SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආසියානු ක්‍රීඩා තරගාවලිය යටතේ පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගයකදී නේපාල කණ්ඩායම විසින් ලෝක වාර්තා රැසක් බිහිකර තිබේ.

නේපාල කණ්ඩායම සහ මොංගෝලියා කණ්ඩායම අතර පැවති තරගයෙන් නේපාලය ලකුණු 273ක ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ.

 

nepal 4

 

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම කඩුලු 3 ක් පමණක් දැවී සිය පන්දු වාර 20 අවසානයේ ලකුණු 314ක් ලබාගෙන තිබේ.

 

එය මෙතෙක් 20-20 තරගවලදී කණ්ඩායමක් විසින් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

නේපාල කණ්ඩායමේ කුසල් මල්ලා පන්දු 50 කදී ලකුණු 137ක් ලබාගත් අතර ඔහු ලකුණු සියය ලබා ගත්තේ පන්දු 34කින් වන අතර එය 20-20 තරගවල වේගවත්ම ශතකයයි.

එම කණ්ඩායමේ දිපේන්ද්‍ර සිං පන්දු නවයක් තුළ දකුණු 50ක් වාර්තා කරමින් ලොව වේගවත්ම 20-20 අර්ධ ශතකයද වාර්තා කළේය.

 

nepal 2nepal 3

 

@lankacnews

marrikkar

නවතම ලිපි