SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිද්ධාර්ත් මල්හෝත්‍රාට නෝරා ෆටේහි කෙරෙහි ඇති ආශාව පාලනය කරන ලෙස අජේ දේව්ගන් පවසයි; නමුත් ඊට ඔහු දරුණු ලෙස අසමත් වේ.

ඉදිරියේදී තිරගත වීමට නියමිත Sidharth Malhotra-Rakul Preet Singh රංගනයෙන් දායක වන Thank God චිත්‍රපටයේ පළමු ගීතය පසුගිය කාලයේ යොහානි ගායනා කර වෛරල් වූ "මැණිකේ මගේ හිතේ" ගීතයේ රීමික්ස් එකකි. මේක රචනා කරලා තියෙන්නේ Tanishk Bagchi.

බොලිවුඩ් චිත්‍රපටියක එකිනෙකාට ආශා කරන සුන්දර මිනිසුන් දෙදෙනෙකු සිටින විට ප්‍රගතිශීලී ස්ත්‍රී පුරුෂ දේශපාලනය අපකීර්තියට පත්වේ. සිකුරාදා තිරගත වීමට නියමිත චිත්‍රපටයේ පළමු ගීතය තැන්ක්ස් ගෝඩ් විසින් එළිදක්වන ලදී. "මැණිකේ" ලෙස නම් කර ඇති මෙම ගීතය ශ්‍රී ලාංකේය ගායක ගායිකාවන් වන යොහානි සහ සතීෂන් රත්නායක ගායනා කළ ඉපැරණි ගීතයක් වන "මැණිකේ මගේ හිතේ" ගීතයේ ජනප්‍රිය ගීතයකි. සිදාර්ත් මල්හෝත්‍රා සහ නෝරා ෆටේහි විසින් නිරූපණය කරන ලද රීමික්ස් ගායනා කිරීමට යොහානිට ලැබීම ඇයගේ සංගීත දිවියේ නැවත ආගමනයකි. මේ සඳහා යොහානි සමග Jubin Nautiyal සහ Surya Ragunnathan එක්ව ඇත. තෑන්ක් ගෝඩ් සඳහා රැප් පද රචනා කර ඇත්තේ මෙලෝ ඩී සංගීතයයි. තනිෂ්ක් බග්චි සහ චමත් සංගීත් විසින් තනු නිර්මාණය කර ඇත.

  

 

Thank God චිත්‍රපටය සහ මැණීකේ ගීතය මෙන්ම අරගලයේ ප්‍රතිඵලයක් ලෙස බලය ලබාගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කියැවෙන Thank God ගැනත් ලංකාවේ කලා තොරතුරු රැගත් වෙබ් අඩවිය වන මිරර් ආර්ට් (mirrorart.lk) වෙබ් අඩවිය මුදා හැර ඇති විශ්ලේෂනය පහත පරිදි ය.

යොහානි ගේ මැණිකේ THANK GOD

 

 thank god 5 yo

ලංකාවේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් එන්න කළින් යොහානි ලංකාවේ බොහෝ තරුණ තරුණියන් අතර ජනප‍්‍රිය වුනේ විදුලි වේගෙන්. ලංකාවේ විතරක් නෙමේ ආසියාවේ වගේම බටහිර රටවලටත් යොහානි ගේ මැණිකේ  ජනප‍්‍රිය වුනේ පළවෙනි වතාවට.

 

යොහානි එයාව හොඳට මාර්කට් කරගන්න සමත්වුනා කවර් සෝන්ග් එකකින්. ඒ නිසාම යොහානි ට ඉන්දියාවේ, ඩුබායි සහ තවත් රටවල් කිහිපයකම සංගීත ප‍්‍රසංගවල ගී ගයන්න ආරාධනා ආවා.යොහානි ට ප‍්‍රසංගයක ගී ගයන්න ලැබුන ආරාධනාව වර්තමානයේ තරුණ ගායක ගායිකාවන්ටග් හීන බලාපොරොත්තු ඇති කරන්න සමත්වුනා. යොහානි හදන පාරක ඒ අයටත් යන්න පුලුවන් වෙයි කියන හැගීම.

ලංකාවේ සමාජ මාධ්‍ය වගේම රූපවාහිනී මාධ්‍යත් යොහානි යන එන ගමන් බිමන්, හිනාවෙන හැටි, කන හැටි, අඳින හැටි, යොහානි ගේ පේ‍්‍රම සම්බන්ධකම් හෙව්වා බැලුවා ප‍්‍රචාරය කළා... ලිව්වා. යොහානි තමයි සුපර්ස්ටාර් ඒ වනවිට ලංකාවේ. යොහානිගේ තාත්තා යුධ විරුවෙක් බවත් ලිව්වා.

 

thank aragale

ටික දවසකින් යොහානි ව මාධ්‍ය තුළින් හොයාගන්න බැරිවුනා. සියලු මාධ්‍ය මෙන්ම youtube කරුවන් සියල්ලම යොහානිව අත ඇරලා අරගලය දෙසට හැරෙන්න පටන් ගත්තා. සිරස පාර කිව්වා. මිරිහානෙන් පටන් ගත් අරගල ය Galleface  එකේ දින 100ත් පන්නලා යද්දි උදේ දිවා රාත‍්‍රියේ සියලු මාධ්‍යයන් එතැන ට එකතුවුනා. අරගලයේ විචිත‍්‍රත්වය, උණුසුම වාර්තා කළා.

