SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අනුපාත ඡන්ද ක්‍රමයට පාර්ලිමේන්තු ඡන්දය පැවැත්වීමට පටන් ගත් පසු ලබා ගත් විශිෂ්ටතම ජයග්‍රහණ දෙක ලබා ගත්තේ 2010 හා 2020 දීය.

ඒ බුලත් කොලයෙන් සහ පොහොට්ටුව ලකුණෙන් මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුය..

 

අනුපාත ඡන්ද ක්‍රමයක් තුළ කිසිදා විශ්වාස කළ නොහැකි තුනෙන් දෙකේ බලයට ආසන්න බලයක් ඒ අවස්ථා දෙකෙහිදිම හිමි විය..

2020 දී එසේ ලැබූ ඒ විශිෂ්ට ජයග්‍රහණය වසර එක හමාරක් තුළ නොසිතූ ආකාරයට ආපස්සට හැරවීමට තරම් දුර්වලතාවයන් 2020 පාලනය යටතේ සිදුවෙන්නට ඇත...

 

යුද ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ කෙරෙහි ජාත්‍යන්තරයේ එල්ටීටීඊ හිතවාදී කණ්ඩායම් වල ඇති වූ වෛරය, ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන්නට විවිධ කුමන්ත්‍රණ හරහා උත්සාහ ගත් නමුත් ඔහුගේ ශක්තිය සහ පාලනය යටතේ ඒවා සාර්ථක කරගැනීමට හැකි වූයේ නැත..

 

නමුත් ඔහුගේ පාලනයෙන් තොර 2020 පාර්ලිමේන්තුව තුල සහ පාලනය තුළ සිදුවූ අඩුපාඩු සහ විදෙස් සහ දේශීය කුමන්ත්‍රණ හරහා

නොසිතූ ආකාරයේ කඩා වැටීමකට මුහුණ දීමට පොහොට්ටුවට සිදුවිය..

 

රටේ ස්ථාවරත්වයක් තමන්ගේ ආරක්ෂාවත් සඳහා අවසානයේ ඔවුන්ගේ තෝරා ගැනීම වූයේ පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රී ධුරයක් පමණක් හිමිව තිබූ රනිල් වික්‍රමසිංහය...

අද කවුරුන් කුමන ප්‍රකාශ කළත් 2022 මේ රටේ තිබුණේ ඉතාමත්ම දැඩි අවිනිශ්චිත ස්වභාවයක් බව මැදිහත්ව පක්ෂග්‍රාහීව නොසිතන ඕනෑම කෙනෙක් පිළිගන්නවා ඇත..

 

ඒ දැඩි අනාගතය අවිනිශ්චිත,

භාණ්ඩාගාරය හිඳී ඇති මොහොතක,

ණය වර ලිපියක් විවෘත කිරීමට,

ක්‍රියාත්මක කිරීමට නොහැකි මොහොතක,

ගෑස් ඉන්ධන ගෑස් වැනි අත්‍යවශ්‍ය දේ ආනයනය කිරීමට විදේශ විනිමය ගැටලු ඇතිවී තිබුණු මොහොතක,

රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම ඊළඟ මාසයේදී කළ හැකිදැයි නොහැකිදැයි අවිනිශ්චිත තත්ත්වයක තිබුණු මොහොතක, විදුලි බල සැපයුම දිනකට පැය දහයක් පමණක් කඩා කපා හැරෙන මොහොතක,

එවැනි හේතූන් නිසාම කර්මාන්ත සහ සංචාරක ව්‍යාපාරය දැඩි අර්බුදයකට මුහුණ පා තිබුණු මොහොතක,

රනිල් වික්‍රමසිංහ පාලනය බාරගත්තේය..

 

එම අභියෝග ක්‍රමානුකූලව ජය ගනිමින් ඉදිරියට යාමට රනිල් වික්‍රමසිංහට තනියම කිසිසේත් නොහැකිය..

එයට පාර්ලිමේන්තුවේ සහයෝගය අත්‍යවශ්‍යය..

කැබිනට් මණ්ඩලයේ සහයෝගය අත්‍යවශ්‍යය..

එසේ නම් ඒ සහයෝගය ලබාදුන් කණ්ඩායමේ බහුතරය පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන්ය..

ඒ අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩකීමේ ක්‍රියාවලියේ ගෞරවයෙන් කොටසක් ඔවුන්ට ද හිමි විය යුතුය..

නමුත් පොහොට්ටුවේ සමහරුන්ගේ කුහක සහ පටු අරමුණු උදෙසා ඔවුන් එම වාසිය ලබාගන්නට සූදානම් නැත..

ඔවුන් ජනාධිපතිවරයා විවේචනය කරන ආකාරය දෙස බලන විට වඩා විහිළුවක් ඇත්දැයි සිතේ..

 

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පුන පුනා කියන්නේ තමාගේ ප්‍රතිපත්ති වලට විරුද්ධ, දේශීය සම්පත් පෞද්ගලිකකරණයට විරුද්ධ මතයක සිටින බැවින්, ඒවා කරන ජනාධිපතිවරයාට සිය සහයෝගය නොමැති බවට අනියම් ආකාරයෙන් ප්‍රකාශ කිරීමයි...

නමුත් අපට ඇති ප්‍රශ්නය පසුගිය වසර දෙක තුළ පාර්ලිමේන්තුවේ විවිධ පෞද්ගලීකරණ ඇතුළු ගෙන ආ පනත් සියල්ලටම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහයෝගය දැක්වීමය..

 

එහි කිසිදු වරදක් නැත..

රට මේ තරමින් හෝ ස්ථාවරත්වයට පැමිණියේ ඔවුන් ඒ දුන් සහයෝගය නිසාය..

නමුත් පොහොට්ටුවේ එක්තරා කණ්ඩායමක් තමන් සහයෝගය දුන් බව කීමටත් කැමති නැත..

2005 මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තේ සීයට පනහට වඩා ඡන්ද තිස් නව දහසක් ලබා ගනිමිනි..

එමෙන්ම ඔහුගේ මුළු ඡන්ද ප්‍රතිශතය වූයේ ද සියයට පනහයි දශම ගණනකි..

රනිල් වික්‍රමසිංහ සහ ඔහු අතර ඡන්ද පරතරය ලක්ෂ දෙකකටත් අඩුවිය..

 

එදා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාශීලී සහාය නොවන්නට මහින්ද රාජපක්ෂ මහතාට ජයග්‍රහණය කිරීමට හැකිවන්නේ නැත..

එසේ නම් එල්ටීටී ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට හැකි වන්නේත් නැත..

නමුත් ජනතා විමුක්ති පෙරමුණේ පසුකාලීන හැසිරීම නිසා එම ගෞරවය ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ නැත..

 

2008 වන විට ඔවුන් මහින්ද රාජපක්ෂ පාලනය කෙරෙහි විවේචනාත්මක මතයක සිටිමින් බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ට සහාය දැක්වූ පාර්ලිමේන්තුවේ කණ්ඩායම් සමග එක්වී රජයේ පෙරළා යුද මෙහෙයුම් නවත්තන්නටද උත්සාහ ගත්තෝය..

ඒ නිසා යුද ජයග්‍රහණයෙන් ඔවුන්ට ලබා ගැනීමට තිබූ නප්‍රසාදය ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ නැත..

ඔවුන් සමහරවිට මහින්ද රාජපක්ෂ ජනප්‍රියට පත්වීම සම්බන්ධයෙන් යම් කුහක ඊර්ෂ්‍යාකාර ප්‍රතිපත්තියක සිටි නිසා එසේ කරන්නට ඇතැයි සිතිය හැක..

අද පොහොට්ටුවේ සමහරු රනිල් වික්‍රමසිංහට කරන්නේත් ඒ ටිකය..

 

තමාම බලය දුන් නායකයා තමන්ගේ කණ්ඩායමේ ද සහාය ඇතිව රට ස්ථාවර කරමින් සිටින විට ඔහුව විවේචනය කරමින් බලාපොරොත්තු වෙන්නේ කුමක්දැයි නොතේරේ..

රනිල් වික්‍රමසිංහට තව දේශපාලනය කිරීමට ඇත්තේ බොහෝවිට එක වතාවක් පමණි..

ඔහු ඉදිරියට විත් එජාපය ශක්තිමත් කර කර සිටීමට කාලයක් නැත..

සියලු දෙනාගේ සහයෙන් ජහණය කළහොත් ඒ ජයග්‍රහණයේ වාසිය ජයග්‍රහණයට සහාය දුන් සියලු දෙනාට හිමිවේ..

 

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ තත්ත්වයේ තේරුම්ගෙන ඇති නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දීමේ ප්‍රතිපත්තියක සිටින බව පෙනුනත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් හැසිරෙන්නේ වෙනත් ආකාරයකටය..

 

තමන් සමග සිටින රමේෂ් පතිරණ ශෙහාන් සේමසිංහ කංචන විජේසේකර වැනි තරුණ ඇමතිවරුන් අද මේ රටේ ආර්ථිකය ගොඩනැගීමට,

එම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ජනාධිපතිවරයාට දුන් විශිෂ්ට සහයෝගය ජනාධිපතිවරයා විසින්ම එම තරුණ ඇමතිවරුන්ගේ ක්‍රියාශූරත්වය අගය කරමින් තිබෙන මොහොතක,

එම ගෞරවය පොහොට්ටුවට ලබා ගැනීම වෙනුවට කටයුතු කරන්නේ වෙනත් ආකාරයකටය..

රට තිබුණු අවිනිශ්චිත සහ අන්තරාදායි තත්ත්වයෙන් ගොඩනැගීමට ජනාධිපතිවරයාට සහයෝගය දුන් ක්‍රියාශීලී ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ට,

 

"රනිල්ගේ සුරතුලුන්" යැයි කියමින් අපහාස කිරීම තුළින් ඔවුන් අවාසිය ලබාගන්නේ තමන්ගේ පොහොට්ටුවටමය..

අද පොහොට්ටුවේ වේදිකාවේ කථික ලැයිස්තුවේ ඉදිරිපිටම සිටින්නේ තිස්ස කුට්ටිආරච්චිය..

සාගර කාරියවසම්ය...

සහ පොහොට්ටුවේ බලවතුන් කියනවා නම් ඕනෑම සට්ටැඹි කතාවක් මාධ්‍ය ඉදිරියේ ඇවිත් දේශපාලන ඔස්තාර්ලා ලෙස බර වචන දමමින් ලැජ්ජ නැතුව කියන කථිකයන්ය..

ඒකෙන්ම තත්වය තේරුම් ගත හැකිය..

එදා රිචර්ඩ් පතිරණ ලා ,

අමරසිරි දොඩංගොඩ ලා,

කේ.බී.රත්නායක ලා,

ස්ටැන්ලි තිලකරත්න ලා,

රත්නසිරි වික්‍රමනායක ලා ,

ඇදගෙන ගිය වේදිකාවේ වගකීම අද දරණ අය දෙස බැලූ විට තවත් කිසිවක් සිතීමට අවශ්‍ය නැත...

 

පොහොට්ටුව ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා යැයි කියන්නේ මේ පොළොවේ තනිවම ඔවුන්ට ඉදිරියට ඇවිත් කළ හැකි දේ පිළිබඳව, දශම මාත්‍රයකින්වත් නිවැරදි අවබෝධයක් ඇති දේශපාලනඥයන් යැයි සිතිය නොහැක..

සමහරවිට ඔවුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයකින් විපක්ෂ නායකකම බලාපොරොත්තු වෙනවා විය හැකිය..

රටේ තිබෙන දේශපාලන තත්වය අනුව නම් එය සිහිනයක් වනු ඇත..

 

පොහොට්ටුව නිල වශයෙන් කවර තීරණයක් ගත්තත් පොහොට්ටුවේ සාමාජික ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ ඔවුන්ට සහාය දුන් ජනතාවගෙන් සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් සිටින්නේ වර්තමාන ජනාධිපතිවරයාට මේ මොහොතේ සහාය දිය යුතු යැයි යන මතයේ යැයි යන්න අපට දැනෙන පොළොවේ තිබෙන යථාර්ථයයි..

එසේ වුවහොත් පොහොට්ටුවට සිදුවන්නේ සිව්වැනි තැන ලබා ගැනීමටය.

පොදුජන පෙරමුණ බෙදීමකින් තොරව ජනාධිපතිවරයාට සහාය දී,

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයත්, එජාපයේ සුළු ඉතිරිව ඇති ඡන්ද පදනමත්, දේශපාලන පක්ෂ භේදයකින් තොරව මැදහත්ව සිටින ජනතාවගේ වැඩි පිරිසකගේ සහයත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලබාගතහොත් ඔහුට පැහැදිලි අවස්ථාවක් ඇත..

දැනට මාස දෙකකට පෙර තිබූ දේශපාලන තත්ත්වයට වඩා රටේ දේශපාලන තත්ත්වයේ පැහැදිලි වෙනසක් ඇත...

තමන්ගේ පෞද්ගලික දේශපාලන බලාපොරොත්තු සඵල ගෙන ගැනීමට රටේ අනාගතයේ අවිනිශ්චිත කිරීම නම් සමාව දිය නොහැකි වරදක් වනු ඇත...

මන්ද වැටී තිබුණු දරුණු අර්බුදයකින් මද වශයෙන් හෝ ගොඩ වීත් වයක් ඉදිරියට යමින් සිටින මොහොතක ින් ඒ මොහොත අපට අත්හදා බැලීම් වලට සුදුසු අවස්ථාවක් නොවන බව තේරුම් ගත යුතුය..

 

වැඩේ වැරදුනු පසු කට්ට කන්න වෙන්නේ සියලු දෙනාට එකටය..

බලය නැති විට විවේචනය කිරීම ඉතා පහසුය..

සමහර කණ්ඩායම් තමන්ට බලය ලැබුණු පසු රට ඉදිරියට ගෙනයන ආකාරය ගැන කියන කතා අසන විට ඔවුන් ජීවත්වන්නේ මේ ලෝකයේ වර්තමාන පැවැත්ම ගැන ආර්ථික රටාවන් ගැන කවර අවබෝධයකින් දැයි පුදුම සිතේ...

 

එලොන් මස්ක් ආර්ථික ඝාතකයෙකු යැයි කියන ගමන් නව ලෝකයට යන්න හදන අනාගත මුදල් ඇමතිලා ගැන සිතන විට,

එමෙන්ම සංවෘත සහ විවෘත ආර්ථික ප්‍රතිපත්ති අතර ඔවුන්ගේ විවිධ නායකයන් පරස්පර ප්‍රකාශ කරන දෙස බලන විට,

ඔවුන් සිටින්නේ කොතැනදැයි සිතාගත නොහැක...

යාපනයට ගොස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනය කොහේදැයි සොයනතවත් සමහරු ,

පහුගිය මාස තුනට විවිධ ප්‍රශ්නවලට ජාතික ප්‍රතිපත්ති හදනවා යැයි කියූ ප්‍රමාණය ඒ කියපු එක්කෙනාටද මතක නැතුව ඇත..

තවම ඔහු ජාතික ප්‍රතිපත්ති හැදුවේ නැත්තේ අධෝ වාතයක් ගිය විට එහි ගඳ සුවඳ තීරණය කිරීම පිණිස පමණය...

 

අර රනිල් වික්‍රමසිංහගේද අතීතයේ වැරදි ඇත..

එල්.ටී.ටී. ත්‍රස්තවාදයට එරෙහි සටනේ ඔහුගේ මතවාදය සමග අප කවදාවත් එකඟ වන්නේ නැත..

අපට මේ මොහොතේ සොයාගන්නට පුළුවන් සියලු දේ හරි නායකයා නොව,

මේ මොහොතේ රටට අවශ්‍ය නායකයාය..

අවුරුදු දෙකකට ආසන්න අතීතයේදී රටම එකතු වී කාපු ඒ කට්ට මෙතරම් ඉක්මනට අමතක වෙනවා නම් අපට කරන්නට දෙයක් නැත..

 

@ලාල් ද අල්විස්  fb page

(මෙම ලිපිය අප වෙත එවූ සුදර්ශන ගුණවර්ධන මිතුරාට තුති)

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි