SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ (09) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් හිටපු කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් කියා සිටියේ

සමාජයේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඩිජිටල් යටිතල පහසුකම් බොහෝ දුරට බලපාන බවත්, මේ සම්බන්ධයෙන් බලමණ්ඩලයක් පිහිටුවීමට තමා  යෝජනා කළත් එවැනි බලමණ්ඩලයක වැදගත්කම අවබෝධ කර ගැනීමට රැස්වීමට පැමිණ සිටි පක්ෂ නායකයින්ට නොහැකි වූ බවත්, එසේ වූයේ ඔවුන් මේවා තේරුම් ගැනීමට තරම් වයසින් වැඩි නිසා බවත් ය.

 

එසේම චරිත හේරත් මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ වර්තමානයේ ජනාධිපතිවරයා යටතේ පවතින TRC ආයතනය ජනසන්නිවේදන අමාත්‍යාංශය යටතට ගෙන ආ යුතු බවය.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ චරිත හේරත් මන්ත්‍රීවරයා..

 

“සරල එහෙම නැත්නම් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ටෙලි කොමියුනිකේෂන්වල නීති රීති එහා මෙහා කරන්න අපි නොයා යුතුව තියෙනව.

විශේෂයෙන් අපි දන්නව සමහර දේශපාලන කටයුතු වලදි සමහර අය එක එක රූපවාහිනී චැනල් එක්ක රණ්ඩු වෙනව, ගුවන් විදුලි චැනල් එක්ක රණ්ඩු වෙනව.

ඒ වගේම සමාජ මාධ්‍ය එක්ක රණ්ඩු වෙනව.

 

ඒ නිසා තම තමන්ගෙ හිතු මනාපෙට මේව පාලනය කරන්න නීති හදන්න ඔින කියල සමහර වෙලාවට සමහර අය කල්පනා කරනව.

 

රටක ටෙලිකොමිනිකේෂන් Infra structure කියන එක ශක්තිමත්ව පිහිටෙව්වෙ නැත්නම් වර්තමාන ලෝකය තුළ පැවැත්මක් නැහැ.

 

ඉස්සර පොදු ජනයා වෙත මෑස් මීඩියා හරහා යන්න තිබිච්ච ඉඩ අද වෙනකොට ඩිජිටල් මීඩියා ඇතුලෙ විශාල විප්ලවයක් බවට පත්වෙලා තියෙනව.

 

ඒක මේ දේශපාලනය කරන ඔක්කොම දන්නව ඇති, ඊළඟට එන ජනාධිපතිවරණය, මහ මැතිවරණය  හොඳට බලන්න පුළුවන්.  බජට් එක දිහා බැලුවත් පේනව, සමාජෙ හැසිරීම දිහා බැලුවත් පේනව මේ ඩිජිටල් ඉන්ප්‍රා ස්ට්‍රක්චර් එක ඇතුලෙ තමයි ඩිසිෂන් මේකර් ප්‍රොසෙස් එකට තියෙන විශාලම ශක්තිය ලැබෙන්නෙ. මේක සම්බන්ධ හොඳ නීති රට ඇතුලෙ ගේන්න ඔින.

 

මම අදත් කණගාටුවට පත්වෙනව මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් මම යෝජනා කෙරුවා, නමුත් පක්ෂ නායක රැස්වීමෙ අයට ඒක තේරුණේ නැහැ.

පක්ෂ නායක රැස්වීමේ ඉඳගෙන හිටපු අය වයස වැඩියි ඒ ප්‍රශ්නය තේරුම් ගන්න. එනිසා ඒ අය ඒක ප්‍රතිකේෂ් කෙරුවා, ඒ අය හිතුව මාව ප්‍රතික්ෂේප කළා කියල.

 

තමන්ගෙ මනසින් කල්පනා කරනව වගේම එක්ටෙන්ඩඩ් මයින්ඩ් එකක් සාක්කුවේ දාගෙන ඉන්නෙ. එහෙම සමාජයක තමයි අපි ඉන්නෙ. ඒක පිළිබඳව රෙගියුලේට්ලි මැදිහත්වීම ශක්තිමත් කරන්න ඔින.

 

පාර්ලිමේන්තු පර්පස් එකක් යෝජනා කෙරුවෙ ඒකට ජනතාවගෙ තියෙන සම්බන්ධතාවය වැඩිකරන්න. ඒකට ලයික් මයින්ඩඩ් පුරවැසියන්ගෙ පාර්ලිමේන්තුවට තියෙන සම්බන්ධතාවය වැඩි කරන්න.

 

මේ වගේ පනතක් ගේනකොට විශාල කන්සල්ටේටිව් ප්‍රොසෙස් එකක් හදන්න පුළුවන් වේවි කියල තමයි ඒක මම යෝජනා කෙරුවෙ. නමුත් පක්ෂ නායක රැස්වීමේ අය හිනාවෙලා බොහොම සකැස්ටික් විදිහට ඒක පැත්තකට දැම්ම.

 

නමුත් කණගාටුදායකයි. අපේ සමහර අය කල්පනා කරන්නෙ සමාජය තියෙන තැනට වඩා හුඟක් පස්සට ගිහිල්ලා.

අපි අතීතය ගැන උජාරුවෙන් කතා කරනවා විතරක් නෙවෙයි අපි තීරණ ගන්නෙත් අතීතයේ ඉඳලයි.

ඒක වැරදියි.. ඒ නිසා තමයි සමහර ප්‍රශ්නවලට අපිට උත්තර නැතිවෙලා තියෙන්නෙ.

 

TRC පනතෙ තවත් වෙනස් වෙන්න පැති ගණනාවක් තියෙනව. මේවා සම්බන්ධව අපේ අවදානය යොමු කරන්න ඔින. TRC එකේ ඉන්න අය, TRC එක ජනාධිපතිවරයා යටතෙ තියෙන එක නවත්වන්න ඔින. මම මේක හැමදාම කියන එකක්. ඉතාම පැහැදිලිව කියන්න ඔින, TRC කියන එක රටේ ජනාධිපතිවරයා යටතේ තියන්න හොඳ එකක් නෙවෙයි. TRC එක මිනිස්ට්‍රි ඔෆ් කොමිනිකේෂන් ඇතුලට ගේන්න ඔින”.

 

නවතම ලිපි