SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර  මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ඔවුන්ගේ සන්දානය වූ

සර්ව ජන බලයෙහි 2024 ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කිරීමෙන් පසු බොහෝ දෙනා අතර කියැවුනේ දිලිත් ජයවීරගේ පැමිණීම නිසා යම් යම් අයගේ ඡන්ද කැඩීමක් සිදුවෙන බවත්, එමගින් තවත් අයෙකුට වාසියක් සැළසෙන බවකුත් ය.

 

ඒ පිළිබඳව පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර අදහස් දැක්වූයේ මෙසේ ය.

 

"රාජපක්ෂ දේශපාලනය අවසන් විය යුතුයි කියල මම විශ්වාස කරනවා. මම හිතන්නෙ නැහැ ලංකාවේ ප්‍රගමනයට ඒ දේශපාලනය කිසිසේත්ම හේතුවෙයි කියල.

 

අනික් පැත්තෙන් සජබය ගැන මට කිසිම විශ්වාසයක්නැහැ. මම දකින්නෙ නැහැ ඔවුන්ට නිර්ව්‍යාජ, ඔවුන්ගේම ප්‍රතපත්තිගරුක සහ රටට උපායමාර්ගික වැඩපිළිවෙලක් මොකක්හරි ප්‍රවේශයක් තියෙන එකක් හැටියට. ඔවුනුත් සම්ප්‍රධායිකව කොහොම හරි බලය ලබාගන්න සහ ඒවටා බලය වෙනුවෙන් රොක්වන පිරිසක් විතරයි කිසිම වැඩපිළිවෙලක් එතැන දකින්නෙ නැහැ මම.

 

ඒවගේම වර්තමාන ජනාධිපතිවරයා සහ ඒවටා එක්වන පුද්ගලයනුත් මම විශ්වාස කරන්නෙ නැහැ, කිසියම් දර්ශනයක් හෝ මිනිස්සු වෙනුවෙන් එකතුවෙන වැඩ පිළිවෙලක් වෙනුවෙන් එකතුවෙනව කියල. එහෙම ගතිලක්ෂනයක් ඒකෙ නැහැ. ඔක්කොම එකතුවෙලා ලොක්කව ගොඩදාගෙන, තමනුත් එයින් ගොඩයන්න බලාගෙන ඉන්න පිරිසක් තමයි මම දකින්නෙ. මම හිතනවා ලංකාවේ ජනතාවටත් ඒක එහෙමමයි පේන්නෙ.

 

යම් හේතුවකින් කෙනෙක් හිතනවානම් මම මේ අනුර කුමාර වෙනුවෙන් අනික් අයගෙ ඡන්ද කඩනව කියල ඒක ගැන කියන්නට ඔින, මම විශ්වාස කරන්නෙම නැති තවත් පුද්ගලයෙක් තමයි අනුර කුමාර දිසානායක කියන්නෙ. අනුර ුමාර කියන්නෙ ඉතාම ව්‍යාජ දේශපාලනයක යෙදෙන ලංකාවේ ඉතාම අහිංසක දේශපාලන පංතියක් නියෝජනය කරන මිනිස්සුන්ගෙ සිහින ඉතාම බාල විදිහට අලෙවිකරණ ව්‍යාජ පුද්ගලයෙක්.

 

ඒනිසා මට කව්රුත් වෙනුවෙන් ඡන්ද කඩන්න උවමනාවකුත් නෑ, ඒ=හෙම කියන ඔින කෙනෙකුගෙන් මට අහන්න තියෙන්නෙ කව්රු වෙනුවෙන්ද කියලයි".

නවතම ලිපි