SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මට වේළුප්පිල්ලෙයි ප්‍රභාකරන් හෙවත් කොටි සංවිධානයේ නායකයගේ ළමාවිය ගැන වාර්තා චිත්‍රපටයක් තනන්න බරපතල වුවමනාවක් ගෙවුණු අවුරුදු කීපය තුල තිබුණ.

වැඩේ අතැරියේ එහි නැරේටරය වෙන්න කතා කරපු දෙමළ මිත්‍රයෝ සෑම කෙනෙක්ම බෑ කීව.

 

‘ප්‍රභාකරන්ගේ ළමාවිය’ ගැන  මට උනන්දුවක් ඇති වුණේ මම දෙමළ ඊළාම් භූමියට යන්න එන්න ගත්තට පස්සේ. ඔහුගේ ළමාවියෙන් මම තෝරා ගත්තේ 1954 නොවැම්බරයේ [ ඔහුගේ උපන් වර්ෂය හා මාසය] සිට 1977 අගෝස්තුවේ යූ.ඇන්.පී මදාවියන් සති කීපයක් දකුණු පළාත්වල ජීවත් වූ දෙමළ ජනයාට පහර දීම හා ඔවුන්ගේ දේපොල විනාශ කළ කාළය දක්වා වූ යුගය.

 

මට අවශ්‍ය වුණේ සෙසු පළාත්වල සිදු වූ වාර්ගික කෝළාහල, ළමාවියේ හා නව යොවුන් වියේ සිටි සෙසු කුල දෙමළ ළමයෙකුට කෙසේ දැනෙන්නට ඇද්ද යන්න සෙවිම.

 

උදාහරණයකට 1956 සිංහලය රජ බස කිරීමේ ව්‍යාපාරය කෙසේ ඔහුට ඇහෙන්නට ඇද්ද, 1957 දී බණ්ඩා - චෙල්වා ගිවිසුම ඉරා දැමෙද්දී ඔහුට කෙසේ ඇහෙන්නට ඇද්ද, 1958 සිංහල දෙමළ - කෝළාහලය ඔහුට කෙසේ පෙනෙන්නට ඇද්ද, 1964 දි සිරිමා - ශාස්ත්‍රි ගිවිසුමෙන් එළු පට්ටියක් බෙදා ගන්නව වගේ වතුකරයේ සිටි, රටක් නැති දෙමළ ජනයා බෙදා ගැනීම ඔහුට කෙසේ පෙනෙන්නට ඇද්ද, 1967 ඩඩ්ලි - චෙල්වා ගිවිසුමට විරුද්ධව වමේ නායකයන් ‘මසල වඩේ පෙලපාලියේ යද්දී ඔහුට කෙසේ එය පෙනෙන්නට ඇද්ද, 1972 දි වමේ ප්‍රධාන නායකයෙකු වූ කොල්වින් ආර්. ද සිල්වා සමඟි පෙරමුණු ආණ්ඩුව වෙනුවෙන් රාජ්‍ය භාෂාව සිංහලය කිරීමත් රාජ්‍ය ආගම බුද්ධාගම කිරීම කෙසේ ඔහුට දැනෙන්නට ඇද්ද? යන දේ දෙමළ සටන්කාමියෙකුගේ ඇසින් දකින්න.

 

මම හිතුවේ ඔහුගේ නව යොවුන්වියේ නිර්භීත වෙඩික්කාරයෙකු ලඟින් කතාව ඉවර කරන්න. 77 අගෝස්තු ප්‍රහාරයෙන් තමයි මට ඒක පටන් ගන්න ඕන වුණේ. මම රෝහණ විජේවීරගේ ළමාවිය හා යොවුන්විය 2007 කරපු ‘විනිශ්චය සොයා’ [ In Search of Justice] වාර්තා චිත්‍රපටයට ගෙනාව. ඒවගේම දෙයක් කරන්නයි මට ඕනෑ වුණේ. අවාසනාවට අවශ්‍ය පර්යේෂණ කෙරුණ. එහෙත් දෙමළ මිත්‍රයෝ වැඩේට උදවු කළේ නෑ.

 

මේ කතාව ලියන්න හිතුනෙ ඊයේ රෝහණ විජේවිරගේ උපන් දිනය සිහිවෙල. හෙට එයා ගැන අලුතින් යමක් ලියන්න ඕන. පුදුමයක මහත...! මේ දෙන්නම අයිති කරාව [යාපනයේ කරයර්] කුලයට. ඔවුන්ගේ පියවරු වමේ දේශපාලන කරපු උදවිය. දෙන්නගෙ වයස් පරතරය අවුරුදු 11 යි.

 

ඔවුන්ට  සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලපල්ලට යවන්න තරම් ශක්තිමත් දේශපාලන ව්‍යාපාර තනන්නට අවශ්‍ය දිරිය හා අදිටන ලැබුණේ කොහෙන්ද යන දේ සොයා ගැනීම ඉතිහාසය ඉතාම වැදගත්වේය කියා මම විශ්වාස කරනව. කාලය ඉඩ දුන්නොත් ‘ප්‍රභාකරන්ගේ ළමාවිය’ හදනව.

 

@නන්දන වීරරත්න

marrikkar

නවතම ලිපි