SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 පහුගිය දවසක හාඩ් ඩිස්ක් එක අස් කරන්න කියල හිතල බාපු පරණ චිත්‍රපට බලන්න ගත්තා. ඒ අතර තිබ්බ අති විශිෂ්ට සිනමාපටයක් තමයි Kashmir Files කියන්නේ.

ඉන්දීය පාලිත කාශ්මීරයෙන් දහස් ගණන් හින්දු භක්තිකයන් නික්මයාම කේන්ද්‍ර කර තැනූවක්. චිත්‍රපටයේ කතා නායකයාගේ සීයා ඔහුට පැවසූ පරිදි ඔහුගේ කාශ්මීර හින්දු දෙමාපියන් මියගියේ අනතුරකින් නොව කැරලිකරුවන් විසින් මරාදැමූ නිසා බව සොයාගන්නා විශ්ව විද්‍යාල සිසුවෙකු ගැන කතාන්දරයක් මෙහි ඇතුළත්ය.

1989දී ඉන්දීය පාලනයට එරෙහිව කැරැල්ලක් හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට කාශ්මීරයෙන් පිටවීමට සිදුවිය. නිවාස හා ජීවිත රැසක් අහිමි විය. ඒ බොහෝ දෙනෙක් හින්දු භක්තිකයෝ වූහ. ඔවුන් ''කාශ්මීර පණ්ඩිත්වරු'' ලෙස හඳුන්වනු ලැබූ අතර, පසුව උතුරු ඉන්දියාව පුරා කඳවුරුවල ජීවත් විය. කෙසේ වෙතත්, ඒ ප්‍රජාවේ සුළු පිරිසක් මුස්ලිම් බහුතරයක් වෙසෙන නිම්නයේ දිගටම ජීවත් වූහ.

2014 දී බලයට පත් වූදා සිට, මෝදීගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) ඉන්දීය පාලිත කාශ්මීරයට ආපසු යාමට අවශ්‍ය අවතැන් වූ හින්දුවරුන්ට සහාය ලබා දී ඇත. චිත්‍රපටයේ අධ්‍යක්ෂ විවේක් අග්නිහෝත්‍රිට විශේෂ ආරක්ෂාවක් සැපයීමට ඉන්දීය රජය පියවර ගත්තේ චිත්‍රපටය තිරගත වීමෙන් පසුව ඇතිවූ අන්තවාදී තර්ජන හේතුවෙනි.

ඒ, චිත්‍රපටයේ කතාව...යි.

ඇත්තටම පැය ගාණක් තිස්සේ ඒ චිත්‍රපටයේ දෙබස් තාමත් කන්වල දෝංකාර දෙනවා. කිසිවක් නොදන්නා තරුණ පිරිස් ඇතැම් න්‍යායාචාර්යවරු විසින් නොමග යවන හැටි දකිද්දි ලංකාවේ ඇතැම් සිදුවීම් මතකයට නැගෙනවා. හැම අරගලයක් පසුපසම එවැනි කණ්ඩායම් ඉන්නවා.!

මෙම චිත‍්‍රපටයේ අනුපම් කෙහර්, මිතුන් චක‍්‍රබෝර්ති, පලවි ජොශි, හාෂා සුම්බලි සහ දර්ශන් කුමාර් චරිත මවනවා... පාලු මූසල හැගීමෙන් ගල්ගැහිලා බලං ඉන්න පුළුවන් විශිෂ්ට චිත්‍රපටයක්...

@මනෝරම වීරසිංහ

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි