SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන්

උපහාර පිදීමේ උත්සවයක් ඇයගේ පාසැල වූ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලීය ශ්‍රවනාගාරයේදි පසුගියදා පැවැත්විණි.

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වූ ඒ.එම්. ජයවර්ධන බණ්ඩාර (2008 දි මියගොස් ඇත) සහ ඩී.බී. චන්ද්‍රා ජයවර්ධන(සේමසිංහ) දෙපලට දාව උපන් චමරි සිය මූලික අධාපනය සදහා ගොකරැල්ල මහා විද්‍යාලයට ඇතුලත් වී, පස්වන පංතියේ ශිෂ්‍යත්වයෙන් සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වී ඇත.

 

WhatsApp Image 2024 07 05 at 16.35.13

 

විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද මෙම උපහාර උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු උපදේශක සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හිටපු පුද්ගලික ලේකම්, යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර විශේෂ ආරාධිත අමුත්තන් ලෙස එක්ව සිටියහ.

 

එහිදි අදහස් දැක්වූ යුනයිටඩ් යූත් සංවිධානයේ නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේදී තවම ඉටු නොකළත් ඔිස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගන ප්‍රේක්ෂකාගාරයක් චමරිගේ නමින් නම් කිරීම රටට ආඩම්බරයක් බව ය.

 

WhatsApp Image 2024 07 05 at 16.35.142

 

“අද අපට විශේෂිත වූ දිනයක්, ශ්‍රී ලංකාවේ නම ලෝකයට රැගෙන ගිය අපේ කාන්තා ක්‍රිකට් රැජින නැතහොත් එම ක්‍රිකට් තරුවට ශ්‍රී ලාංකික අප සැමගේ ප්‍රණාමය පුද කර සිටන මෙම දිනය අප ජාතියටම වැදගත් දිනයක් කොට මා සලකනවා.”

 

අපට බැරිවුනාට ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ක්‍රීඩාංගනය ප්‍රේක්ෂකාගාරයක් චමරිගේ නමින් නම් කිරීම අපට ආඩම්බරයක්.

 

කැලයේ පිපී පරව යන මල්

මෙවැනි බැබලිය යුතු තරු දස දහස් ගණනක් කැලයේ පිපී පරව යන මල් ලෙස පරව ගොස් ඇති. වාසනාවකට මෙන් චමරිගේ හැකියාව මෙම විදුහලේ එවකට සිටි පුහුණුකරු විසින් හඳුනාගෙන ඇයව නිසිලෙස පුහුණු කිරීමේ මුල් අඩිතාලම දමන්නට ඇති. එතුමා ප්‍රමුඛ එම කාර්යයට මුල් වූ සියළුම දෙනාටත් උපහාරය පිරි නැමීම අපගේ යුතුකමක් කොට මා සලකනවා.

 

“ගමට ක්‍රිකට්”

ගරු සභාපති ශම්මි සිල්වා මැතිතුමණි, ඔබ ආයතනය විසින් ආරම්භ කර ඇති “ගමට ක්‍රිකට්” වැඩ සටහන යටතේ ගමේ පිපෙන මල් කැකුළු අයාලේ පරවී යෑමට ඉඩ නොදී  රටට දායද කිරීමේ මහගු කාර්යය තව තවත් පුඵල් කරණ ලෙසට මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

 

WhatsApp Image 2024 07 05 at 16.35.141

 

පාසැල් ක්‍රිකට් සංවර්ධනය

ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම ප්‍රශ්නය හරියාකාරව හඳුනාගෙන අයවැය මගින් රුපියල් බිලියන 1.5 ක මුදලක් පාසැල් ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් වෙන් කිරීම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරණ අප සැමගේ ප්‍රශංසාවට ලක් විය යුතු කරුණක් ලෙස මම දකිනවා.

 

පසුගිය සමයේ ඇති වූ කොරෝනා වසංගතයත්, ඉන් පසුව ඇති ආර්ථික අර්බුදයත් නිසා ක්‍රිකට් ඇතුළු සියලුම ක්‍රීඩාවන් කඩා වැටුනා. ඒ අවුරුදු හතරක පමණ කාලය තුලදි බිහිවිය යුතුව තිබූ ක්‍රීඩකයිනගේ හිඩැසක් අද ඇතිවෙලා තිබෙනවා. එයත් වර්තමානයේ ක්‍රීඩාවට තදින් බලපාන කරුණක් බව සිහිපත් කල යුතුයි.

 

ඊටත් වඩා හිටපු ක්‍රීඩා අමත්‍යවරයෙක් සම්පූර්ණ ක්‍රීඩාවම තම දේශපාලන බල පුළුවන්කාර කමින් විනාශ කරලා දැම්මා. මම ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු උපදේශකවරයා ලෙස වගකීමෙන් මෙම ප්‍රකාශය සිදු කරන්නේ.

 

රටේ වැඩිපුර මුදල් ගැවසෙන ක්‍රිකට්, පාපන්දු සහ රගර් ක්‍රීඩා සංගම්වලට බල පෙරේතයින්ගේ ඇල්ම බැල්ම වැඩි වෙලා තම හිතවතුන්ට මේවා භාර දෙන්න උත්සාහ කිරීම නිසා මෙම ක්‍රීඩාවන් සඳහා ජාත්‍යන්තර තහනම් පැනවීමට එම ජාත්‍යන්තර මව් සංගම් වලට සිදුවුනා.

 

ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් නිදහස් විය යුතු අතර අමාත්‍යාංශය නිසිලෙස නියාමනය සහ ප්‍රගතිය සොයා බැලීම පමණක් කල යුතුයි කියලා මම විශ්වාස කරනවා

 

ක්‍රීඩා අධිකාරිය

ඒ වෙනුවෙන් ගරු ජනාධිපතිතුමා යෝජනා කර ඇති ක්‍රීඩා අධිකාරිය ඉතා වැදගත් පියවරක් වේවි.

ක්‍රීඩාවෙන් අපට උගන්වන පාඩමේ මූලික හරය තමයි නායකත්වය, කණ්ඩායම් හැගීම, ඉක්මන් තීරණ ගැනීම සහ ජය පරාජය සමව විඳදරා ගැනීම. මම හිතන්නේ නැහැ විපක්ෂයේ දේශපාලකයින් කිහිප දෙනෙක් මෙය හරි හැටි අවබෝධ කරගෙන කටයුතු කරනවා කියලා, නොඑසේ නම් තම පුද්ගලික වාසියට එහෙම කරනවාද කියලා.

 

ක්‍රිකට් තරඟයක් පරාජය වෙන කොට සතුටු වෙන මල පෙරේතයෝ දෙන්නෙකුත් ඉන්නවා. කණ්ඩායම ජයග්‍රහණය කලහම සද්ද  නැතිව දුක්වෙවී ඉන්නවා. පැරදුන ගමන් මාධ්‍ය ඉදිරියේ මයක් ටයිසන්ලා වෙනවා. එක්කෙනෙක් ඇඹිලිපිටිය පැත්තේ, පොලීසියේ ආර්.එස්.අයි. කෙනෙක් විදියට ඉඳලා නිධන් හාරලා අහුවෙලා, ඊට පස්සේ විදේශිකයෙකුගේ හෝටලයක වැඩ කරලා මිනිහටත් පොල්ල තියලා ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිත් මංගල සමරවීර මැතිතුමාගෙන් දින 52 ආණ්ඩුවේදී එතනෝල් බලපත්‍රයක් ඇතුළු බාර් ලයිසන් අරගෙන ඒවායිනුත් නීති විරෝධි වැඩ කරපු හොර ජාවාරම්කාරයෙක්.

 

ඉතින් මේ වගේ අය තමයි අනාගත ක්‍රීඩා ඇමතිකම් ගන්න බලන් ඉන්න සිහින ක්‍රීඩා ඇමතිවරු. මේ සිහින කුමාරයින්ගේ සිහින සැබෑ  වුනොත් ක්‍රීඩාවට වගේම රටටත් අබ සරණයි.

 

අප සියළු දෙනාම කැමතියි ක්‍රීඩාවෙන් හෝ වෙනත් යම් දෙයකින් රට නියෝජනය කරලා ජයග්‍රහණය කරලා කවුරු හෝ රටට කීර්තියක් ගෙන එනවා නම්. ඒ කටයුත්ත චමරි තම කණ්ඩායම සමග රට  ජාතිය වෙනුවෙන් නිසි ලෙස ඉටුකල නිසා තමයි අද අපට සතුටු දවසක් වුනේ.

 

WhatsApp Image 2024 07 05 at 16.35.121

 

එකම පරිපාලනයක් යටතේ තිබෙන කාන්තා කණ්ඩායම ඉදිරියට යන විටදි පිරිම කණ්ඩායම ඉදිරියට නොයන්නේ ජයග්‍රහණය නොකරන්නේ කුමක් නිසාද යන ගැටඵව අපට තිබෙනවා. වර්තමාන නායකයාගේ සහ සමහර ක්‍රීඩකයින්ගේ හැසිරීම් සම්බන්ධයෙන්ද සමාජ විරෝධයක් ගොඩ නැගෙමින් පවතිනවා. ගරු සභාපති ශම්මි සිල්වා මහතාගේ අවධානය ඒ සඳහා යොමුකරන  මෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

 

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට්

අවසාන වශයෙන් ඉදිරියේදී  පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී අප ශ්‍රී ලංකා මාතාවට එම කුසලානය හිමිකර දීම සඳහා චමරි අතපත්තු ඇතුළු එම කණ්ඩායමට ශක්තිය, ධෛර්යය, වාසනාව සහ සියළු  දෙවි රැකවරණ ලැබේවා කියා මම ප්‍රාර්ථනය කරනවා”.

 

WhatsApp Image 2024 07 05 at 16.35.15WhatsApp Image 2024 07 05 at 16.35.131WhatsApp Image 2024 07 05 at 16.35.132

WhatsApp Image 2024 07 05 at 16.35.12WhatsApp Image 2024 07 05 at 16.35.13WhatsApp Image 2024 07 05 at 16.35.122WhatsApp Image 2024 07 05 at 16.35.132

@යුනයිටඩ් යූත් මාධ්‍ය ඒකකය

නවතම ලිපි