SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බොහෝ දෙනා දැන හඳුනාගත් රොහාන් පෙරේරා හෙවත් මොහොමඩ් ෆස්ලි නිසාර්

මීට මාස තුනකට පෙර අදවැනි දවසක (ජූලි 14) සමාජය තුළ විශේෂයෙන් සමාජ  මාධ්‍ය තුළ විශාල කතාබහකට ලක් විය.

 

එතෙක් මෙතෙක් රොහාන් කෙනෙක් ගැන අසා නැති බොහෝ දෙනා ඔහුගේ ඉතිහාසය අවුස්සනු ලැබූ අතර, ඔහුගේ සැඟවුනු ජීවිතයක් පෙරට ගෙන ඒ සමග බොහෝ ගද්‍ය පද්‍ය විචාර පබඳින්නට ද වීය.

 

කෙසේ වුවත් මේ භූමිය තුළ ඔීනෑම මතකයක් සැමරෙන්නේ වැඩිම උනොත් සතියයි හෝ දින දහයක් පමණි යන්න සනාථ කරමින් ඔහුගේ අනුගාමිකයන්ට, පැරණි මිතුරන්ට, රැල්ලට ගහගෙන යන සමාජ මාධ්‍යයට ඇතුළු බොහෝ දෙනෙක්ට ඔහු පිළිබඳ කාරණය අමතක විය, නැතිනම් මතකයෙන් යටපත් විය.

 

අද සාලිය ඉඳුරුවිතානගේ සටහන උපුටා ගත්තේ එවැනි මොහොතක එක් අයෙකුට හෝ ඒ පිළිබඳ සිහිවීම අගය විය යුතු නිසාය.

(සමාරා පරණවිතාන)

 

saliya rohan

මේ පරිවර්තනය දැනගන්න පරාරෝපණයක් හෙවත් ජීවිතේ විප්‍රවාසයක් අවශ්‍යයි.(සාලිය ඉඳුරුවිතාන)

 

හාස්‍යජනක ගිරිදුර්ග සහිත රිද්මය මගේ හිත ගත්තේ නැති හේගල්ගේ දර්ශනයේ කොටස් කියවලා තිබුනා. තවත් වතාවක් මට මහා සාගරයේ ඇතුලට කිමිදෙන්න ඕන කලා. එහෙත් මේ වතාවේ මනසේ ස්වභාවයේ ශරීරයේ ස්වභාවය තරමට අවශ්‍යයෙන්ම ස්ථාවර, සංයුක්තයි කියලා තහවරු කරන නිශ්චිත අරමුණ ඇතිවයි මෙවර මම මෙහෙම කලේ. තව දුරටත් මගේ ඉලක්කය වුණේ කඩු හරඹයෙන් විජ්ජාවල් පුහුණු වීම නෙවී, ඒ වෙනුවට මට ඕන වුණේ දවසේ ආලෝකය යටතට නියම මුතු ඇට අරගෙන එන්නයි.

-රොහාන් පෙරේරා

 

අදට ( ජූලි 14 වෙනිදාට ) රොහාන් අපගෙන් සමුගෙන මාස තුනක් ගත වෙනවා. ගොඩක් දෙනෙක්ට නෙවෙයි හැමෝටම වගේ රොහාන් කියලා කෙනෙක් සිටියාද, රොහාන් කියලා කෙනෙක් මැරුණාද කියලවත් මතක නැහැ. රොහාන් මැරුණු බව ආරංචි වී ඔහුව මිහිදන් කරන තුරු රොහාන්ව දැකලවත් නැති, ඇසුරු කරලා තියා රොහාන්ගේ ලියකියවිලිවත් හරියට කියවලා නැති බොහෝ පිරිස් මුහුණු පොතේ හා සමාජ මාධ්‍යවල එක එක පල් හෑලි ලියන්න පටන්ගත් අතර, රොහාන්ව ටිකක් හරි දන්න පිරිස් ව්‍යාජ රංගනයක යෙදුණු අතර, සමහර පිරිස් රොහාන්ගේ වේලපත්කඩය හොයන්නට පටන් ගත්තෝය.

 

ඒත් රොහාන්ව මට ලේසියෙන් අමතක කරන්න බැරි කාරණා කීපයක්ම තිබෙනවා. එයින් මූලිකම දේ රොහාන් මේ සමාජයට හඳුන්වා දුන් නව දැනුමත්, මගේ ජීවිතේට ලොකු බලපෑමක්‌ ඇතිවුණු අතර, රොහාන් අපේ ගෙදර නැවතී සිටි දවස් එකොළහක පමණ කාලය ඇතුලත මා ඔහුගෙන් ඉගෙනගත්ත දේවල් වචනවලින් කියන්න බැරි තරමට විශාලයි (මේ නව දැනුම සමාජගත කරන්න උත්සාහ කල කෙනෙක් ලෙස දීප්ති කුමාර ගුණරත්නවත් සිහිපත් කල යුතුයි).

 

රොහාන්ගේ වර්ණවත් ලිවීම් ඇතුලේ ගොඩක් රිදීම් ඇතිබව මම දනිමි.

 

රොහාන් ඔබව ගොඩක් දෙනෙක් හිතාමතාම අමතක කරන්න හැදුවත්, මා මියයන තුරු මට ඔබව කිසිම විටක අමතක කරන්න බැහැ, අමතක වෙන්නෙත් නැහැ. භාෂාව කියන්නේ මිනිස් පැවැත්මේ මහා අවිඥානයේ විශාල පැතිකඩක් බව කියාදුන්, රොහාන් ඔබ‍ට ස්වර්ගීය සහනය ලැබේවා!

 

@ Saliya Induruvithana fb page

නවතම ලිපි