SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහාවංශයේ එන බුද්ධකාලීන වංග දේශය ආශ්‍රිතව නූතන බංගලාදේශය පිහිටා තිබේ. (වංග පසුව බංග වේ.)

බංගලියන් යනු සිංහලයාගේ අතීත නෑදෑයන්ය. පෙනුමෙන් පමණක් නොව සමාන මෝඩ චර්යාවෙන්ද එය පැහැදිලිය.

 

“බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව” යන චිත්‍රපට ගී ඛණ්ඩය මා කුඩා කල ප්‍රසිද්ධව තිබිණි. ඇන්ජලින් ගුණතිලක ගයන එම ගීතය කන්කළුය. බංගලියන් කතා කරන්නේ බෙංගාලි භාෂාවය. ලංකාවේ ජාතික ගීයේ තනුව සහ මුල් පද ලියූ රවි(බි)න්ද්‍රනාත් තාගෝර් මහා බෙංගාලි කවියාය.

 

begam

 

බංගලාදේශයට වරක් මා ගොස් තිබේ. ගංගා නම් නදිය බෙංගාල බොක්කට වැටෙන තැනිතලා ඩෙල්ටාවේ පිහිටා ඇති එම රාජ්‍යය වනාහී තෙත බරිත මහා හිස් ගොඩක් සහිත කලබලකාරී රටකි. බෙංගාල බොක්කේ අවපීඩන කලාපයක් හැදෙන විට එය සුළි කුණාටුවක් වී ලංකාවට ඇතුළු වී අප තෙමයි.

 

අද බංගලාදේශය හමුදා පාලනයට නතුව තිබේ. පාකිස්තානයේ මෙන් තව බොහෝ කාලයකට බංගලාවේ ප්‍රජාතන්ත්‍රය අහිමි වනු ඇත. ආර්ථික වර්ධනයෙන් වේගවත්ම රටක් වන බංග්ලාදේශය 2022 වසරේ ලංකාවේ ආර්ථික අර්බුදය අවස්ථාවේ අපට පිහිටට ආවේ විදේශ විනිමය ආධාර ලබා දෙමිනි. ආර්ථික අර්බුදයක් නොතිබීත් බංගලාවේ සාහසික අරගලයක් නිර්මාණය කෙරිණි.

 

බංගලි අරගලකරුවන්ට එරට හමුදාව වෙඩි තිබ්බේය. සිය ගණනක් අරගලකරුවන් මිය ගියේය. ඉන් සිදු වූයේ එම අරගලය උත්සන්න වී වසර 15 ක් අගමැතිකම් කළ “අයෝමය කාන්තා” රාජ්‍ය නායිකාවට ධූරයෙන් ඉවත් වීමටය. ලංකාවේ අරගලකරුවන්ට වෙඩි තිබ්බේ නැත. වෙඩි නොතබා රාජ්‍ය නායකයා සාමකාමීව නික්මිණි. ඉන් හමුදා පාලනය වැළකිණි. ප්‍රජාතන්ත්‍රය සුරැකිණි. අරගලය විහිළුවක් විණි. පළමු අරගලකරුවා විසින් සිය දිවි නසා ගැනිණි.

 

චින්ටා

 ගෝල්ෆේස් අරගලයේ චින්තනය

 

ෂෙයික් හසීනාට අනිවාර්යෙන් මානව අයිතිවාසිකම් කඩ කිරීමට එරෙහිව නඩු පවරනු ඇත. බොහෝ විට ඇය හිස් ගැසුම් කනු ඇත. නොඑසේ නම් ජීවිතාන්තය දක්වා සිරබත් කනු ඇත. ඇය හෝ ඇයගේ පරම්පරාවේ කිසිවෙකුට නැවත බංගලාදේශයේ දේශපාලනය තබා පෙට්ටි කඩයක්වත් කිරීමට නොහැකි වනු ඇත. ලංකාවේ හිටපු රාජ්‍ය නායකයාගෙන් ඇය පාඩමක් උගත යුතුව තිබිණි. අවිහිංසාවාදීව නික්ම ගියා නම් ලංකාවේ මෙන් අරගලය පරාජයට පත් වනු ඇත.

 

නමුත් ඇය උගත්තේ අනුප්‍රාප්තික ජනපතිගේ වැරදි දුරාදර්ශයයි. අරගලය නින්දිත ලෙස පරාජය වුවත් ලංකාවේ සැබෑ අරගලකරුවා ඉන්නේ රනිල් සමග බද්ධ වෛරයෙන්ය. ඔවුන් ඒ පළිය ඡන්දයෙන් ගනු ඇත. මා ප්‍රාර්ථනා කරන්නේ අරගලය පාවා දී රනිල් ළඟට ගිය පිරිසට ඔවුන්ගෙන් අනතුරක් නොවේවා! කියාය. “අරගලකරුවන්ට පහර දුන් රනිල් දිනවමු” යන සටන් පාඨය රනිල්ට පමණක් නොව රනිල්ට එකතු වූ පොහොට්ටුවන්ගේත් ශරීර සෞඛ්‍යයට අහිතකරය. දේශපාලන බලය තාවකාලිකය. ඒ කාලය තුළ ජනතාවට ගුටි දෙන්නට නොයා යුතුය. වෙඩි තියන්නට හිතන්නවත් නරකය. සාමාන්‍ය පෙළවත් නැති ඇමතිවරුන්ගේ මෝඩ චූන්වලින් රනිල් ප්‍රවේශම් විය යුතුය.

 

WhatsApp Image 2024 08 06 at 10.44.10

බංග්ලාදේශයේ අරගලයේ චින්තනය

 

කෙතරම් ආර්ථික වර්ධනයක් තිබුණත් රටක මිනිස් සමාජය පොදුවේ නූගත් නම්, අධාර්මික නම්, සාහසික නම් එම රාජ්‍යයට සීමාවකින් එහාට දියුණු විය නොහැකිය. එම සමාජයේ මුග්ධභාවය විසින්ම එම සමාජය විනාශ කර ගනී. එබැවින් කිසිදු මිනිස් සමාජයක් එහි තරමට වඩා දියුණු කිරීමට නොයා යුතුය. ආර්ථිකය දියුණු කිරීමෙන් සමාජයක් දියුණු කළ නොහැකිය. සමාජය දියුණු කිරීමෙන්ම පමණක් ආර්ථික දියුණුවක් ලද හැකිය. ලංකාව වැනි සමාජයක් දියුණු කළ හැකි යැයි මා සිතන්නේ නැත. ධර්මය ඔබට මග වේවා!

 

 

@එරන්ද ගිනිගේ

2024 අගෝස්තු 5

නවතම ලිපි