SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Super Sex, Netflix කතා මාලාව තුල දිගහැරෙනුයේ ලොව ජනප්‍රියතම porn star කෙනෙකු වූ Rocco Siffrediගේ ජීවිත කතාවයි.

ලිංගිකත්වය වෙළඳපොල භාණ්ඩයක් බවට පත්වන ආකාරය, ඒ තුල සූරාකෑම සහ වාණිජකරණය, දැඩි අසහනකාරීත්වය, සහ කර්මාන්තයක් බවට පත්වීම තුල සමාජ ප්‍රතිමානයන්ට එහි ඇති බලපෑම ඒ තුලින් පෙන්නුම් කෙරේ.

 

විපරීතභාවයේ උපරිමයට ගිය ඇමරිකාව මේ වනවිට වැඩිහිටියන් සහ ළමුන් අතර බෙදුම් කඩනය porn වෙබ් අඩවි සඳහා නීත්‍යානුකූල කිරීමට පියවරගෙන ඇත.

 

bhahu madawa 2

 

 

theday.lk වෙබ් අඩවියේ පළවූ ලිපිය,

ලිංගික දර්ශන අඩංගු වෙබ් අඩවි වෙත පිවිසීම සඳහා හැඳුනුම් පත අනීවාර්ය වේ!

(කාමුක දර්ශන පිළිබඳ ඇමරිකානු ප්‍රතිපත්තිය විසින් අනාගතයේදී ලොව පුරා අන්තර්ජාලය භාවිතා කරන ආකාරය වෙනස් කළ හැකි වනු ඇත.

මිලියන සංඛ්‍යාත ඇමරිකානුවන් සඳහා, සබැඳි කාමුක දර්ශන වෙත ප්‍රවේශ වීමට දැන් රජයේ හැඳුනුම්පතක් අවශ්‍ය වේ. එය වෙබ් අඩවි වල අනාගතය සඳහා ගෝලීය බලපෑම් ඇති කළ හැකිය. උදාහරණයක් ලෙස, අද ටෙක්සාස් ප්‍රාන්තයේ සිටින විට Pornhub වෙබ් අඩවියට පිවිසෙන්න. එවිට ඔබ කලකිරීමට පත් විය හැක. අසභ්‍ය වෙබ් අඩවියක ඔබට සොයා ගත හැකි සාමාන්‍ය අන්තර්ගතය වෙනුවට, ඔබට ලැබෙන්නේ තනි වීඩියෝවක් පමණි. එහි සම්පූර්ණ ඇඳුමින් සැරසුණු වැඩිහිටි චිත්‍රපට තරුවක් වන Cherie DeVille - ඇය පොදු ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කරයි.

 "ඔබ දන්නා පරිදි, නිලධාරීන් විසින් ඔබට අපගේ වෙබ් අඩවියට ප්‍රවේශ වීමට ඉඩ දීමට පෙර ඔබගේ වයස සත්‍යාපනය කිරීමට අපෙන් ඉල්ලා සිටියි" යනුවෙන් DeVille වීඩියෝවේ පවසයි. සෑම සංචාරයකදීම ඡායාරූප හැඳුනුම්පත භාර දෙන ලෙස එහි පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිනවා වෙනුවට, ඇය පැහැදිලි කරන්නේ, Pornhub සහ එහි සහෝදර වෙබ් අඩවි ජාලය ප්‍රාන්තයේ සිටින සියල්ලන්ම අවහිර කිරීමට තීරණය කළ බවයි. ටෙක්සාස්හි පමණක් නොවේ. ඔබ මෙය කියවන විට, එක්සත් ජනපදය පුරා අසභ්‍ය දර්ශන අවහිර කිරීමක් සිදුවෙමින් පවතී. 2023 දී, Arkansas, Mississippi, Utah සහ Virginia යන සියල්ලෝම වයස් සත්‍යාපනය අවශ්‍ය නීති සම්මත කළ අතර, Pornhub නීති ක්‍රියාත්මක වන විට ඒවා සියල්ල අවහිර කළේය.

උතුරු කැරොලිනා සහ මොන්ටානා 2024 ආරම්භයේදී අනුගමනය කළහ. ඉඩාහෝ, කැන්සාස්, කෙන්ටකි සහ නෙබ්‍රස්කා හි නීති සම්පාදනය පසුගිය සති කිහිපය තුළ එකම ප්‍රතිකාරය ඇති කළේය. නව නීති ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර, මේ අකාරයේ සීමා කිරීම ලබන වසරේ මේ කාර්තුව වන විට ඇමරිකානු දකුණේ බහුතරයක සිදුකළ හැකිය.

Pornhub යනු පෘථිවියේ සිව්වන-වඩාත් ජනප්‍රිය වෙබ් අඩවිය වෙබ් අඩවිය වේ. මෙම නීතිවල ප්‍රකාශිත අරමුන වන්නේ ආක්‍රමණශීලී හෝ ප්‍රචණ්ඩකාරී ලිංගික හැසිරීම් සාමාන්‍යකරණය කිරීමෙන් සහ ලිංගිකත්වය පිළිබඳ යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් දිරිගැන්වීමෙන් හානියක් විය හැකි බවට වන කනස්සල්ල මධ්‍යයේ අසභ්‍ය අන්තර්ගතයට ප්‍රවේශ වීමෙන් ළමයින් ආරක්ෂා කිරීමයි.

මෙවැනි නීති ලංකාවේ ක්‍රියාත්මක කල යුතු බව ඉදිරියේදී ප්‍රගතිශීලීන් විසින් පවසනු ඇත්තේ එමගින් මෙවැනි වෙබ් අඩවි ලංකාව තුල නීත්‍යානුකූල කල හැකි බැවිනි. ඊට පෙරමුණ ගනු ඇත්තේ LGBTIQ+ අයිතිවාසිකම් ඉල්ලා සිටිමින් පෙළපාලි යන වාමාංශිකයින් වන අතර රනිල් වික්‍රමසිංහ වෙතින් බලය ගිලිහී යාම ඔවුනට මහත් කනස්සල්ලක් වනු ඇත.)

@උපුටාගැනීම - https://www.theday.lk/.../articles/featured-articles/37 

 

බා හු

 

සංස්කෘතික වාමාංශිකයින් යනු ලිංගිකත්වයේ සියලු විපරීතභාවයන් භාරගෙන ප්‍රවර්ධනය කල යුතු බව පවසන කොටසකි. ලංකාවේදී නම් එම අදහසට ආසන්නම දේශපාලන ව්‍යාපෘතිය වන්නේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනයයි. "X කණ්ඩායම" ආරම්භයේ සිටම සිටි ස්ථාවරය වූයේ ද රනිල් රටේ යාවජීව ජනාධිපතිවරයා විය යුතු බවය. X කණ්ඩායමේ නෂ්ටාවශේෂ අද දවසේ රනිල් වෙනුවෙන් කඩේ යමින් සිටී. ඒ දීප්ති, හපුගොඩ, විපුල, සිරිමල්, දමින්ද, සුදර්ශන වැනි අයයි. මේ සියලු දෙනා හැදී වැඩුනේ මංගල සමරවීරගේ උණුසුම තුලය.

 

"X කණ්ඩායමේ" ආභාෂය ලැබූ පශ්චාත් මාක්ස්වාදීන් ගතහොත් porn වෙබ් අඩවි සීමා කිරීම් වැනි කටයුතු වලට අප්‍රකාෂිතව එරෙහි බව ඔවුන් විසින් පෙන්නුම් කරයි. ඔවුන් ඍජුවම විපරීතභාවයන් ප්‍රවර්ධනය කල යුතු බව පවසයි.

 

X කණ්ඩායමේ පූර්වජ දේශපාලන ව්‍යාපෘතිය වූ NSSPයේ නායකයා අද මියගොස් ඇත.

 

si 3

 

සිග්මන් ෆ්‍රොයිඩ් යනු එකම වතාවක් පමණක් ඇමරිකාවේ සංචාරය කල අයෙකු වන අතර ඉන් පසුව ඔහු ජීවිත කාලය පුරාවටම ඇමරිකාවට වෛර කරනා පුද්ගලයෙකු බවට පත්විය. ෆ්‍රොයිඩ් ඇමරිකානු සංස්කෘතිය ගැන පුදුමයටත් කලකිරීමටත් පත් වූ බව වාර්තා වේ. ඔහු බලාපොරොත්තු වූවාට වඩා එය ඉතා කුණු වී ඇති බව ඔහුට පෙනී ගියේය. ධනය හා භෞතික නිෂ්පාදන කරා හඹා යාම පිළිබඳ එම සමාජය තුල දැඩි අවධාරණයක් තිබීම යන්න මානව අභිප්රේරණය පිළිබඳ ඔහුගේ අදහස් සමඟ ගැටුණි.

 

සංචාරය තුල ප්‍රධානතම සහ ෆ්‍රොයිඩ් හට මහත් අසහනයක් වූ හේතුවක් වූයේ ඇමරිකානු ස්ත්‍රීන් දැකීමෙන් ෆ්‍රොයිඩ් හට ඇති වූ මානසික ව්‍යාකූලත්වයයි. එහිදී ඇති වූ නරකම තත්වය වූයේ ඇමරිකානු ස්ත්‍රීන් දැකීමෙන් ඔහු තුල ඇති වූ ශෘංගාරාත්මක සිහිනයන් සහ ඒවායෙහි බලපෑම හේතුවෙන් රාත්‍රී කාලයේදී ඔහුට නින්ද නොයාමය.

 

කාල් ජුංග් වෙත ෆ්‍රොයිඩ් විසින් විශ්වාසනීයව තමාගේ මෙම නින්ද නොයෑමේ ප්‍රශ්නය පිළිබඳව කියා සිටියේ, තමන් ඇමරිකාවට පැමිණි දිනයේ සිට තමන් හට කෙසේවත් නිදාගත නොහැකි තත්වයකට පත්ව සිටිනා බවත්, දිගින් දිගටම ගණිකාවන් පිළිබඳව මනෝරථයන් සිතට නැගෙනා බවත්ය. එවිට ජුංග් විසින් එම ප්‍රශ්නයට වඩා පැහැදිලි විසඳුමක් යෝජනා කොට සිටියේය. එනම් ගණිකාවන් ඇසුරු කරනා ලෙසය. නමුත් එවිට ෆ්‍රොයිඩ් ඔහු වෙත මතක් කොට සිටියේ තමන් විවාහක බවය. මිය යන තුරාවටම ෆ්‍රොයිඩ් නැවතත් කිසි දිනක ඇමෙරිකාවට නොගිය අතර ඇමෙරිකාව පිළිබඳව බද්ධ වෛරයකින් පසු විය. ඔහුගේ දේශනා අතරතුර ඇමෙරිකානු සමාජය විවේචනයට ලක් කළේය.

si 2

 

ඔහු මෙසේ කීවේය. "ඇමෙරිකාව යනු ඇත්වැරදීමක්....අති විශාල අත්වැරදීමක්....සත්තකින්ම එය කිසිඳු අඩු වැරදීමක් නම් නෙවෙයි"

 

@ස්පාර්ටකස් ලිපි

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි