SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පැරිස් ඔලිම්පික් උලෙළේ කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටය යටතේ

ඉතාලියේ ඇන්ජලා කරීනි සහ ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් අතර පැවති තරගයට බොහෝ දෙනෙක්ගේ අවධානය යොමුව තිබුණි.

 

ඒ ජීව විද්‍යාත්මකව පිරිමි පුද්ගලයෙක් ලෙස හැඳින්වෙන ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් මෙම ඉසව්වට සහභාගි වීම හේතුවෙනි.

 

ඉමාන් කලීෆ් සමඟ ඇන්ජලා කරීනි අතර එම තරගය පැවැත්වුණේ තත්ත්පර 46ක් වැනි කෙටි කාලයක් පමණයි.

ඇන්ජලා කරීනි තරගය පැවති තත්පර 46 තුළ ඉමාන් කලීෆ්ගේ දැඩි ප්‍රහාරයට ලක්විය.

එම ප්‍රහාරය හේතුවෙන් කරීනි තරගයෙන් ඉවත්වන බව විනිසුරුවරයාට දැන්විය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය හිමිවූයේ ඉමාන් කලීෆ්ටය.

එහිදී කරිනි බොක්සිං වළල්ලේදීම හඬාවැටීම බොහෝදෙනාගේ අවදානයට ලක්විය. 

රගයෙන් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ඉමාන් කලීෆ්,

"මගේ බොක්සිං දිවිය තුළ මම කවදාවත් ඒ වගේ පහරවල්වලට මුහුණ දීලා නෑ. මේ සිදුවීම ඔලිම්පික් විනිසුරු මඩුල්ලට භාරයි."

 

ඉමාන් කලීෆ් කාන්තාවක් ලෙස උපත ලැබුවත් ජාන පිහිටීමේ ස්වභාවය සහ රුධිරයේ ටෙස්ටෙස්ටරෝන් ප්‍රතිශතය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඇයව හැඳින්වූයේ ජීව විද්‍යාත්මකව පිරිමි පුද්ගලයෙක් ලෙසය.

 

ඇය 2021 ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී කාන්තා බොක්සිං ඉසව්වෙන් තරගවැදි අතර ඇයට එහිදී පරාජයට පත්වීමට සිදුවිය. 

 

නමුත් ඇල්ජීරියාවේ ඉමාන් කලීෆ් මෙන්ම තායිවානයේ ලින් වයිටින් යන ක්‍රීඩිකාවන් දෙදෙනා ගිය වසරේ පැවති කාන්තා ලෝක ශූරතා බොක්සිං තරගාවලියෙන් ඉවත් කෙරුණේ ඔවුන්ගේ රුධිරයේ පවතින ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණය සාමාන්‍ය කාන්තාවකගේ පවතින ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණයට වඩා ඉහළ බව පවසමිනි.

එහිදී ලෝක බොක්සිං සම්මේලනය සඳහන් කර තිබුණේ ඉමාන් කලීෆ් සහ ලින් වයිටින් කාන්තාවන් සමග ක්‍රීඩා කිරීමෙන් කාන්තාවන්ට අසාධාරණයක් සිදුවන බවය.

 

කෙසේ වෙතත් පරිපාලනමය සහ මූල්‍යමය ගැටලු හේතුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සාමාජිකත්වය ගිය වසරේ අහෝසි කිරීමත් සමග මෙවර ඔලිම්පික් උලළේ බොක්සිං ක්‍රීඩාවට අදාළ නිර්ණායකයන් සකස් කර තිබුණේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින්මය.

 

ඇතැම් ක්‍රීඩා ඉසව් සඳහා කාන්තාවන්ගේ ටෙස්ටෙස්ටරෝන් ප්‍රතිශතය පරීක්ෂා කිරීම පිළිබඳ නීති අලුත් කර තිබුණත්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාට මෙවර පැරිස් ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීමට අවසර ලබාදී ඇත්තේ 2021 ටෝකියෝ ඔලිම්පික් උලෙළේ නිර්ණායක යොදාගනිමින් කළ පරීක්ෂණවලින් අනතුරුවය.

 

මෙම බොක්සිං තරගය සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධ අදහස් පළකරමින් සිටියි.

 

එක් පාර්ශවයක් කලීෆ් කාන්තා අංශය නියෝජනය කිරීම විවේචනය කරන අතර තවත් පිරිසක් පවසන්නේ, කාන්තාවක් ලෙස ඉපදී ඇති ඇය තරග කළ යුත්තේ කාන්තා අංශයෙන් බවය.

 

සංවාදයට විවෘතයි

@adaderana

නවතම ලිපි