SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  2005 සිට 2015 දක්වා කාලය තුළ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ජනාධිපති වරප්‍රසාද යටතේ ගුවන් හමුදා හෙලිකොප්ටර් භාවිතා කරමින් ගුවන් ගමන් 978 ක් සිදු කර ඇති අතර,

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය පස් අවුරුදු ධුර කාලය තුළ 557 වතාවක් පියාසර කර ඇති බව වාර්තා වේ. තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ කළ විමසීමකට අනුව  ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය මේ බව අනාවරණය කර ඇත.

 

ඩේලි මිරර් පුවත්පත ගුවන් හමුදා මූලස්ථානය මුලින් ඉල්ලා සිටි තොරතුරු ලබා දීමට අපොහොසත් වීමෙන් පසු එම පුවත්පත් සමාගමටම අයත් “අද පුවත්පත” විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට කරන ලද අභියාචනයකට ප්‍රතිචාර වශයෙන් මෙම දත්ත අනාවරණය කර ඇත.

 

මෙම තොරතුරු ලබා ගැනීම සඳහා ඉල්ලීම 2022 දෙසැම්බර් 5 වන දින ගුවන් හමුදා මූලස්ථානයට යවා ඇතත්, එම තොරතුරු හෙළි කිරීමට ගුවන් හමුදාව අපොහොසත් වූ අතර, තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට ලිපියක් ලිවීමට පුවත්පත යොමු කළ බව අද ඩේලි මිරර් වාර්තාවේ සඳහන්ව ඇත.

 

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවට කරන ලද අභියාචනයකට අනුව, කොමිසම විසින් 2024.01.04 දින අභියාචනා අංක RTIC/Apeal/398/2023 යටතේ ගුවන් හමුදා මූලස්ථානය වෙත නියෝගයක් නිකුත් කරන ලදී. එම නියෝගයෙන් පසුව, 2024 ජූලි 11 වන දින තොරතුරු ලබා දී ඇති අතර, එහිදී  ඉල්ලා සිටි තොරතුරු වලින් කොටසක් පමණක් ලබා දී ඇත.

 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරප්‍රසාදය යටතේ වසර පහක පාලන කාලය තුළ 557 වතාවක් ගුවන් ගමන් කර ඇති බවද එම තොරතුරු අනාවරණය කරයි. ඔහු මෙම අභ්‍යන්තර ගුවන් ගමන් හරහා කිලෝමීටර් 131,277.17 ක සම්පූර්ණ දුරක් ගෙවා ඇත.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පාලන කාලය තුළ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා විශාල වශයෙන් භාවිත කර ඇති අතර, එය වාර්ෂිකව ගුවන් ගමන් 111ක් සමඟින්, රාජපක්ෂගේ වාර්ෂික ගුවන් ගමන් 88 අභිබවා ගොස් ඇත.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් දෙදෙනාම හෙලිකොප්ටර් ගමන් සඳහා මහජන මුදල් යෙදවීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව ඇත.

 

@රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

කාටූන් පින්තූරය -Dailymirror

marrikkar

නවතම ලිපි