SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනපති යළිත් මහින්ද හමුවෙලා!

පක්ෂයක් නැති රනිල් ලඟ පොහොට්ටු මන්ත්‍රීලාට මොකද වෙන්නෙ?

ලංසාගේ පෙරමුණ ක්‍රියාත්මක වෙයි.

 

සැණකෙළියේ පළමු සංදර්ශනය අවසන් වූ බව බොහෝ දෙනකු සිතා සිටියද ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ කොළඹ 07 ප්‍රකට ව්‍යාපාරිකයකුගේ නිවෙසේදී ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  අතර සිදුවූ සාකච්ඡාව තීරණාත්මක එකක් ව ඇත.


බ්‍රහස්පතින්දා රාත්‍රියේ සාකච්ඡාව ඇරඹියේ රාත්‍රී 7.30 ට පමණ බවත්, සාකච්ඡාව පිළිබඳ ලැබෙන අභ්‍යන්තර ආරංචි අනුව සිදුවීම් පෙළ ගැසී ඇත්තේ පහත පරිදි බවත් හෙළිවේ.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට සාකච්ඡාව සඳහා ආරාධනා ලැබී තිබුණ ද ඔහු පැමිණ නැත. ඒ අනුව මහින්ද රාජපක්ෂ සමඟ ඔහුගේ ලේකම් ගාමිණී සෙනරත් සාකච්ඡාවට එක්ව ඇත.

 

මහින්ද - “ඇයි ඔබතුමා මාව හම්බවෙන්න ඕනෑ කියලා කිව්වේ”

මහින්ද රාජපක්ෂ කතාව පටන් ගෙන තියෙන්නේ එහෙම.

 

රනිල් - “මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිසා අවසාන වතාවටත් ඔබතුමාලගේ සහයෝගය ඉල්ලා සිටින්න තමයි නැවත හමුවෙන්න ආවේ.”

 

මහින්ද - “මේක මගේ තීරණයක්, පෞද්ගලික තීන්දුවක් නෙවෙයි, පක්ෂය ගත්ත තීරණයක්නෙ. ඒ තීන්දුව මට වෙනස් කරන්න අමාරුයි.”


රනිල් - “එතකොට දැන් ඔබතුමාලා කාවද ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නෙ.”

 

මහින්ද - “ඒක ඉතිං දැනටම දන්නවනේ? අපේ අපේක්ෂකයා ධම්මික පෙරේරා.

 

රනිල්  - “ධම්මික පෙරේරා මහත්මයාව මමත් දන්නවා. එයා එන එක ගැටලුවක් නෑ. මට මන්ත්‍රීවරු කිව්වා අවසාන වතාවටත් ඔබතුමාව හම්බවෙලා නැවතත් මේ ගැන සාකච්ඡා කරන්න කියලා.”

 

රනිල් -  “මාත් එක්ක ආපු පිරිසට මොකද වෙන්නේ? දැන් ඔබතුමාලා ඒ අයට විරුද්ධව විනය පියවර ගන්නවද?”

 

මහින්ද - “ඒ ගැන හොයල බලන්න ඔින..මේකෙන් පස්සෙ මහ මැතිවරණය එනව නේ. ගියපු ඈයොන් මොකෙන්ද ඉල්ලන්නෙ? ඒවත් ඒ අය හිතන්න ඔින නේ”

 

මේ අනුව සාකච්ඡාවේ අවසන් අදියර වෙන් වී ඇත්තේ ජනපති මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර වර්තමාන දේශපාලන තත්ත්වය සහ පළාත්වල ඡන්දය භාවිත වන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට යැයි කියැවේ.

 

එහිදී කුලමල ආගම් ලෙස ඡන්ද බෙදී යාම පිළිබඳව සහ විවිධ ආසනවල පවතින ගැටලු සහ තත්ත්වයන් පිළිබඳව මෙහිදී ඔවුන් දෙදෙනා සාකච්ඡා කොට ඇත. කෙසේ වුවද පොහොට්ටුවෙන් ඉවත් වුනු පිරිසගේ ඉදිරි මහ මැතිවරණයේදී විය හැකි ඉරණමට අදාළව මෙම සාකච්ඡාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර දී නැත.

 

පොහොට්ටුව රනිල්ගෙන් ඉවත් උනේ ඇයි?

 

පොහොට්ටුවේ ප්‍රභල පාක්ෂිකයෙක් ඒ ගැන කියා තිබුණේ මේ විදිහට.

 

රනිල්ට සහාය නොදුන් හේතු

 

1. මේ ජනාධිපතිවරණයේදී කාටවත් 50% +1 ගන්න ලැබෙන්නේ නැහැ. එතකොට දිනන්නේ දෙවන තුන්වන මානප සහිතව වැඩිම ඡන්ද ගන්න කෙනා. ලංකාවේ මිනිස්සු මනාප දෙනවා හොරයි. ඒ නිසා වැඩිපුර ගන්න කෙනාම කොහොමත් දිනනවා.

2. රනිල්ට අවුරුදු 2 ක් අපි පූර්ණ සහාය දුන්නා. නමුත් ඔහුට 7% න් උඩට එන්න බැරි වුණා. අඩුම ගානේ එයාගේ පක්ෂයේ හිටිය සජබ අයවත් ආවේ නැහැ. ඒ කියන්නේ එයාට ජනතා සහාය නැහැ.

3. එතකොට පොහොට්ටුව මේ වෙලාවේ රනිල්ට සහාය දුන්නොත්, අපේ 20% ඡන්ද පදනම (base එක) දෙකට කැඩෙනවා. කොටසක් රනිල්ට දෙනවා. කොටසක් අනුරට දෙනවා සහ කාටවත් නොදී ඉන්නවා.

4. එතකොට අනුරට වාසියි. දිනන්නත් පුළුවන්. ඒක රටට අහිතකරයි.

5. ඒ වගේම අපේ ඡන්ද base එක අඩු වෙනවා. ඒකෙන් ඊළඟ මහමැතිවරණයට අපිට අවාසියි.

6. අපේ අපේක්ෂකයෙක් දැම්මොත් අපේ base එක කැඩෙන්නේ නැහැ. අපි දාන අපේක්ෂකයාට 15% ක් අමතර ඡන්ද ගේන්න පුළුවන්. එතකොට අපිට දිනන්න පුළුවන්.

7. රනිල්ට සහාය දීලා කොහොම හරි දිනුවා කියලා හිතමු. එතකොට පොහොට්ටුවට මොනවද ලැබෙන්නේ? පහුගිය අවුරුදු දෙකේ සහාය දීලත් පක්ෂය ඉල්ලූ කිසිදෙයක් දුන්නේ නැහැ. අපේ සභාපතිවරු, අධ්‍යක්ෂවරු, තානාපතිවරු ඔක්කොම ඉවත් කරලා එයාගේ පරණ UNP කාරයෝ දාගත්තා. එහෙනම් දිනුවට පස්සේ අපිට මුකුත් දෙන්නේත් නැහැ. ගමට එන ප්‍රතිපාදන ඔක්කොම දෙන්නේ UNP අයට. පළාත් සභා ඡන්දෙ තියන්නේ නැහැ. පුංචි ඡන්දෙ තියන්නේ නැහැ. තිබ්බත් පොහොට්ටුවට දෙන්නේ ආසන 1/3 හෝ ඊට අඩු ගණනක්. එතකොට මන්ත්‍රීවරු 10 දෙනෙක් ඉන්න තැනක 3 දෙනාටයි ලැබෙන්නේ. අනෙක් ඒවා එජාප, ලංසාගේ පක්ෂය, ශ්‍රීලනිප පක්ෂවලට යනවා. කැමතිද?

8. මේ තමයි ඉලක්කම් කතාව. මේකට අමතරව මිනිස්සු දේශපාලනය කරන්න ඕනා කිසියම් ප්‍රතිපත්තියක් ඇතුව. මහින්ද රාජපක්ෂට ඔක්කොම කරන්න පුළුවන් වුණේ එතුමා වාමාංශික දේශපාලනයේ ජාතික චින්තනයේ හිටිය නිසා. රනිල් අපේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි. දැනටමත් රාජ්‍ය සම්පත් විශාල ගණනක් විකුණන්න සැලසුම් හදලා ඉවරයි. උතුරට 13 දෙනවා. බෞද්ධ උරුමයන් ආරක්ෂා කරන්නේ නැහැ. අපි සහාය දීලා ඕවා වුණාම රටේ මිනිස්සු අපිට සාප කරනවා. කැමතිද?

9. අදටත් මිනිස්සු ඉන්නේ දැඩි ආර්ථික පීඩනයෙන්. හතර අතේ ණය වෙලා. එයට හේතුව රනිල්ගේ බදු. බදු ගැහුවට ආර්ථිකය හැදෙන්නේ නැහැ. රනිල්ට ආර්ථිකය හදන්න වැඩපිළිවෙලක් නැහැ. එයා කරන්නේ IMF එක කියන එක. 2022 අර්බුදය හැදුවෙත් එයා යහපාලනය කාලේ ණය අරගෙන මහබැංකුව මංකොල්ල කාලා.  මෙහෙම ගියොත් ඊටත් වඩා දරුණු ආර්ථික අර්බුදයක් එනවා 2027 දී. කැමතිද?

