SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව ලෝකයේ ආශ්චර්යක් බවට පත් කළ "Man of the Match" හෙවත් තරඟයේ වීරයා වන්නේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහයැයි "United  Youth" සභාපති සහ එහි නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර අවධාරණය කර සිටියි.

 

ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ආර්ථික ප්‍රගමනය ආර්ථික ආශ්චර්යක් වන අතර සිය අවුරුදු 30ක දේශපාලන ජීවිතයේ දී ලෝකයේ කිසිම රටක මෙවැනි ආර්ථික ආශ්චර්යක් තමා දැක නොමැති බවට ඇමරිකාවේ සෙනට් සභාවේ සභාපතිවරයා පවා කර ඇති ප්‍රකාශයෙන් ඒ බව මනාව තහවුරු වන්නේ යැයි ද ජනාධිපතිවරයාගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර පෙන්වා දෙයි.

 

"United Youth" සභාපති සුදත් චන්ද්‍රසේකර මේ බව කියා සිටියේ, එම සංවිධානයේ ක්‍රීඩා එකමුතුව මගින් මොරටුව සොයිසාපුර ක්‍රීඩාංගණයේදී සංවිධානය කෙරුණු ක්‍රිකට් පුහුණු කඳවුරට සහ ඊට සමගාමීව සිදු කෙරුණු ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

 

WhatsApp Image 2024 07 24 at 17.06.071 

"United Youth" සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවීන රංගන ශිල්පී අර්ජුන කමලනාත් සහ මොරටු හිටපු නාගරික මන්ත්‍රී අනුර සිරි සංවිධානය කර තිබූ මෙම උත්සවයට ප්‍රවීන ක්‍රීඩකයින් සහ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 

 

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ "United Youth" සභාපති සහ එහි නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර  මෙසේ ද කියා සිටියේය. 

කඩා වැටුණ රටක මොන ක්‍රීඩාද..?

 

WhatsApp Image 2024 07 24 at 17.06.052

 

"මීට අවුරුදු දෙකකට පෙර තරුණයන් ලෙස ඔබට, මෙසේ ක්‍රීඩා කිරීමට රටේ අවස්ථාවක්, හැකියාවක් සහ වාතාවරණයක් තිබුණේ නැහැ. ඔබ එදා කල්පනා කරමින් සිටියේ ක්‍රීඩා කිරීම නොව එදිනෙදා ජීවිතය ගැට ගසා ගන්නේ කෙසේද කියායි. රටේ සහ ඔබේ අනාගතය ගැන ඔබට තිබුණේ අති විශාල භීතිකාවක් බව කිව යුතුයි. 

 

නමුත් අවුරුදු දෙකකට පසුව ඔබගේ ජීවිතය සාමාන්‍ය පරිදි ගත කිරීමට ඔබට අද හැකි වී තිබෙනවා. රටේ සහ ඔබගේ අනාගතය ගැන ඔබට අද අලුත් බලාපොරොත්තු ඇති වෙලා. ක්‍රීඩාව වෙනුවෙන් කාලය සහ ශ්‍රමය යෙදවීම සඳහා සුදුසු මානසිකත්වයක් ඇති කර ගැනීමටත් ඔබට හැකි වී තිබෙනවා. මානසික ඒකාග්‍රතාවයකින් තොරව සහ කඩා වැටුණු මානසිකත්වයකින් යුතුව ක්‍රීඩාව පමණක් නොව කිසිවක් ම කරන්න හැකියාවක් නැහැ.

 

කඩා වැටුණු, අර්බුදකාරී සහ අනාගතයක් නොපෙනෙන රටක් මේ වගේ ඉතා කෙටි කලකින් ඔබට මෙවැනි මානසික තත්ත්වයක් සහ අනාගතය ගැන විශ්වාසයක් ඇති කර ගැනීමට අවස්ථාවක් උදා වනු ඇතැයි ඔබ සිහිනයකින්වත් නොසිතුවා විය හැකියි.

