නිර්මාල් දේවසිරි කියලා කියන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙක්.
බුද්ධිමතෙක්. එතුමා කියනවා ලංකාවේ ඉතිහාසය පදනම් වෙලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් මිත්‍යා ප්‍රබන්ධ හතරක්/ පහක් මත.
ඒවා තමයි විජය කුමාරයා ආපු එක මහින්දාගමනය, දුටුගැමුණු පුරාවෘත්තය, බුදුන් වහන්සේ ලංකාවට වැඩිය කියන, සහ පණ්ඩුකාභයගේ කතාව. හැබැයි මම කියනවා ඔය ප්‍රධාන පහට අමතරව ඔය පොතේ තව ප්‍රබන්ධ රාශියක් තියෙනවා.
හැබැයි එතුමා මෙන්න මෙතනදී ලස්සන විග්‍රහයක් කරනවා මිත්‍යා ප්‍රබන්ධයක් කියන්නෙ මොකද්ද කියලා. මේ විග්‍රහයේ වීඩියෝ එක චුට්ටක් දිග වැඩියි. නමුත් මම කියන්නේ මොකක්ද අන්න ඒ විග්‍රහය හරිම වැදගත්. අපි දන්නවා ග්‍රීක් මිතලොජී. එයාලා ඒවාගේ අභූත කෑලි අල්ලගෙන උඩ පනින්නෙ නෑනේ. ඒ අය ඒවගේ තියෙන සමාජ, මනෝවිද්‍යාත්මක ආගමික දේශපාලනික සහ විද්‍යාත්මක පසුබිම විමසා බලනවා. හැබැයි අපි එක ඇත්තමයි කියලා වඳිනවා, බොරුයි කියලා වඳින එවුන් මරන්න හදනවා.
සාහිත්‍යය ආරක් තියෙනවා ඇත්ත කතාවක් මුල් කරගෙන කතන්දර ගොඩක් ලියනවා. එක එක්කෙනා එක එක විදියේ නවකතා ලියනවා. ‘කාන්තාරයේ කුසුම’ ඇත්ත කතාව ගැන පොත් ගණනාවක් ලියවෙලා තියෙනවා. නමුත් කතන්දරේ ඒකයිනෙ ඒ කෙල්ලගෙ.
ඔන්න ඔය ආර තමයි මේ ලංකාවේ ඉතිහාසය ගොඩනගන්න මුල් වෙලා තියෙන මහාවංශය කියන පොතේ තියෙන්නේ. ඒ වගේ කතන්දර ප්‍රබන්ධ කියන ඒවා සිද්ධ වුනේ නෑම කියලා අපිට තර්ක කරන්න බෑ. හේතුව ඒකට එහෙම වුණේ නෑම කියන්න අපිට සාධක නෑ. ඔන්න ඕක තමයි සබුද්ධික කතිකාවකට එනවනම් කතා කරන්න ඕනේ.
මම එකතු කරන්නම් නිර්මාල්ගේ ඔය පහට අමතරව තව අනු කතාවක්. මේ මුහුද ගොඩ ගැලුවයි කියන ප්‍රබන්ධය. මුහුද ගොඩ ගැලුවයි කියලා කිව්වට අපි විශ්වාස කරේ නෑ ඕක වෙනවයි කියලා නේද? ඕක වෙන්න බෑම කියලා හිතාගෙන හිටියා. හැබැයි සුනාමි ආව ගමන් අපි හිතුවා යකෝ ඇත්තනෙ මේකේ මෙහෙම එකක් වෙලා තියෙනවානේ.
හැබැයි ඕක කොහොමද උනේ කියන එක ගැන අපිට තව කතන්දර ලියන්න පුළුවන් ඇත්තටම කියනවා නම් ඔතෙන්දි උනේ සුනාමියක් ඇවිල්ලා විහාර මහා දේවී විතරක් නෙමෙයි ඔක්කොම ගහගෙන යන්ඩ ඇති මුහුදට. හැබැයි විහාර මහා දේවී ගොඩට ආවා වෙන්න බැරිද අනිත් පැත්තෙන්. ඒක වෙන්න පුළුවන්, ඒක ඒක මිරකල් එකක් නෙමෙයි, එහෙම සිද්ධි වෙනවා. එතකොට ඒ ආපු සිද්ධිය ඇත්තක් වෙන්න පුළුවන්. අර පැත්තෙන් ගොඩ ගහන්න පුළුවන් ගොඩ ගහනකොට ඉතින් ලස්සන කෙල්ලක්නේ. කාවන්තිස්ස රජ්ජුරුවෝ ඩැහැගත්තා වෙන්න පුළුවන්. කතාව ඇත්තනෙ.
කතාව එහෙම වුණාට තෙල් කටාරම් වල දාලා රහතන් වහන්සේලා පුච්චපු ඒවා ඊට පස්සේ මෙයා රට වෙනුවෙන් මුහුදට පැනපු ඒවා ඒ දුටුගැමුණු කියන ප්‍රබන්ධය ගොඩනගන්න සංස්කරණය කරපු අනූ ප්‍රබන්ධ. ඒවාගේ ඒවා කීයක් ඕක ඇතුළෙ තියෙනවද. ඇත්තටම මහාවංශය සාහිත්‍ය කෘතියක්. ඒක නවකතාවක්නේ එක සත්‍යය සිද්ධි, ජනකතා මුල් කරගෙන ලියපු ප්‍රබන්ධයක්නේ.
ඔන්න ඔය කතාව තමයි නිර්මාණ දේව සිරි කියන්නේ දුටුගැමුණු කෙනෙක් හිටියේ නෑ නෙමෙයි දුටුගැමුණු බලය වෙනුවෙන් යුද්ධ කළා, මිනිස්සු ඝාතනය කලා. තාත්තා දාලා තිබුණු ශක්තිමත් පදනම විනාශ කරලා සටන් කලා. මල්ලි සද්ධාතිස්ස තමයි ආර්ථිකය හැදුවෙ. තාත්තා සේනාව සංවිධානය කළේ.
මිහිදු හාමුදුරුවෝ ආවා, හැබැයි ඉර්දියෙන් නොවෙයි. කෑලේකට නොවෙයි, මිහින්තලේ කියන ස්වාධීන දහම් සහ දැනුම් පද්ධතීයක් ස්ථාපනය වී තිබුණු අධ්‍යාපන නිකේතනයකට. බුදු දහම ලංකාවේ ඒ වන විට එතන තිබුණා නිදහසේ. හැබැයි රජයෙන් වෙන්වෙලා. මිහිදු හාමුදුරුවෝ ඇවිල්ලා කළේ දුන්න පොඩි මැසේජ් එකක් අධිරාජ්‍යයාගෙන්. මොකද්ද මැසේජ් එක? “ගනින් උඹත් මේකක් උඹේ අතට, මමත් ගත්තා. මේක මරු රටක පාලනය ගෙනියන්න” අන්න ඒකයි පණිවුඩය. එදා ඉඳලා නිදහසේ වර්ධනය වී ආපු දහම රාජ්‍යයෙ දඩමීමාකරණය වුණා. හැබැයි මිහින්තලා පරණ සම්ප්‍රදාය ඒ විදිහටම නිහඬව මහපොළොවේ දිගේ ඇදීගෙන ආවා. හැබැයි අර රජයේ එක ප්‍රබල උනා. පරණ පොත් ගිනි තිබ්බා. මහපොළොවේ කට්ටිය පොත් අරගෙන කඳුකරයට සහ දකුණට පැනලා ගියා.
(ඉතිං ඔය ගැන මමත් පස්සේ නව කතාවක් ලියන්නම්)
විජය ආපු එක, පණ්ඩුකාභයගෙ එක, බුදුන් ලංකාවට ආපු එක ඔය සේරම නිර්මාල් ගේ විග්‍රහයට අනුකූල ‘මිත්‍යා ප්‍රබන්ධ’ තමයි. හැබැයි අර සුනාමි වාගේ ඒ දේවල් ගැන විවිධ තොරතුරු මතු වෙන්න පුළුවන් හිටි ගමන්. අපි ලියමු කතන්දර, ඒවා කවත්තනේ නැතුව.
(හොඳින් කල්පනා කරලා බලන්න අපි කැනීම් කරන්න අතගහපු නැති පදාස තියෙනවා යාල අභයභූමියෙන් යට වෙලා, එතකොට ඔය පරණවිතාන මහත්තයලාගේ ඒවා මත හිරවෙලාම තීරණ ගත්තොත් හොඳයි ද?
මිත්‍යා ප්‍රබන්ධ ඇත්ත කියලා වැඳ නමස්කාර කිරීම සහ බොරුමයි කියලා තර්ක කරලා ප්‍රතික්ෂේප කිරීම නොවෙයි වැදගත්.
ඒවාගේ සමාජ, ආර්ථීක, මනෝවිද්‍යාත්මක, දේශපාලනික සහ ආගමික කරුණු සංවාද විවාද වලට බඳුන් කිරීම සහ සමාජ ප්‍රගමනයට, ආකල්ප වර්ධනයට, සාහිත්‍යය කරනයට හරි ප්‍රශ්න ප්‍රහසනයට ඒවා යොදා ගැනීම තමයි තියෙන්නේ.
@සුමනා විජේරත්න