපොරොත්තුවක් බවයි ඔහු කියා සිටියේ. සමාජයේ ප්රචලිත පරිදි කොලොන්නාව මැතිවරණ බලප්රදේශයේ ක්රීඩා හැකියාවන් ඇගයීමටත්, ජව අධික තරුණ සිත් ක්රීඩාවට යොමු කිරීමත් ඉලක්කගතව උමගිලිය ජාතික ක්රීඩාංගණ යෝජනාව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා ඉදිරිරිපත් කර තිබුනේ 2019 වසරේදීයි. කොලොන්නාව ක්‍රීඩා සමාජය මගින් ජාතික තලයේ ක්‍රීඩකයන් පුහුණු කිරීමට යෝජිතයි.

 

එස්. එම්. මරික්කාර් සිරස මාධ්‍ය ජාලයේ කටයුතු කරන සමයේ පටන් ජාතික තලයේ ක්‍රිකට් තරු හඳුන්වා දුන් අත්දැකීම්ද කොළොන්නාවේ තරුණ තරුණියන් සමග බෙදා ගත්තේය. ටෙනිස් බෝලයෙන් ක්රිකට් ගහන දක්ෂයන් සොයන වැඩසටහන එදා ක්රිකට් ආයතනයේ උදහසට ලක් වුවද, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිල නියෝජනය කරපු ක්රීඩකයන් බිහි කිරීම ඔහු  සිහිපත් කළේය. දීපව්යාප්ත තරගාවලි අතරතුර ලබා දුන් පුහුණුවත්. පැයට කිලෝ මීටර 140 පරයා පන්දු යවන්නන් චම්පක රාමනායක හා අනුෂ සමරනායක යන මහත්වරුන් වෙතින් ලබා දුන් විශේෂ පුහුණුවත් මගින් සාමාන්ය සමාජයේ සිටින අසාමාන්ය දක්ෂයින් කල එළි දුටුවේ ඔහු  සිරස මාධ්‍ය ජාලයේ කටයුතු කරන සමයේයි.

 

තමන් කැපිටල් මහරාජා සමාගමේ රැකියාවට බැඳුණේ සිය පියාට හොරෙන් බව මරික්කාර් මන්ත්රීවරයා සිය අත්දැකීම් අවදි කළේ මෙලෙසිනි.

 

සිය පියා අධ්යාපන අධ්යක්ෂවරයෙකු බවත් පියාගේ අවශ්යතාව වුයේ තමන් ද රාජ්ය සේවයට එක් කර ගැනීම බව මන්ත්රීවරයා පැවසිය. රුපියල් දස දහසේ වැටුපකට, පියාගෙන්ද ඇත්ව කටයුතු කළේ ඉලක්කයක් ඇතිව බව මරික්කාර් මන්ත්‍රීවරයා සඳහන් කළේය  සිරස මාධ්ය ජාලයේ ප්රධානියා ලෙස කටයුතු කරමින් සිට  දේශපාලන ප්රවේශය තබන මොහොතේ ශ්රී ලංකාවේ වැඩිම වැටුප හිමි මාධ්යවේදියා තමන් බවද ඔහු  පැවසිය. රැකියාව ඇරඹු දින පටන් අපේක්ෂා කළ කැපිටල් මහරාජා ව්යාපාර සමුහයේ එක් නිලධාරියෙකු වෙනුවෙන් පිරිනැමෙන යාවජීව සම්මානය සිරස මාධ්යවේදියෙකු ලෙස තමා දිනාගන්නේ එම සම්මානය දිනු වයසින් අඩුම නිලධාරියා ලෙස අදටත් නොබිඳුණු වාර්තාවක්ද තබමිනි.

 

කොලොන්නාව බලප්රදේශයේ අනාගත සැලසුම එලි දැක්වූ My Future - තරුණ සමුළුව සඳහා ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස්, ඔගිල්වි ප්රචාරණ මාධ්ය සමුහයේ කළමනාකාර අධ්යක්ෂ ලලිත් සුමනසිරි, මනෝවිද්යාඥ අසංක විජේරත්න, ගායන ශිල්පී දිමංක වෙල්ලාලගේ සහ ගායන  ශිල්පී නිලාන් හෙට්ටිආරච්චි යන අයද එක්ව සිටියහ.

 

WhatsApp Image 2024 08 05 at 14.37.15WhatsApp Image 2024 08 05 at 14.37.16WhatsApp Image 2024 08 05 at 14.37.41

@පබසර රෝහණ

මාධ්‍ය ලේකම්

නවතම ලිපි