 

ඇත්ත වශයෙන්ම සිද්ධ වුණේ කුමක්ද..? රටක් ඉදිරියට ගෙන යා හැක්කේ කළ පුරුද්ද, පළපුරුද්ද, අත්දැකීම්, උගත්කම, බුද්ධිමත්කම, දැක්ම, හැකියාව, දක්ෂතාවය සහ ජාත්‍යන්තර සබදතා තිබෙන නායකයෙකුට විතරයි. ඇත්ත වශයෙන්ම කඩා වැටුණු රට ඉතා කෙටි කලකින් යළි නඟා සිටු වීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූයේ මේ සියලු සුදුසුකම් එතුමා සතුව තිබෙන නිසයි". 

ලෝකයටම මහා ආශ්චර්යක් 

 

WhatsApp Image 2024 07 24 at 17.06.06

 

"ඇත්තටම මේ පෙරළිය මහා ආශ්චර්යක් බව කිව යුතුයි. අවුරුදු දෙකක් ඇතුළත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කර තිබෙන්නේ ආසියානු ආශ්චර්යක් නොව ලෝක ආශ්චර්යක් බව පැහැදිළියි. ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ආර්ථික ප්‍රගමනය ආර්ථික ආශ්චර්යක් වන අතර සිය අවුරුදු 30ක දේශපාලන ජීවිතයේ දී ලෝකයේ කිසිම රටක මෙවැනි ආර්ථික ආශ්චර්යක් තමා දැක නොමැති බවට ඇමරිකාවේ සෙනට් සභාවේ සභාපතිවරයා පවා කර ඇති ප්‍රකාශයෙන් ඒ බව මනාව තහවුරු වනවා.

 

එපමණක් නොව බංකොලොත් භාවයට පත්ව සිටින ඉතියෝපියාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල උපදෙස් දී තිබෙන්නේ ආර්ථික බංකොලොත් භාවයෙන් අත්මිදීමට නම් ශ්‍රී ලංකාව අනුගමනය කරන ලෙසයි. ඒ අනුව අපේ රට මේ මොහොතේ තිබෙන තත්ත්වය ගැන ජාතියක් ලෙස අප සතුටු විය යුතුයි. 

 

ලෝකයටම ආදර්ශයක් දුන් මේ අවස්ථාව ශ්‍රී ලංකාවට සහ අපේ ජාතියට උරුම කළේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ජාත්‍යන්තරය පවා පිළි ගනිද්දී, ඒ යථාර්තය නිර්ලෝභිව, කුහකහත්වයකින් සහ බල ලෝභී අවස්ථාවාදීත්වයකින් තොරව අපට පිළි ගත නොහැක්කේ ඇයි..? ඒ අනුව "Man of the Match" වෙන කවුරුවත් නොව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි". 

කුළුඳුල් ඡන්දය  

 

එසේ නම් අප රටේ අනාගතය, තරුණ ඔබේ අනාගතය සහ පොදු ජනතාවගේ අනාගතය ගැන කල්පනා කළ යුතුයි. ඒ අනුව තරුණ ඔබගේ කුළුඳුල් කුඵදුල් ඡන්දය දර්ශනයක්, දැක්මක්, වැඩ පිළිවෙළක්, ඉලක්කයක්, කළ පුරුද්දක්, පළපුරුද්දක්, උගත්කමක් සහ බුද්ධිමත්කමක් නොමැති බොරු පොරොන්දුකාරයින්ට සහ රැවටිලිකාරයින්ට අසු නොවී ඔබේ සහ රටේ අනාගතය වෙනුවෙන් බුද්ධිමත්ව පාවිච්චි කරන ලෙස මම ඔබගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

 

WhatsApp Image 2024 07 24 at 17.06.04WhatsApp Image 2024 07 24 at 17.06.05WhatsApp Image 2024 07 24 at 17.06.051WhatsApp Image 2024 07 24 at 17.06.07WhatsApp Image 2024 07 24 at 17.06.072

@යුනයිටඩ් යූත් මාධ්‍ය ඒකකය

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි