SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“ත්‍රස්තවාදය, බෙදුම්වාදය, පවුල්වාදය පරාජය කළ ඒ මහා පෙරළිවල මහා දැති රෝද කරකැවූ කුඩා දැති රෝදය අපියි.

මේ ආර්ථික බකොළොත්භාවයෙන් මුදවන්න මෙවරත් ඔය මහා ලොකු දැති රෝද කරකවන කුඩා දැති රෝදය අපියි. එක්සත් ජනරජ පෙරමුණයි..!”

 

එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මහා සමුළුව, පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් මහරගම, තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී විශාල ජන සහභාගීත්වයක් සහිතව පැවැත්විණ.

 

පාඨලී සේනාවක් නැති සේනාධිපතියෙක්..?

 

එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මහා සමුළුව අමතමින් අදහස් දැක්වූ පක්ෂයේ ප්‍රධාන ලේකම්, බන්දුල චන්ද්‍රසේකර සඳහන් කළේ ජනරජ පෙරමුණේ නායක පාඨලී සේනාවක් නැති සේනාධිපතියෙක් ලෙස ඇතැම් පිරිස් හඳුන්වාදෙන බව ය. එම සේනාධිපති මේ වන විට රට පුරා ම සේනාව සංවිධානය කරමින් සිටින බව පෙන්වා දෙන චන්ද්‍රසේකර මහතා එකී සේනාව අතීතයට නොව අනාගතයට අයිති නවීකාරක සේනාවක් බව ද, සඳහන් කළේය. රට ගැන සිතන, පරිසරය ගැන සිතන, පීඩාවට පත්වූවන් ගැන සිතන, කොටින්ම මේ අඳුරු අගාධයෙන් රට ගොඩනැගීමට සිතන රට වෙනස් කරන සේනාවක්, එහි සේනාධිනායක නවීන, අනුකාරක නොවූ, ඔබ සහ අපි සැම එක්ක වැඩ කළ හැකි වාසියට යට නොවන නායකයෙක් ලෙස පාඨලී චම්පික හඳුන්වා දිය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

 

විශාල පක්ෂවල ලොකු, ඇටවුම් බැස තිබෙන දැති රෝද කොපමණ ඇති නමුත් අරමුණක් වෙනුවෙන් කැපවූ කුඩා දැති රෝද වන තම පිරිස එදත්, අදත් ලොකු දැති රෝද කරකවා ජයග්‍රහණ ගෙන ආ බව ද ප්‍රධාන ලේකම්වරයා  මතක් කර දුන්නේය.

 

“ත්‍රස්තවාදය, බෙදුම්වාදය, පවුල්වාදය පරාජය කළ ඒ මහා පෙරළිවල මහා දැති රෝද කරකැවූ කුඩා දැති රෝදය අපියි. මේ ආර්ථික බකොළොත්භාවයෙන් මුදවන්න මෙවරත් ඔය මහා ලොකු දැති රෝද කරකවන කුඩා දැති රෝදය අපියි. එක්සත් ජනරජ පෙරමුණයි..!”

 

චම්පික රනිල්ට එකතු වෙනවාද?

 

චම්පික රණවක රනිල්ගේ ආණ්ඩුවට එකතු වී ඇමැතිකම් ගන්නා බවට විශාල සාවද්‍ය ප්‍රචාරයක් ගෙන යන නමුත් පාඨලී චම්පික රණවක සහ එක්සත් ජනරජ පෙරමුණ තවමත් විපක්ෂයේ සහ බහුතර ජනතාව අතරේ රැඳී සිටින බව පෙන්වා දෙන බන්දුල  චන්ද්‍රසේකර පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම එකඟතාවයෙන් ව්‍යවස්ථාදායකයේ කමිටු තුළ වැඩ කොට පෙන්වූ නායකයෙක්, රාජ්‍ය ආදායම වැඩි කිරීමට දායක වූ නායකයෙක් ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වය හරහා ආර්ථික බර බදු බර පීඩිතයාගේ කර මතට දැමූ යුගයක ඊට විකල්පය - හොර, සහචර, ජාවාරම්කාර බදු හොරුන් රටට හෙළි කළ, රටට ආදායම ගෙන දුන් මහජන නියෝජිතයා පාඨලී චම්පික රණවක බව පෙන්වා දුන්නේය. එම වැඩපිළිවෙළ කණ්ඩායමක් ලෙස එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙන්වා දෙන ලද්දේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” හරහා ය.

 

“චම්පික රණවක - හුදු විවේචනවලට සීමා නොවී, ආණ්ඩුකරණය, තාක්ෂණික භාවිතය, නව දැක්මකින්, නවීකරණ ප්‍රතිපත්තියකින් රටට කියන, රටට මැදිහත් වූ නායකයෙක්”

 

ඉදිරියේ දී ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය පැවැත්වීමට නියමිත ය.

 

බංකොලොත් බවින් රට ගලවා ගන්නා බලවේගයේ සැබෑ බලය..!

 

“ත්‍රස්තවාදයෙන්, පවුල්වාදයෙන් රටම ගලවාගන්න පුලුවන් වුනා නම් බංකොලොත් බවිනුත් රට ගලවා ගන්න බලවේගයේ සැබෑ බලය මෙතනයි. ඒ සඳහා තනිවමත්, සන්ධානගතවත් අපි ක්‍රියා කරනවා. ඒ බලය යොදවා අනාගතය ජනතා පදනමක් ඇතිව, හොරු නැතිව හදනවා. අපට අවශ්‍ය හුදු වාද කර කර ඉන්න බලයක් නොවේ. වාදය වාතයක් කරගත්තු බලවේගයක් නොවෙයි. කාට වුණත්, කා එක්කත් වාද කරන්න පුළුවන් නායකයො, ක්‍රියාකාරිකයෝ ඉන්න තැනක්. ජනතාව දිනාගෙන රට ගොඩ නගන බලවේගයක්.”

 

“අපිට ධනවාදයත් අවශ්‍යයි. සමාජවාදී යුක්ති ගරුක සමානත්මතාවත් අවශ්‍යයි. ඒ තමයි ප්‍රායෝගිකවාදය. ඒ වෙන කිසිවකටත් නොවේ.. මේ සමාජය ගිලගෙන තිබෙන සහචරවාදය, ජාවාරම්කාර පාලනය, භීෂණය හා දූෂිත ප්‍රභූ දේශපාලනය අවසන් කිරීමටයි. නව තීන්දු තීරණ ගන්න සමාජයක්, පරිසරයට ආදරය කරන සමාජයක්. රටේ ධනෝත්පාදනයට මග සලසන ආර්ථිකයක් හදන බලවේගය එක්සත් ජනරජ පෙරමුණයි. ඒවටා රොක්වන්න. ගම්දනව් පුරා ශක්තිමත් වෙන්න.”

 

@මාධ්‍ය ඒකකය

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි