SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මම කැලේ ඉන්න අලීන්ට ආස කෙනෙක්. ඒ ආසාව ඇතිකරපු එකා හොයාගන්නත් නෑ.

නැගෙනහිර තිබුණ විශාලම කෑම්පෙක වුණේ කංචිකුඩිච්චි ආරු කැලෑව මැදට වෙන්න තිබ්බ එල්ටීටීඊයේ කාන්තා කඳවුර. ඒ කඳවුර ළඟ තමයි සෝමකුලම වැව තිබ්බේ. ඒක ඒකාලේ වෙනකොට විනාශ වෙලා තිබ්බේ.

 

මේ වැව හදන වැඩේ උතුරු වසන්තය යටතේ රත්නපුරේ සෙට් එකක් තමයි කළේ. ඉතිං දවසක් මාත් මේ වැව් වැඩේ අස්සට සංචාරකයෙක් විදිහට අහම්බෙන් ගිහිං වැටුණාම තමයි හමුවුණේ අන්නන්. ඌ මාර ලස්සන මනුස්සයෙක්. අපි ඌ එක්ක කංචි කොටි කාන්තා කඳවුර බලන්න ගියා. ඒක පිස්සු හැදෙන තාමත් මතකයේ තියෙන ගමනක්. ඌ ඒ කඳවුරේ එළිමහන් කටුකම්බි දඟර සිරකූඩුවක හිටපු එකෙක්. ඒකට හේතුව එස්ටීඑෆ් එකට ඔත්තු දෙනවා කියලා එල්ටීටීඊ ය සැක කිරීම. ඉතිං මේ හාදයා හොඳටම බොක්කටම සෙට් වෙනවා. ඊටපස්සේ අපි මූ එක්ක දඩයමේ යනවා.

 

අලි ඉන්න කැලෑවක මුලින්ම දඩයමේ ගියේ මූ එක්ක කීවොත් ඒක තමයි ඇත්ත. මූ ඉතිං අලි රංචු ළඟට අපිව අරගෙන යනවා. මුලින් මුලින් ඒක බය හිතෙන ගමනක් වුණාට පස්සෙන් පහු ඒක එහෙම නෑ. කංචි කියලා කියන්නේ ලාහුගල කුමන නැගෙනහිර එකට යාකරපු කැලෑ කැටිය. ඉතිං අලී ඕසෙට. ඕනී වෙලාවක වැව් පිටියේ දකින්න පුලුවන් කැලෙත් එහෙමයි. සෝම වැවට යාව තිබ්බ කුඹුරු යායම රැක්කේ අන්නන්. ඌට ඒකට ඌම හදාගත්ත බෝර 12හේ හෝ 16 තුවක්කුවක් තිබ්බා. ඌ මටත් තුවක්කුවක් කපලා දෙන්න පුරොන්දු වෙලා හිටියත් අන්තිමට ඌත් නෑ තුවක්කුවත් නෑ. ඒත් ඉතිං ඌ අලි ගැන කියපු කතා ජීවිතේ පළවෙනි වතාවට බේරෙන්න බැරිම තැන වෙඩි තියලා අලියෙක් මරපු හැටි පවා ඒ කතාගොඩේ තිබුණා.

 

ඌ අලීන්ට මාර විදිහට ආදරේ කරපු දඩයම් කාරයෙක් කියලා කිව්වොත් ඒක තමයි ඇත්ත. මෙන්න මේ අලි සෙල්ලම නිසා මාත් ඇත්තටම කැලේ අලි බලන්න මාර ආස වුණා. සාමාන්‍යයෙන් ළඟටම ගිහිං බලන පුරුද්දක් මට තියෙනවා. ඒත් කණ්ඩායමක් එක්ක ගියාම එහෙම යන්නේ නෑ මොකද උන්ගෙ සොමියට ඒක බාධාවක් හින්දා.

 

ඊළඟට ඉස්සර මම හරක්පට්ටි තැන්නට පයින්ම කිලෝමීටර් 20ක් විතර යනකොට සැවානා කඳුවල මානන් ගිලින අලීන් ඕනී තරම් දැකලා තියෙනවා. ඒක ඕනෑ තරම් බලාගෙන ඉන්න පුලුවන් දර්ශනයක්. අක්කර සීයේ හන්දියේ ඉදාලා හරක්පට්ටිතැන්නට යනකොට හම්බවෙන මිනිස්සු කියනවා ඔන්න මහත්තයෝ අලි ඉන්නවා පරිස්සමෙන් කියලා. සමහරු එහෙම කියලා තව ඉස්සරහට යනකොට කාවහරි මුලිච්චි වුණොත් අන්න අර මහත්තයෙක් ගමට යන්න යනවා පොඩ්ඩක් අඩිය ඉස්සරකොරලා ඒ මහත්තයා එක්ක පලයන් අලි ඉන්නවා කියලා කියනවා. එහෙම දවසට ඒ පයිණ්ඩේ ගත්ත එකා දුවලා ඇවිත් සෙට් වෙනවා. ඒවා මාර ජීවිත මතක.

 

මේ ගමේ දඩයක්කාරයෙක් එක්ක මම අලි බලන්න සඳ රෑට කැලේට ගිහිං තියෙනවා. අලි බලනවා කියන්නේ ඒතරම් ආසා හිතෙන වැඩක් අල්ලලා ගියොත්. දවසක් මේ ගමේ ඉදලා බලංගොඩ මැදබැද්දට ආවා උක් හකුරු ගේන කස්ටියක් එක්ක. ඒකත් මාරම වෙන්නේ එන පාරේ අලි පට්ටි හිටි නිසා. අලි පාරෙන් අයින් වෙනකම් මඟ රැකලා තමයි ආයෙත් පය ඉස්සර කරන්නේ ඒක මාරයි.

 

චංඩි මැරුණාම බෙනා ලස්සන කවියක් ලියලා තිබුණා. අපි ඒ තරමට අලීන්ට ආදරෙයි ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ දූපතේ අපි ලොකු ඉතිසායක් අස්සේ එකට සහජීවනෙන් ජීවත් වෙලා තිබීම.

 

බෙනාගේ කවිය මෙහෙම පහළින් දාන්නම්

 

 

“ඇල උඩ මල්වඩම් අරගෙන

පෙති දන්ඩී

පපුව පලාගෙන දියවුනි

වැව් කන්ඩී

කඳුළු වතුරෙ වකුටු වෙලා

වී උන්ඩී

නොකියම ගියේ ඇයි උඹ

පෙම්බර චණ්ඩී............!!!”

(නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්)

 

ජීවිතේ අපිට ගොඩක් දේවල් අහිමිවෙනව චන්ඩි. හරියට උඹටත් එක දතක් නැතිවුනා වගේ......!

උඹ ගල්ගමුවෙ පොළව උඩ තියපු බර පා සටහන්වල මොර මල් පිපියං......!!

එච්චරයි චන්ඩි...........!

සුබ ගමන් ........!!!

 

@කේ.සංජීව

නවතම ලිපි