10. එහෙනම් අපි ගේන්න ඕනා රටේ ආර්ථිකය හදන්න පුළුවන් මිනිහෙක්. රටට ඩොලර් ගේන්න පුළුවන් මිනිහෙක්. සල්ලි හොයන හැටි දන්න මිනිහෙක්. ඒ වගේම අපේ පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන කෙනෙක්. ඒ වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ශක්තියක් දෙන්න පුළුවන් කෙනෙක්. අපේ අපේක්ෂකයා හැටියට අපි තෝරා ගත්තේ එයට සුදුසුම කෙනා.

 

රනිල් වික්‍රමසිංහ ප්‍රචණ්ඩත්වයට පත් අරගලකරුවන්ගෙන් පාර්ලිමේන්තුවත් ප්‍රභූ දේශපාලනයත්   ආරක්ෂා කර  තෙල්, ගෑස්, ඖෂධ පෝලිම් නැති කලා.. හා නැද්ද?

 

පෝලිම් නැති කළේ රනිල්ද?

නැහැ. බැසිල් ගිහිල්ලා ඉන්දියාවෙන් සහ ලෝක බැංකුවෙන් ගත්ත ආධාරවලින් තෙල් නැව් සහ වෙනත් භාණ්ඩ ඇවිල්ලා තිබුණේ. රනිල් අලුතෙන් මුකුත් ගෙනාවේ නැහැ.

 

ආරක්ෂාව හැදුවේ රනිල්ද?

නැහැ. රනිල් හිටියේ අරගලය පැත්තේ. UNP එක තමයි මුල්ම ටෙන්ට් ගැහුවේ. එයා අරගල කරන එක නවත්තුවම අරගලය නැවතුණා. එච්චරයි. ගෝල්ෆේස් එකේ අරගල කරපු උන් ඔක්කොම අද රනිල් ගාව වැඩ.

 

එහෙනම් ඇයි 2022 රනිල්ව ජනාධිපති කළේ?

ඒ වෙලාවේ අරගලය නවත්වන්න තිබුණු එකම ක්‍රමය ඒකයි. එතනදීත් අපි එකඟ වුණේ කාරණා දෙකක් සඳහා පමණයි. එකක් ආර්ථික ස්ථාවරත්වය. අනෙක ආරක්ෂාව. ඒ ඇරෙන්න වෙන දෙයකට අපි එකඟ වුණේ නැහැ. එහෙම සහාය දීලත් රනිල් කළේ අපේ පක්ෂය කඩපු එක. ඒ නිසා තවදුරටත් රනිල්ට සහාය දෙන්න බැහැ.

 

පොහොට්ටුවට මොකද වෙන්නේ?

 

මේ සියල්ලටම වඩා වැදගත් කාරණයක් තිබෙනවා. ඒ තමයි 2015 සිරිසේන දිනලා මහින්දගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තට පස්සේ මහින්ද ළඟට ආවේ ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු. සිරිසේන පක්ෂය රනිල් ගාවට ගෙනියන්න හැදුවා. මිනිස්සු විරුද්ධ වුණා. ඒ මිනිස්සු තමයි පොහොට්ටුව හැදුවේ.

නමුත් දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් සජිත්ට ගියා. ඉතුරු කොටස රනිල්ට ගියා. සජිත් සහ රනිල් කියන්නේ UNP කඳවුර. දෙන්නම UNP.

එතකොට බණ්ඩාරනායකලා හදපු වමේ කඳවුරට ඉතුරු වෙලා තියෙන්නේ පොහොට්ටුව විතරයි. ඔය ගිය ඇමතිවරු හදන්නේ ඒකත් රනිල්ට පාවලා දෙන්න. උන්ට ඔළුවක් නැහැ මේක තේරුම් ගන්න.

 

එතකොට මේ වමේ දේශපාලන කඳවුරට මොකද වෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා ආව පොහොට්ටුවේ මනුස්සයට මොකද වෙන්නේ?

 

එතකොට මේ රටේ ප්‍රධාන වමේ බලවේගය බවට පත් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. පොහොට්ටුව විතරක් නොවෙයි, මුළු දේශපාලන කඳවුරම ඉවරයි. ඒකට කැමතිද?

 

@දිසාලා

නවතම ලිපි