SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දෙමළ ජනතාවගේ උරුමය සහ වීරත්වය සමරන ජල්ලිකට්ටු

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පැවැත්වුණේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමන්ගේ මූලිකත්වයෙනි.

 

එය ඊයේ (6 ) ත්‍රිකුණාමල ජල්ලිකට්ටු තරඟ සාම්පූර්හිදී පැවැත්වුණි

 

|දෙමළ ජනතාවගේ සම්ප්‍රදායික ක්‍රීඩාවක් වන ජල්ලිකට්ටු තමිල්නාඩුව හැර වෙනත් රටක පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස මැලේසියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩටුක් ශ්‍රී මුරුගන් සහ රංගන ශිල්පී නන්දා ද, විශේෂ ආරාධිතයන් ලෙස ඔන්ඩිරාජ්, ජල්ලිකට්ටු සංරක්ෂණ සංගමයේ ලේකම් රාජා ද සහභාගි වූ අතර ඉන්දියාව ඇතුළු රටවල් රැසක විශේෂ ආරාධිතයෝ ද සහභාගි වූහ.

තමිල්නාඩු ජල්ලිකට්ටු සුරැකීමේ සහ සුබසාධන සංගමයේ මඟපෙන්වීම යටතේ ජල්ලිකට්ටු සංවිධානය කර ඇත.

මේ අතරතුර ගොනුන් කුලප්පු වූ අතර ගොනුන්ට සහ ගොනුන් මෙල්ල කළ රණශූරයන්ට වටිනා තෑගිබෝග පිරිනැමීමද සිදු විය.

 

@aruna

nalan mendis

නවතම ලිපි