SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රිලනිපය: නව සන්ධාන ශරීරයට අවශ්‍ය  " හිස” එක්ටැම් ගෙයක සිර වී ඇත!!

රනිල් , අනුර , සජිත් නියෝජනය කරන කඳවුරු ඔවුන් තිදෙනා වෙනුවෙන් රට පුරා රැස්වීම් පවත්වද්දී ඊට නොදෙවෙනි ජන සහභාගීත්වයක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකතුවක් සහිත රැස්වීම් පැවැත් වූයේ  - නව සන්ධානය  - විසිනි. 

 

ඔවුන් හම්බන්තොට , මොණරාගල පැවැත් වූ සාර්ථක රැස්වීම් දෙකට පසු අති සාර්ථක ජනහමුවක් බදුල්ලේදී පවත්වන්නට යෙදුනි.

 

නමුත් මෙය කියවන පාඨකයා මෙන්ම රටේ අති බහුතරයක් ජනතාව ද නව සන්ධානය ගැන මෙලෝ අල බෝලයක් දන්නේ නැතිය. එය මොකක්ද ? ඉන්නේ කවුද? කරන්නේ මොනවද?

මේ කිසිවක් කවුරුත් දන්නේ නැත.

 

ජ්‍යේෂ්ඨ දේශපාලන නායකයන් රැසක් මෙම නව සන්ධානය තුල වීත් එහෙම වී ඇත්තේ ඇයි?

 

මෙම නව සන්ධානය තුල ශ්‍රිලනිප ප්‍රධානම මන්ත්‍රීවරුන් සිටියී, මහින්ද අමරවීර, අනුර යාපා, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, ලසන්ත අලගියවන්න, නිමල් ලංසා ...... මේ සියලු දෙනා නාමධාරීන්ය.  නමුත් සන්ධානය කිසිදු දේශපාලන ක්‍රියාකාරීත්වයකින් තොරව රැස්වීම් සංවිධානය කිරීමට පමණක් සීමා වී ඇත.

 

එසේ වී ඇත්තේ ඇයි ?

 

සන්ධානය ගැන දන්නා බොහෝ දෙනා සිතනා අයුරින් මෙම කණ්ඩායම රනිල් වික්‍රමසිංහ ට සහය දෙනවා කියා එකක් මෙතෙක් කොතැනකදිවත් ප්‍රකාශ කර නැත. ඔවුන් සමස්ථයක් ලෙස ගෙනහැර දැක් වූ මතය වූයේ වැඩ පිලිවෙලක් සහිත දිනන අපේක්ෂකයකු තමන් ඉදිරි රැස්වීමකදී හඳුන්වා දෙන බවයි.

දැන් ඉහත පෙන්වා දුන්  ඔවුන්ගේ  දේශපාලන හැසිරීම සහ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය යන දෙක එකට ගෙන කැටි කලහොත් පෙනී යන්නේ

 

නව සන්ධානය නැමති දේශපාලන ක්වන්ධයට  - හිසක්  - බද්ධ කල යුතුව ඇති බවය.

නමුත් මෙම හිස රනිල් වික්‍රමසිංහ නොවන්නේ රනිල් රාජපක්ෂලා සමඟ වීම නව සන්ධාන ප්‍රධානීන් නුරුස්සන නිසාය.

එසේ නම් එම හිස කවුද  ?

 

- ගල් ලෙන බින්ද මිනිහා එක්ටැම් ගෙයක -

 

නව සන්ධානය ට අවශ්‍ය හිස ජනාධිපති අමුද්‍රව්‍ය වලින් සුපෝෂිත එකක් නම් සහ ඒ රනිල් නොවන නිසා වන අදේශකය වන්නේ චම්පික රණවක ය.

චම්පිකට  president materials වලින් අඩුවක් නැත.

 

බණ්ඩාරනායක තුවාලයෙන් වූ කැලල් සහිත නලල් ඇති මේ නව සන්ධාන වාසීන්ට චම්පික රණවක යනු ගැලපෙන  නායකත්ව කුලකයකි.  එය කමිස කලිසම් අඳින රනිල්ට ද වඩා ඔවුන්ට ලඟය. 

පසුගිය සමයේ චම්පික සහ මෙම නව සන්ධාන නායකයන් අතර සමීප දේශපාලන සබඳතා තිබූ බවටද මාධ්‍ය වාර්ථා පලවී තිබිණ.

එසේ නම් ඇයි තවම මේ දෙපිරිස එකතු වී නව ගමනක් ආරම්භ නොවන්නේ යන්න විමසිලිමත් විය යුතු ගැටලුවකි.

 

ආරංචි විදියට ප්‍රශ්නය ඇත්තේ චම්පික ගේ පැත්තෙනි.  චම්පික ටද පක්ෂයක් ඇත. ඒ එක්සත් ජනරජ පෙරමුණයි.  ඒ ගැන රටේ ජනතාව දන්නේ නව සන්ධානය ටද වඩා අඩුවෙනි.  එය හඳුන්වා දිය හැක්කේ චම්පික ගේ පක්ෂය ලෙසය. එනම් චම්පික ඉන්නේ එක්ටැම් ගෙයකය.

 

චම්පික රණවක යනු ජාතික නායකයෙකි.  කිසිවෙක් ඔහු ජනාධිපති පුටුවට නුසුදුසු යැයි නොකියයි.  නමුත් ඒ වගේම කිසිවෙකුත් ඔහුව ජනාධිපති පුටුවේ වඩා හිඳුවන්නේද නැත.

එය ලබා ගත යුතුව ඇති දෙයකි. 

 

චම්පික සිටිනා එක්ටැම් ගෙයි සිට ඒ කාරිය කිසිදා කල නොහැකි බව මහින්දගේ ගල් ලෙන බිඳ ඔහුව පරාජය කිරීමට සහ යුද්ධයෙන් ප්‍රභාකරන් පරදවන්න බෑ කියා රටේ තිබූ මනැස් තහඩුව කැපූමට මුල් වූ ඔහු තේරුම් ගත යුතුව ඇත.

 

කොටින්ම රනිල්ට පවා තමන්ගේ මහා ලොකු UNP යේ සිට ජනාධිපති වීමට නොහැකි වූ බව චම්පික ගේ ගණිත මොලයට නොවැහැටීම අරුමයකි.

 

එබැවින් මෙවර ජනාධිපතිවරණය ගැන පමණක් නොව ඊට පසු ඉතා ඉක්මනින්ම එලඹෙන මහ මැතිවරණය ගැන සිතා මෙම ශ්‍රිලනිප ප්‍රධාන නව සන්ධානයේ දැවැන්ත ශරීරයට පාඨලී ගේ හිස එකතු වී දෙකට දෙවාරනේ සිටින මධ්‍යස්ථ දේශපාලන ක්‍රියාකාරීන් අවදි කරවීම ඉතාමත්ම කාලීන අවශ්‍යතාවක් වනු ඇත.

 

එය එසේ නොවන්නේ නම් මේ සැමගේ දේශපාලන ප්‍රතිවාදියා වන රාජපක්ෂවරුන්ගේ අනාගත අවතාරයට 2029 තරම් මෑතක මුහුණ දෙන්නට සිදු වීම සහ දේශපාලන භූමියෙන් වඳ වී යාමට සිදුවීම වැලැක්විය නොහැක්කකි.

 

@දිසාලා

#Anonymous notes

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි