SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාටූනය - උදය විමලසිරි(දිවයින පුවත්පතින්)

අද වන විට පොහොට්ටු පාක්ෂිකයන් වන අපට කුණුහරුප කියා බනිමින් සාහසික තර්ජනය කරන්නේ ජේවීපීකාරයන් නොවේ.

රනිල්ට සහාය දෙන බයියන්ය. ඔවුන් හැසිරෙන්නේ මිනීමරු ජේවීපීකාරයන් හැසිරෙන ආකාරයටය. මෙය "රනිල් ආචරණය" ලෙස හැඳින්විය හැකිය.

 

එනම් රනිල් විසින් සිය ග්‍රහණයට ගත් මෙම බයියන් දැන් චණ්ඩි වී ඇත. මැයි 9 වැනිදා කලිසමේ අසුචි යන්න ගුටි කෑ ඇතැමුන් අද අහිංසක පොහොට්ටු පාක්ෂිකයන්ට සත්තම් දාන හැටි අපි බලා සිටිමු. ඔවුන් සහ ජේවීපීකාරයන් අතර දැන් වෙනසක් නැත.

 

මේ එය තහවුරු කරන එක් සාක්ෂියකි. "මොංගල්" යනුවෙන් සාමාන්‍යයෙන් අනුන්ට බනින්නේ නූගත් ජේවීපීකාරයන්ය. දැන් රනිල්ගේ බයියන් ටිකත් ඒ ආකාරයටම හැසිරේ. මේ ඒ ගැන ලියූ පැරණි ලිපියකි.

 

WhatsApp Image 2024 07 23 at 17.14.35

 

“මොංගල්” යැයි කියමින් ඇතැම් JVP කාරයන් මා හට සිනාසේ. ඔවුන්ගේ බිය වැද්දීම්, පුද්ගලික අපහාස කිරීම් සහ ප්‍රචණ්ඩත්වය කරුණු සහිතව තාර්කිකව මා විසින් නොබියව පෙන්වා දෙන විට ඔවුන් මා හට තව තවත් පුද්ගලික ප්‍රහාරම කරයි. “මොංගල්” යන්න ඔවුන් භාවිතා කරන්නේ මට අපහාස කිරීමටය. නමුත් මොකක්ද මේ මොංගල් කියන්නේ?

 

Down Syndrome එහෙම නැත්නම් Trisomy කියන්නේ 21 වැනි chromosome 3ක් එකම සෛලයේ පිහිටීමයි. ඒක ලෙඩක් නොවෙයි. ජානමය තත්ත්වයක්. ඒකට බෙහෙත් නැහැ. සාමාන්‍යයෙන් සෑම දරු උපත් 1,000 ටම එක දරුවෙක් මේ තත්ත්වයෙන් ඉපදෙනවා. මාගේ පළමු උපාධිය ජාන විද්‍යාව පිළිබඳව නිසා මේ ගැන මා විද්‍යාත්මකව ගැඹුරින් ඉගෙන ගෙන තිබෙනවා. මුල් කාලේදී එම තත්ත්වයට වෛද්‍ය විද්‍යාවේ පවා භාවිතා කළේ Mongolian idiocy කියලා. මොකද එම තත්ත්වය තිබෙන අයගේ මුහුණ Mongoloid මිනිස් වර්ගීකරණයට (පෙරදිග කොනේ ආසියානු කලාපයේ මිනිසුන්) හා සමාන ලක්ෂණ පෙන්නුම් කරන නිසා. නමුත් පසුව එම ජාතිවාදී අපහාසාත්මක යෙදුම භාවිතයෙන් ඉවත් කෙරුණා.

 

ජාන විද්‍යාව ඉගෙන ගන්න කොට අපේ ආචාර්යවරු අපට කියලා දුන්නා මෙවැනි සංවේදී සංකල්ප ගැන විද්‍යාත්මකව කතා කළ යුතු ආකාරය. නූතන ලෝකයේ එම තත්ත්වය සඳහා භාවිතා වන නිවැරදිම යෙදුම තමයි Trisomy 21. ඒ කියන්නේ 21 වැනි chromosome තුනක් තියෙනවා කියන අර්ථය. ශිෂ්ට මිනිසුන් කවදාවත් "මොංගල්" යන්න කාටවත් අපහාසයක් ලෙස භාවිතා කරන්නේ නැහැ. මොකද එයින් සැබැවින්ම අපහාස වෙන්නේ අර Trisomy 21 තත්ත්වය තිබෙන අහිංසක අයට නිසයි. මට මොංගල් කියා JVP කාරයන් (සහ දැන් රනිල්ගේ බයියන්) අපහාස කිරීම ගැන මා සතුටු වෙනවා. මොකද Trisomy 21 තත්ත්වය තිබෙන ලෝකයේ සියලුම දෙනා මා හා සමානව මා සලකන නිසා. මම ඒ සහෝදර සහෝදරියන් සමග එකට හිට ගන්නවා.

 

මෙන්න මේක තමයි මා කියන JVP ගතිය. තමන් මහා උගතුන් යැයි තමන්ටම කියා ගනිමින් අධිමාන්නයෙන් සමාජයේ ඔබව පහත්කොට සලකන JVP කාරයන්ට එහෙම ඇත්තටම විද්‍යාත්මක දැනුමක් නැති බව මෙවැනි ද්වේශ සහගත ප්‍රකාශවලින් ඔප්පු වෙනවා. (දැන් රනිල්ට සහාය දෙන බයියන් ටිකත් ඒ වගේ.)

 

මෙහි තිබෙන බියජනක දෙය තමයි තමන් සෑම විටම නිවැරදි බවත් තම දේශපාලන ප්‍රතිවාදීන් සෑම විටම වැරදි බවත් ඔවුන් දැඩිව විශ්වාස කිරීම. එහෙම විශ්වාස කරන නිසා ඔවුන් මා වැනි සාමාන්‍ය මිනිසුන් ඔවුන්ට වඩා පහත් ජාතියක් ලෙස සලකනවා. මෙය ඉතාම පැහැදිලිව JVP කාරයන්ගේ (දැන් රනිල්ගේ බයියන්ගේ) තිබෙන පොදු හැසිරීමක්. ඒක ජාතිවාදයක්. ධර්මය ඔබට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

BSc.(Genetics),Ind.,(MPM,Sp.Business Management),Aus.

2024 ජූලි 23

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි