SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Lionel wentd

ඊයේ ඇරඹුණු මෙම සුවිශේෂ ඡායාරූප දැක්ම නොවැම්බර් 13 වෙනකං, 

පෙ.ව. 10 සිට සවස 7 වනතුරු ලයනල් වෙන්ඩ්ට් හී, හැරල්ඩ් පීරිස් කලාගාරයේදී පැවැත්වෙනවා (පෝය දිනයේදී හැර).අද හවස් යාමයේ එය නරඔන්න ගියහම පැයක් පමණ කාලයට එතැන හිටි එකම නරඹන්නා මා පමණයි.

WhatsApp Image 2022 11 04 at 16.19.05

 

ලයනල් වෙන්ඩ්ට්ගේ ඡායාරූපමය අනන්‍යතාව මොනවට පෙන්වන ඡායාරූප එකතුවක් වගේම ඔහුගේ සංගීත භාවිතාව පිළිබඳ අගනා මතක එකතුවක් මේ ප්‍රදර්ශනය තුළ අඩංගුයි.

ප්‍රදර්ශනයේ එක කලාපයක් වෙන් වන්නේ ලයනල්ගේ මිතුරියක වන ග්ලැඩිස් ෆෝබ්ස් වෙනුවෙන්. වි⁣ශේෂයෙන් ඔහු හා ඈ එක්ව කළ කලා කටයුතු වෙනුවෙන් වගේම ඔවුන්ගේ මිතුදමේ මතක වෙනුවෙන්.

ඔවුන් අතර හුවමාරු වූ ලිපි තුළින් ලයනල් වෙන්ඩ්ට් නම් සං⁣වේදී කලාකරුවා, මිතුරා ඉස්මතුව පෙනෙනවා.

ඒ වගේම ඡායාරූපයක් ගැනීම වෙනුවෙන් ලයනල්ගේ පෙර සූදානම පිළිබඳ මෙහි අඩංගු තොරතුරු නිර්මාණයක් වෙනුවෙන් සැබෑ නිර්මාණකරුවෙකු කරන කැප කිරීම පිළිබඳ සාක්ෂි.

ඡායාරූප සමඟ වන සටහන් තුළ අපට මෙතෙක් මුණ නොගැසුණු ලයනල්මය විස්තර තියෙනවා. එක් නිදසුනක් ලෙස ඔහු ලන්ඩනයේ ඡායාරූප ප්‍රදර්ශනයක් වෙනුවෙන් තම නමින්ම හා ව්‍යාජ නමකින් (ලයනල් වෙන්ඩ්ට් නම පසුපස සිට ඉදිරියට ලියා T. Dnewl) ඡායාරූප ඉදිරිපත් කළ විට නියම නමින් ඉදිරිපත් කළ නිර්මාණ බැහැර වී ව්‍යාජ නමින් ඉදිරිපත් කළ නිර්මාණ තේරීම වගේ සිදුවීම්.

WhatsApp Image 2022 11 04 at 16.21.09

 

WhatsApp Image 2022 11 04 at 16.21.51

එසේම ග්ලැඩිස් හා ලයනල් එක්ව පවත්වා ඇති ද්විත්ව පියානෝ කොන්සැට්ටුව පිළිබඳ මතක හා එහි අගනා ඡායාරූපය ප්‍රදර්ශනයේ මා ආසම ඡායාරූපයක්.

ප්‍රදර්ශනයේ ඉදිරිපත් කිරීම සිත් ගන්නා සුළුයි.

ශාලාව පුරා පසුබිමින් ඇසෙන සිහින් පියානෝ වාදනය ලන්ඩන් ස්කූල් ඔෆ් මියුසික් වෙතින් සම්භාව්‍ය පියානෝ වාදනය හදාල තරුණ ලයනල් වෙන්ඩ්ට් නම් සංගීත ශිල්පියාව අපට මවනවා.

අත නොහැර නැරඹිය යුතු ප්‍රදර්ශනයක්.

WhatsApp Image 2022 11 04 at 16.18.30

WhatsApp Image 2022 11 04 at 16.22.34

 

@ Manju Kariyawasam

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි