SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමානයේ පොදුජන පෙරමුණේ සමීපතම ක්‍රියාකරුවෙකු වන,

ගෝඨාභට රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක් වූ, Social Enterprise Lanka හි නිර්මාතෘ සමාජ ව්‍යවසායක එරන්ද ගිනිගේ වර්තමාන දේශපාලන තත්වයන් පිළිබඳව දිනපතා දේශපාලන විග්‍රහයක නිරතව ඇත.

 

මේ ඔහු විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසු සිදුවන ක්‍රියාදාමයන් ගැන කරනු ලබන හෙළිදරව් කිරීමකි.

 

රනිල්ට දෙන්න හේතු 5 ක්

 

එජාප නායකයාට අන්තිමට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඇප තැන්පත් කරන්න සිද්ධ වුණා. ඔහු දැන් රටේ සියලුම පක්ෂවලින් සහාය ඉල්ලා ලියුම් කඩදහි එවලා. ඒ අනුව රනිල්ට සහාය දීම සඳහා හේතු මොනවාද කියා අපි සලකා බලමු.

 

1. ප්‍රේමදාසගෙන් පළි ගැනීම

එජාප කඳවුර ඇතුළේ ප්‍රේමදාසට වෛර කරන පිරිසක් ඉන්නවා. ඒක එන්නේ ජේ.ආර්. ජයවර්ධන - ආර්. ප්‍රේමදාස ආරවුලේ ඉඳලා. සේනානායකගේ ඉඳලා එජාපයේ බලය තිබුණේ කොළඹ ධනපති ප්‍රභූන්ට. සේනානායක මලේ ගෝල්ෆේස් එකේ අස්සයා පිටේ ජොලි කරන්න ගිහිල්ලා බිමට පත බෑවිලා. ඒවා තමයි “ප්‍රභූ මරණ”. නමුත් ප්‍රේමදාස කියන්නේ කුලහීන නිර්ධනයෙක්. ඒ නිසා එජාපයේ බාගෙට බාගයක් ප්‍රේමදාසට අකමැතියි.

 

ප්‍රභූන් පමණක් නොවෙයි. ප්‍රභූවාදයෙන් මත් වුණු නිර්ප්‍රභූන්ට පවා ප්‍රේමදාසගේ පුතාව අප්‍රියයි. තමන්ගේ පන්තියේ එකෙක් රජ පුටුවට යනවට ඔවුන් ඊර්ෂයයි. සජිත්ට “බූරු පුතා” කියන නම දැම්මේ ඔවුන් මිසක් අප නොවෙයි. සජිත් එජාපය කඩා ගෙන ගියාට පළිය ගන්න කැමති අයට රනිල්ට සහාය දෙන්න පුළුවන්.

 

2. රටේ සම්පත් ටික විකුණා දැමීම

එදා ඉඳලා අද වෙනකල් රටේ සම්පත් කුණු කොල්ලයට විකුණන් කෑව රනිල්ට ඉතුරු සම්පත් ටිකත් විකුණන්න අවස්ථාව දීමට කැමති අයට මේක හොඳ අවස්ථාවක්. විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යාපාර අකාර්යක්ෂමව පවත්වා ගෙන යන රාජ්‍ය සේවකයන්ගේ රස්සා නැති කරලා ෂොට් එක දෙන්න මේක සුපිරි අවස්ථාවක්. හම්බන්තොට වරාය චීනට විකිණූ ආකාරයට රටේ සම්පත් රාශියක් විදේශිකයන්ට විකුණන්න සැලසුම් සකස් කර අවසානයි. ඒවා කිසිදු විනිවිද භාවයකින් කළ විධිමත් ගනුදෙනු නොවෙයි.

 

නමුත් ඒවා විකුණලා හරි කමක් නැහැ කන්න බොන්න දෙනවා නම් ඒ ඇති කියා සිතන සියලු දෙනාටම රනිල්ට සහාය දෙන්න පුළුවන්.

 

3. අනුර කුමාර ආරක්ෂා කර ගැනීම

ජවිපෙ සහ එජාපය අතර තිබෙන ඓතිහාසික සම්භෝගය ගැන දේශපාලනය දන්න අය දන්නවා. ජවිපෙ කියන්නේ එජාපයේ සුනඛ ධේනුව. විජේවීර තමයි ජේආර්ට ඡන්දය දිනන්න සිරිමාවෝගේ ප්‍රජා අයිතිය තහනම් කරන්න සාක්ෂි දුන්නේ. 1983 කළු ජූලිය ඇති කරන්න බොරැල්ල කනත්තේ කෝලාහලය ඇති කළේ ජවිපෙ. 88-89 භීෂණය හරහා එජාපයට අභියෝගයක් වුණු විජය කුමාරතුංග ඇතුළු තරුණ දේශපාලන නායකයන් ඝාතනය කරලා දුන්නේ ජවිපෙ. රනිල් පාර්ලිමේන්තුවේ අනුරට කතා කරන්නේ හරිම ආදරයෙන්. අනුර වේදිකාවේ මහින්දට බනින විදිහට කවදාවත් රනිල්ට බනින්නේ නැහැ. අරගලය වෙලාවේ පාර්ලිමේන්තුව ගිනි තියන්න එන්න කිව්ව ජවිපෙ සාමාජිකයන්ට රනිල් නිතිය ක්‍රියාත්මක කළේ නැහැ. ඒ සියුම් අවබෝධයන් කියවා ගන්න පුළුවන් දේශපාලනය දන්නා අයට.

 

ඒ නිසා මෙවර අන්ත පරාජයට පත් වෙන අනුරව දිගටම ජවිපෙ නායකයා ලෙස තබා ගැනීමටත්, අනුරගේ නායකත්වය යටතේ ඉතාම සාර්ථකව කරගෙන යන කෝටි ප්‍රකෝටි ගණන් මුදල් හම්බ කිරීමේ බිස්නස් එක දිගටම පවත්වා ගැනීමටත් අවශ්‍ය අයට රනිල්ට සහාය දෙන්න පුළුවන්.

 

4. උතුරට ඉඩම් හා පොලිස් බලතල දීම

රනිල් දිගටම පෙනී සිටියේ බෙදුම්වාදය වෙනුවෙන්. අපේ රණවිරුවන් යුද්ධය කරගෙන යන විට රනිල් පාර්ලිමේන්තුවේ ඉඳන් ඔවුන්ට කෝචෝක් කළා “තොප්පිගල ඇල්ලුවා කිව්වට ඒක නිකං කැලෑවක්” කියලා. මෙවර ජනපති වෙලා මුලින්ම කිව්වේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරනවා කියලයි. නමුත් පොහොට්ටුවේ විරෝධය නිසා ඒක තාවකාලිකව අකුලා ගන්න වුණා. නමුත් ඊළඟ ජනපතිවරණයෙන් රනිල්ව දිනෙව්වොත් පොහොට්ටුව තියා කවුරු මොනවා කිව්වත් රනිල්ට ඕන දේ කරන්න පුළුවන්කම ලැබෙනවා.

 

ඒ නිසා යුද්ධයෙන් දිනා ගත නොහැකි වූ ඊළම ව්‍යවස්ථානුකූලව නිර්මාණය කර දීමට කැමති අයට රනිල්ට සහාය දෙන්න පුළුවන්.

 

5. සිංහල බෞද්ධ බලවේගය අවසන් කිරීම

යුද්ධය අවසන් කරලා ඉතිහාසයේ වැඩිම සහ වේගවත්ම සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට එරෙහිව ක්‍රියාත්මක වුණු රෙජීම් චේන්ජ් ව්‍යාපාරය 2015 රනිල්-සිරිසේන ආණ්ඩුව බිහි කරමින් පටන් ගත්තා. නමුත් රාජපක්ෂවරු නැවත පොහොට්ටුවත් එක්ක නැගිට්ටා.

 

අර රෙජීම් චේන්ජ් ව්‍යාපාරයම නැවත ක්‍රියාත්මක වෙලා ගෝඨාභය සහ මහින්ද දෙන්නව ඝාතනයම කරන්න අරගලය කළා. ඔවුන්ට අවශ්‍ය කළ ආකාරයට රනිල් ජනපති කර ගත්තා. රනිල් පොහොට්ටුව කඩලා දැම්මා. ඔවුන් හිතුවා මේ පාර රාජපක්ෂලා සදහටම ඉවරයි කියා.

 

රාජපක්ෂවරු නියෝජනය කරන්නේ මේ රටේ සිංහල බෞද්ධ බලවේගය. ගෝඨාභය ඉවත් වුණාම ඕමල්පේ සෝභිත ඒකයි කිව්වේ “සිංහල බෞද්ධ බලවේගය මෙතනින් ඉවරයි” කියලා. ඒත් නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ ප්‍රතිපත්ති සමග නැවත නැගිට්ටා. ඒ බලවේගය සදහටම අවසන් කිරීමට අවශ්‍ය අයටත් රනිල්ට සහාය දෙන්න පුළුවන්. ධර්මය ඔබට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

2024 ජූලි 27

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි