SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වජිර තමයි මේ ආණ්ඩුවේ ඉන්න සුපිරි වැඩකාරයා. රනිල් වික්‍රමසිංහ වුණත් අද ඔතන ඉන්නේ වජිර නිසා කියලයි මටනම් හිතෙන්නේ.

ගාල්ලෙන් කොළඹ ඇවිත් දේශපාලනයේ හයිකාරයෙක් වුණ වජිරගේ හොඳම යාළුවෙක් තමයි කැප්ටන් හැඩොක්. ගාල්ල වරායේ නැංඟුරම් දාපු කැප්ටන් හැඩොක්ගේ නැවේ තිබුණ අවි ආයුධ එකට ඇතිල්ලිලා නම්බර් මැකුනා කියලා කිව්ව සීඅයිඩී ළමා හේවත් වජිරගෙ හොඳ යාළුවෙක් කියලා තමයි ආරංචි.

 

දුමින්ද සිල්වා සිංගප්පූරුවේ ඉන්නකොට කටඋත්තර ගන්න යන්නෙත් මේ ළමා තමයි. මිනිහා ගිහිං ඇවිත් කිව්වේ මොකවත් මතක නෑ කියලා කියනවා කියලා. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරන්න හොඳටම මහංසි වුණේ ටිරාන් අලස් සහ වජිර අබේවර්ධන.

 

ඔය කුරුනෑගල පැත්තේ ලොකු ආගමික නායකයෙක් හමුවෙන්න පවා ගිහිල්ලා තියෙනවා. ටිරාන්ට සහ වජිරට දේශබන්දු පොලිස්පති කරන්න ඕනෑ වුණේ ඇයි කියන්න දන්නේ නෑ ඒත් අන්තිමට ටිරාන් කියනවා ඉල්ලා අස්වෙනවා දේශබන්දු පත්කලේ නැත්තං කියලා. ඒතරමට මේ සුසංයෝගය බලවත්.

 

කොහොමහරි අන්තිමට වීසා හොරගනුදෙනුව සිද්ධ වෙනකොට ඒකට හිලව්වට වගේ ටිරාන්ගේ වැඩේ කරලා දෙනවා රනිල් වික්‍රමසිංහ. අද ඒ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය ආපස්සට හරෝලා. කතානායක තමයි මෙතන ගේම හොඳටම ගැහුවේ. මිනිහා ඡන්දය දීමෙන් වැලකී සිටීමත් එක ගොඩට දාලා තීරණාත්මක ඡන්දය ගෙදර ගිහිං කාටත් හොරා පාවිච්චියට අරගෙන තිබුණා.

 

කොහොම වුණත් ලාස්ට් සමුරායිලට ඇන්ඳුවාට රනිල් වික්‍රමසිංහ දුවන්නේ මේවගේ පොරවල්ගේ ඇන්ජින් එකෙන්. කුණු ඇලවල් එක්ක එකතුවෙනවානම් කුණු නොවී ඉන්න සාගරයක් වෙන්න ඕනෑ කියලා කතාවක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ සාගරයක් නොවෙන නිසා හොඳටම කුණුවෙලා ඕජස් ගලනවා. ඒ කුණු ගඳ තමයි මෙහෙම මේ හමන්නේ. මේ මළ කුණ වළදාන්න ජනාධිපතිවරණයක් එන්න ඕනෑ.

 

ඒත් සමහරු කියනවා අද සෑ 12ට ගැසට්ටුවක් ගහනවා පාර්ලිමේන්තුව විසුරවන්න කියලා. මොන විකාර කළත් ඒ සියල්ල පිටුපස්සේ මේ මුද්‍රාව තියාගෙන වජිර බලාගෙන ඉන්නවා ඇති..!

 

@කේ.සංජීව

marrikkar

නවතම ලිපි