SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ජූලි 17 වැනි බදාදා, බංග්ලාදේශයේ ඩකාහි විශ්වවිද්‍යාල මණ්ඩපයේ රාජ්‍ය සේවයේ කෝටා ක්‍රමයට එරෙහිව සටන් පාඨ කියමින් සිටි සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් උණ්ඩ සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කරයි. (AP Photo/Rajib Dhar)

අගනුවර කීර්තිමත් ඩකා විශ්වවිද්‍යාලයේ ප්‍රචණ්ඩත්වය පුපුරා ගිය සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ජීවිත හානි සමස්ත මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළ නැංවී ඇත.

 

රජයේ රැකියා සඳහා කෝටා ක්‍රමය සම්බන්ධයෙන් ඇති වූ විරෝධතාවන්  ප්‍රචණ්ඩත්වයට පත්වීමෙන් පසු බංගලාදේශයේ  මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළ නැග ඇත. තවද සිසුන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් තවත් 2,500 ක් පමණ තුවාල ලැබූහ.

 

ප්‍රචණ්ඩත්වය ප්‍රථම වරට සඳුදා අගනුවර ඩකා විශ්ව විද්‍යාලයෙන් ඇරඹි අතර එය  ඉක්මනින්ම අනෙකුත් නගරවලටද පැතිර ගොස් තිබිණි. අඟහරුවාදා පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය අතර තවත් සිය ගණනක් තුවාල ලැබූ බව වාර්තා විය.

 

බොහෝ මරණ වාර්තා වූයේ  ඩකා නගරයේ වන අතර, එහිදී විරෝධතාකරුවන්, පොලිසිය සහ පාලක අවාමි ලීග් පක්ෂයේ ක්‍රියාකාරීන් සමඟ ගැටුම් ඇති කර ගෙන තිබුණි. ඩකා හි  පුවත්පතක් වන Prothom Alo පවසන්නේ  විරෝධතාකරුවන් සහ  ආරක්ෂක නිලධාරීන්ට, ආණ්ඩු පක්ෂයේ ක්‍රියාකාරීන්ට එරෙහිව ඇති වූ ගැටුම්වලින් ඩකාහි උත්තරා ප්‍රදේශයේ පමණක් අවම වශයෙන් හය දෙනෙකුවත් මිය ගොස් ඇති බවයි.

 

bangla 2

ප්‍රචණ්ඩත්වය ප්‍රථම වරට සඳුදා පුපුරා ගියේ රටේ ප්‍රමුඛ පොදු විශ්ව විද්‍යාලය වන ඩකා විශ්ව විද්‍යාලයේදී ය.  එහිදී විරෝධතාකරුවන් සහ පාලක අවාමි ලීග් පක්ෂයේ ශිෂ්‍ය අංශය වන බංග්ලාදේශ ඡත්‍රා ලීගයේ (BSL) සාමාජිකයින් අතර ගැටුම්වලින් සිසුන් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. (AP Photo/අබ්දුල් ගෝනි)

 

අනතුරුව ප්‍රචණ්ඩත්වය ඩකාවෙන් ඔබ්බට පැතිර ගිය අතර, අනතුරුව නාරායන්ගන්ජ් සහ චිතගොං හි ද මියයෑම් වාර්තා විය. ‍

 

මියගිය අය අතර 15 හැවිරිදි Tahmid Tamim සහ Narayanganj හි 22 හැවිරිදි M Imon Mia සහ Chittagong හි Potiya රජයේ උසස් ද්විතීයික විද්‍යාලයේ 18 හැවිරිදි මොහොමඩ් ඉමාඩ් සිසුන් ඇතුලත් වේ.

 

බංග්ලාදේශයේ රාජ්‍ය විකාශන රූපවාහිනිය වූ  බංගලිදේශ රූපවාහිනිය ( BTV ), විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබූ අතර, එය "ව්‍යසනකාරී" සහ "වේගයෙන් පැතිරෙන" ගැටුමක් ලෙස වාර්තා වේ. එම ස්ථානයේ සිටින නම නොපැවසූ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ  විරෝධතාකරුවන් සිය ගණනක් ගොඩනැගිල්ලට ඇතුළු වී වාහන සහ කාර්යාල ගිනි තබා ඇති බවයි.

ඩකා ටයිම්ස් මාධ්‍යවේදී හසන් මෙහෙදි ද වෙඩි වැදී තුවාල සහිතව රැගෙන ඒමෙන් පසු මිය ගොස් ඇති අතර, එය   වෙඩි හුවමාරුවට හසු වූ මාධ්‍යවේදීන් මුහුණ දෙන අන්තරායන් ඉස්මතු කරන්නක් විය.

 

bangla 3

ජහන්ගීර් නගර් විශ්ව විද්‍යාලයේ, විරෝධතාකරුවන් අඟහරුවාදා අලුයම උපකුලපතිවරයාගේ නිවස ඉදිරිපිට රැස්ව සිටි අතර, ඔවුන්ට BCL ක්‍රියාකාරීන් සහ පොලිසිය විසින් පහර දුන් බව සාක්ෂිකරුවන් පවසයි. (AP Photo/අබ්දුල් ගෝනි)

ඇනහිටි සාකච්ඡා සහ රජයේ ක්‍රියාමාර්ග

 

අගමැතිනි ෂීක් හසීනාගේ නායකත්වයෙන් යුත් රජය විරෝධතාකරුවන් සමඟ සංවාදයක නිරත වීමට ඉදිරිපත් වී ඇත. මෙහිදී කෝටා ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කිරීමට ඔවුන්ගේ ඇති  කැමැත්ත නීති අමාත්‍ය Anisul Huq යලිත් අවධාරණය කර තිබිණි.

