SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තාත්තලා දුවල අතර තියෙන්නෙ මහ පුදුම ආදරයක්.

ඒක මං කවදාවත් අත්විඳල අත්දැකල නෑ. මොකද මගෙ තාත්තට දුවල නෑ. ඒත් මං ඒක ගැන දැනගත්තෙ මගෙ හිටපු පෙම්වතියගෙන්. ඒ බැඳීම කොයි තරම් එකක්ද කියනවනම් අන්තිමට එයාගෙ තාත්තට එයාගෙ තියෙන ආදරේ නිසාම එයාට මාව අත අරින්න සිද්ධ වුණා.

 

මං කාලයක් මේ තාත්තලගෙ දුවලගෙ ආදරේට සෑහෙන්න වෛර කළා. ඒක කොච්චරද කියනවනම් දවසක් තමන්ගෙ පොඩි දුවව පංති ඇරලවන්න ටැක්සියක් බුක් කරල ඒ ටැක්සිය එනකම් පාරට වෙලා දුවගෙ අතින් අල්ලන් ඉන්න තාත්තා කෙනෙක් දැකලා මායි මගෙ යාළුවයි පොඩ්ඩකට නැවතුණා.

'අඩෝ අපි ගිහිල්ලා අරූට උපදෙසක් දීල එමුද දුව කවදහරි යාළුවෙන කොල්ල එක්ක ඒකිට යන්න දීපන් කියල." ඌ ඇහුවා

යමන් කියල මාත් ගියා. එතකොට ම ටැක්සිය ආවා. තාත්තයි දුවයි නැගල ගියා.

අන්තිමේ හිත හදාගන්න කිසිම විදියක් තිබ්බෙ නෑ. මට ඕනවුණා කේන්තිය පිටකරගන්න. අඬන්න. කෑ ගහන්න. මේ තියෙන්නෙ මං ඒ කේන්තිය පිටකරගත්තු විදිය.

ඒ වගේම මේක තමයි මට පළිගන්න තිබුණ එකම විදිය එයාගෙ තාත්තගෙන්. මට මතකයි එයා වෙනුවෙන් පොතක් දීපු වෙලාවක එයාගෙ තාත්තා මං ගැන එයාට කියල තිබුණ දේ.

"උට පිස්සු හැදුණට මට පිස්සු හැදුණෙ නෑ"

මේ ජීවිත කාලය තියෙනකම්ම තාත්තෙක් දුවෙක්ට කොච්චර ළඟද කියන එක මට ඒ වචන ආයෙ ආයෙ දෝංකාර දි දී මතක් කරනවා. ඉතින් මේ තියෙන්නෙ ආදරණීය තාත්තලා සහ දුවලා වෙනුවෙන් මගෙ පළිගැනීමේ ත්‍යාගය. ස්තුතියි.

@මලිඳු කාවින්ද කුමාරසිංහ

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි