SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගසල් කියන්නේ ඉන්දීය රාගධාරී සංගීතය.

ගසල් ගැන වෙනම හදවතක් වින්දනයක් ඕන.අපේ පරණ සිංහල ගීත ගොඩක් ගසල් වල මෙන්ම රාගධාරී සංගීතය තුල කිමිදිච්ච ගීත..අලුත් ගීත වලට වඩා පරණ ගීත වලට හිත යන්නේ ඒ නිසා.කොහොම නමුත්..ගුලාම් අලි..හරි හරන්ගේ පළමු පරම්පරාව.1940 ඉපදිලා..ඉන්දියාවෙන් පකිස්ථානයට බිඳුණු කොටසේ මුසල්මානුවෙක්.ජග්ජිත් සිංග් ,චිත්‍රා සිංග් කියන්නේ මගේ ලෝකේ ගසල් කිංග්ස් ලා-හින්දු. 

මම ආදරේම ගසල් කොල්ලා හරිහරන් -දමිල.ලංකාවේ මිනිස්සු දන්නේ කොලොනියල් කසින්ස් හරි කියලා.එයා දෙමල නිසා කොටියෙක් කියනවා.හැබැයි මම උයිරේ අහද්දී..දමිල,මුස්ලිම් ,සිංහල,,ආදර ලෝකවල් සිහිවෙනවා.ඒවාට ආදරය කරනවා.

මේ හැමෝම ගයන්නේ ඉන්දීය සම්භාව්‍ය සංගීතය..ගසල්..සංගීතය විශ්ව භාශාවක් කියන එක මේ සිංග්ලා,අලි ලා,වගේම හරි ලාගෙන් ඔප්පු වෙනවා..අපේ රට තුල විශ්ව භාෂාවක් අවශ්‍යයි.අපි තවමත් වෙනත් ජාතීන්ට විනයක් නැතිව කඩේ යන ජාතියක්.බෙදිලා කැඩිලා කුඩු වෙලා..සමහරු අපේ රටේ අඩුපාඩු කියනවට කැමති නැහැ.අපි වරද දන්නේ නැත්නම් හැදෙන්නේ නැහැ.

ශ්‍රී ලංකාව කියන්නේ දුප්පත්ව පිස්සු කෙලින්න ඕන රටක් නෙවෙයි.දේශසීමා මායිම් නැති සම්පත් බහුල නිදහස් රටක්..වහල්ලු චීනෙට,ඇමෙරිකාවට ,ජපානයට..(ජපානය අපිට ලන්වෙනවට ගොඩක් ජාතින් බයයි)ඉන්දියාවට අපි විශේෂ සැලකිලි ඕන නැහැ.අදටත්..මේ වසර 75 දී අපිව බංකොලොත් කලත් ..අපිට නැගී හිටින්න පුළුවන්..අපි නිදහස් ජාතියක් හැටියට නැගී සිටින්න අපි විශ්ව භාෂාව,විශ්ව ක්‍රමවේදයන් අනුගමනය කරන්න ඕන.අපි යටහත්,ණයට කන ජාතියක් නොවී..විශ්ව ජාතියක් වෙන්න ඕන...ගුලාම්ලා ,ජග්ජිත් ලා ,හරි හරන්ලා..තමන්ගේ ජාතිය විශ්වයට ගෙනගියේ දේශපාලන වේදිකාවල නැගලා නෙවේ...අපි පක්ෂ හා පුද්ගලයෝ තුළ කොටු වුණොත් ..අපි පරාජිත ජාතියක්..එහෙම වෙන්න ඉඩ දෙන්න බැහැ ..

@Subhashini Wipfler

marrikkar

නවතම ලිපි