 

 

කෙසේ වෙතත්, හස්නාට් අබ්දුල්ලා සහ අසීෆ් මහමුද් වැනි ශිෂ්‍ය නායකයින් මෙම යෝජනා ප්‍රතික්ෂේප කර ඇති අතර ප්‍රචණ්ඩත්වය සහ ලේ වැගිරීම් මධ්‍යයේ සාකච්ඡා පැවැත්විය නොහැකි බවට තර්ක කර ඇත. කෝටා ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම, විශ්වවිද්‍යාලවල ආරක්ෂාව තහවුරු කිරීම, මරණවලට වගකිවයුත්තන්ට දඬුවම් කිරීම ඇතුළු ඔවුන්ගේ මූලික අවශ්‍යතාවලට විසඳුම් ලබා දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා ඇත.

 

මේ අතර ඇවිලෙන ගින්නට පිදුරු එකතු කරමින් රජය ජංගම අන්තර්ජාල ප්‍රවේශයට සීමා පනවා ඇත. කනිෂ්ඨ තොරතුරු තාක්ෂණ අමාත්‍ය Zunaid Ahmed Palak විසින්  එය  "කටකතා" සහ සමාජ මාධ්‍යවල "අස්ථාවර තත්වයක්" යුක්තිසහගත කිරීමක් ලෙස සඳහන් කරයි. ඩිජිටල් හිමිකම් සංවිධානයක් වන Netblocks, මෙහිදී  "සම්පූර්ණ ජාතික අන්තර්ජාල වසා දැමීමක්" වාර්තා කළේය. මාධ්‍ය අයිතිවාසිකම් කන්ඩායම් මෙම "අන්තර්ජාල අවහිරය" ප්‍රතික්ෂේප කර ඇත්තේ මෙය  විසම්මුතිය යටපත් කිරීමේ තවත් උත්සාහයක් ලෙස පවසමිනි.

 

මේ අතර, රට පුරා සිදුවෙමින් පවතින කෝටා ආශ්‍රිත ප්‍රචණ්ඩත්වය සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ වාසස්ථානවලින් පිටත ගමන් කිරීම සීමා කරන ලෙස ඉන්දීය බලධාරීන් එහි පුරවැසියන්ට සහ බංග්ලාදේශයේ සිසුන්ට උපදෙස් දුන්නේය .

 

bangla 4

ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය (BNP) සහ එහි ශිෂ්‍ය අංශය කෝටා විරෝධී විරෝධතාකරුවන්ට එල්ල කරන ප්‍රහාරවලට විරෝධය දැක්වීම සඳහා බදාදා පාගමන් සඳහා කැඳවීමත් සමඟ නොසන්සුන්තාව දේශපාලන මානයක් ද ගෙන ඇත. (AP Photo/අබ්දුල් ගෝනි)

 

රාත්‍රිය දක්වා ගැටුම් පවතින බැවින් මියගිය සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සන්නිවේදනය කඩාකප්පල් වී ඇති අතර විරෝධතා දිගටම පැවතීමත් සමඟ සාමකාමී විසඳුමකට එළඹිය හැකිද යන්න ද  පැහැදිලි නැති බව ජනමාධ්‍ය වාර්තා කරයි. මේ අතර බංග්ලාදේශ රජයේ  ප්‍රචණ්ඩත්වය සහ අස්ථාවරත්වය පිලිබඳ විරෝධය මතු කරමින් තම ඉල්ලීම් ඉටුවන තුරු සිය පෙලපාලි අඛණ්ඩව පවත්වාගෙන යාමට ශිෂ්‍ය නායකයෝ ප්‍රතිඥා දී ඇත.

 

මොකක්ද මේ කෝටා ක්‍රමය

 

1971 නිදහස් සටන්කාමීන්ගෙන් පැවත එන්නන් සඳහා රජයේ රැකියාවලින් 30%ක් වෙන්කරමින් මහාධිකරණය විසින් කෝටා ක්‍රමයක් යළි ස්ථාපිත කිරීමත් සමඟ විරෝධතා ඇති විය . කෝටා ක්‍රමය 1972 දී හඳුන්වාදීමෙන් පසු වෙනස්කම් කිහිපයක් සිදුවී ඇත. 2018 වසරේ මෙවැනිම ශිෂ්‍ය උද්ඝෝෂණවලින් පසු එය අහෝසි කරන විට රජයේ රැකියාවලින් 56%ක් විවිධ කෝටා යටතේ වෙන්කර තිබුණි. වත්මන් විරෝධතාකරුවන්ට අවශ්‍ය වන්නේ ආදිවාසී ප්‍රජාවන් සහ ආබාධිතයන් හැර අනෙකුත් සියලුම කාණ්ඩයේ කෝටා ක්‍රමයන්  අහෝසි කිරීමටයි.

 

එමෙන්ම විරෝධතාකරුවන් තර්ක කළේ කෝටා ක්‍රමය මගින් වෙනස් කොට සැලකීම සහ නිදහස් ව්‍යාපාරයට නායකත්වය දුන් අගමැති ෂීක් හසීනාගේ පක්ෂයේ ආධාරකරුවන්ට වැඩි ප්‍රතිලාභ අත්කර දෙන බවයි. ඒ වෙනුවට සිසුන් යෝජනා කරන්නේ කුසලතා පදනම් කරගත් ක්‍රමයකි.

 

@ සමාරා

විදෙස් මාධ්‍ය ඇසුරෙනි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි