SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආසියානු කුසලාන අවසන් මහා තරඟය විකාශනය කෙරෙන රූපවාහිනී නාලිකාවල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රචාරක විඩියෝපටයක් විසුරුවා හැරීම නිසා

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රිකට් ලෝලීන් විසින් විවිධ නිර්මාණාත්මක පෝස්ට් පල කර ඇත.

 

පොහොට්ටු පක්ෂයේ ප්‍රවර්ධනය සඳහා දියත්කර තිබූ ප්‍රචාරක ව්‍යාපාරය ඉතා විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක්කෙරන ආකාරය එහිදී දක්නට ලැබේ.

 

නෙගටිව් මාර්කටින් සංකල්පය යොදා ගනිමින් කෙනෙකු මෙය සාර්ථක  දැන්වීම්කරණයක් බව හඟවන්නට ගිය ද නෙගටිව් මාර්කටින් හැම අවස්ථාවකම වර්ධනීය ප්‍රතිඵල අත්කර නොදේ.

 

ඒ අනුව ලබන වසරේ මාර්තු මස පැවැත්වීමට තීරණය කර ඇති මැතිවරණයන් සම්බන්ධයෙන් මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොහොට්ටු අපේක්ෂකයා ලෙස තරඟ කිරීම සම්බන්ධව රනිල් වික්‍රමසිංහ නැවත සිතා බැලිය හැකි බව මෙම ක්‍රියාවලියෙන් පසු අදහස් දැක්වූ දේශපාලන විශේෂඥයෙක් සඳහන් කරයි.

පොහොට්ටු පක්ෂය හා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතර යම් විරසකයක් ඇති බව පසුගිය කාලය තුළ පෙන්නුම් කරන්නට උත්සාහ ගත් දේශපාලන නාටකය විසින් පසුව බැසිල් රනිල් රහසිගත හමුව හෙළි වූවාට පසු නැවත පොහොට්ටු අපේක්ෂකත්වය වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිමිවන ආකාරයේ සංවාදයන්ට විවෘත කර තිබුනි.

කෙසේ වුවද පොහොට්ටු පක්ෂයට ඇති සමාජ පිලිගැනීම අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මෙම තීරණය සලකා බලනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී ඇත.

 

add 1Add 2Add 3Add 4Add 5Add 6Add 7Add 8

nalan mendis

නවතම ලිපි