SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ධම්ම දිසානායකගේ නවතම කෘතිය “හිත් මං කඩ” ජනගත කිරීම දෙසැම්බර් මාසයේ 20 වැනිදාට යෙදී ඇත.

එදින එම කාර්යයට එක්වන්නැයි ඔහු තම හිතවතුන්ට ආරාධනය කර ඇත්තේ මෙසේය.

“ලෝකයේ වසරක දී ප්‍රකාශයට පත්වන පොත් ගණන මිලියන දෙකයි දශම දෙකක් පමණය.

ලෝක ජනගහනය බිලියන අටකට, එනම් මිලියන අටදහසකටත් වඩා වැඩි ය.

ඒ අතුරින් පොත් ලියන්නෝ කියවන්නෝ සහ පරිශීලනය කරන්නෝ ඉතා අතලොස්සකි.

මා ද ඔබද ඉන් කෙනෙකි.

ලංකාවේ පොත් සමාජගත කිරීමේ උත්සවවල මා කතාකොට ඇති සහභාගී වී ඇති වාර බොහෝ වෙති. ඔබද එවැන්නෙකි.

එහෙත් මා ලියූ පොතක් සමාජගත කිරීමේ ප්‍රීතිමත් මොහොතකට මා ඔබට අඬගසන ප්‍රථම වතාව මෙය ය.

ඒ, ඔබ මට පමණක් නොව මෙම වැදගත් විශේෂ කටයුත්තට වටිනා කියන ගැලපෙන විශේෂ කෙනෙකු නිසා ය.

ඉතින්, “හිත් මං කඩ” 2023නේ දෙසැම්බර් 20 බදාදා හවස 2.30 ට කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ 302 දෙසුම් හලේ දී “සරසවි” ප්‍රකාශනයක් ලෙස සමාජගත කිරීමේ උත්සවයට සහභාගී වන ලෙස ඉමහත් සතුටින් සහ ගෞරවයෙන් මා ආරාධනා කරන ඒ විශේෂ කෙනා ඔබ ය.

ඔබේ පැමිණීම මට අපට ශක්තියකි, සතුටකි, ගෞරවයකි.”

 damma 1

 damma 2

marrikkar

නවතම ලිපි