යොහානි නැතුව ගියා. යොහානිට බැන්නා... අරගල භූමියේ තාරුණ්‍ය කැපී පෙනුනා. අලුත් අලුත් මුහුණු ජනප‍්‍රිය වුනා. කල් ඉකුත් වූ කඳුලු ගෑස් ගහන පොලිසිය වතුර විදින පොලිසිය... අන්තරේ කෙල්ලො කොල්ලො යකඩ බැරියර්ස් කඩාගෙන, කඳුළු ගෑස් ටින් අභිබවාගෙන අධිධාරිතාවෙන් යුත් වතුර පහරවල් කාගෙන ඉදිරියට ගමන් කරමින් ජනාධිපතිලේකම් කාර්යාලය අල්ලගන්න හැටි Galleface එකේ හාමුදුරවරු,කතෝලික ෆාදර්ස්ලා ඉස්ලාම් පූජකවරු, හින්දු පූජකවරු අතින් අත අල්ලාගෙන අරගලයට දායක වන හැටි ආදී වශයෙන් උණුසුම් ක‍්‍රියාකාරී දේ වාර්ථා කලා.

දේශපාලනඥයින් සහ ආගමික බලධාරිීන් විසින් වසර 74ක් තිස්සේ බේද භින්න කරලා හිටපු දෙමළ, මුස්ලිම්, සිංහල ජාතීන් එකට එකතුවෙලා අපූරු ආදර්ශමත් ගමක් හැදුවා 'ගෝටා ගෝ ගම 'කියලා. ඒ ගම ලෝකෙ පුරා මාධ්‍ය වල පෙන්නුවා. ලංකාවේ අරගලය යොහානිගේ මැණිකේ අභිබවා ලෝක ප‍්‍රසිද්ධවුනා. ලෝකේ ප‍්‍රමුඛ මාධ්‍ය ආයතන අරගල භූමියේ සිට සජීවි විකාශන ප‍්‍රචාරය කළා. ඒක රැල්ලක් වුනා. රැලි පිට රැලි හැදුනා. යොහානි යොහානි ගැන කාටවත් මතක නැහැ. අරගල භූමියේ ඊට වඩා පොරවල් හිටියා. සිංදු කියන අය නෙමේ රැප් කරපු අය නෙමේ. කවර්ස් කරපු අය නෙමේ. ජනතාවට කරුණු කියපු. දූෂිත දේශපාලකයො ගෙදර යන්න ඔිනෙ කියපු. ගෙදර යවනවා කියපු අය.

ඉතින් ඒ දේශපාලකයෝ ගෙදර ගියා. ගෙදර යැව්වා... රට බංකොලෙත් වෙලා පාර්ලිමේන්තුව පිස්සන් කොටුවක් වගේ වුනා. රනිල්ගෙ කරල පැහුනා. අරගලකරුවෝ රනිල් ජනාධිපතිවුනාට පස්සේ අරගල භූමියෙන් අයින් වුනා. ගෝල්ෆේස් එක ජනතාවගෙන් හිස්වුනා. තැන තැන අත්අඩංගුවට ගන්න පටන් ගත්තා . ත‍්‍රස්තවාදී පනත යටතේ කලාකරුවො, සමාජ ක‍්‍රියාධරයන් සහ අරගල කරුවන් අත් අඩංගුවට ගත්තේ අරගලයේ ම දෙවැනි ජවනිකාව හැටියට.

හොරා පොලිස් කියලා අහල තිබුනට පොලිසිය හිටියෙ හොරුන්ගෙ පැත්තේ. ලංකාවෙ වෙනස ඒකයි.

IMFඑකෙන් ණය දෙන්න සළකා බලන්න කැමතිවුනා. සමන්තා පවර් ලංකාවට ආවා. රට බංකලොත් කළ දේශපාලකයෝ හිරේ දාන්න ඔිනෙ කියලා සමන්තා කිව්වා. අරගලය කළ බහුතරයක්ගේ අදහසත් වුනේ ඒක. ඒත් රනිල් රාජපක්‍ෂ ඒක කරන්නෙ නැහැ.

ලංකාවේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් අහෝසිවුනා. පාස්කු ප‍්‍රහාරයට වඩා දරුණු ප‍්‍රහාරයක් තමයි රටේ සමස්ථ ජනතාවට එල්ලවුනේ. ඒක ආර්ථික ඝාතනයක්. පෝලිම්වල මිනිස්සු මැරුනා විතරක් නෙමේ රටේ ජනතාවගෙන් බහුතරයක් ආර්ථික බංකොලොත් භාවයට පත්වුනා. මන්ධපෝෂණය වැඩිවුනා. බඩගින්න වැඩිවුනා. මිනිස්සුන්ට ජීවත්වෙන්න විදිහක් නැතිවුනා. තවමත් එහෙමයි. භාන්ඩ මිළ අහස උසට ඉහළ ගියා.පාන්ගෙඩිය රුපියල් 300ක් වුනා. මිනිස්සු එක වේලක්  කාලා ජීවත්වෙන හැටි පුරුදු වුනා. ඒ මේ රටේ දේශපාලකයින්ගේ කුමන්ත‍්‍රණ නිසා.

කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල් ....

රට සාමාන්‍යයයි වගේ පේන්න ගත්තා .තෙල් ලැබුනා, පෝලිම් නැතිවුනා. QR ජනප‍්‍රිය වුනා. ගෑස් ආවා, පෝලිම් නැතිවුනා. මිනිස්සු පෝලිම් වල මැරෙන එක නැතිවුනා. ඒ වෙනුවට බඩ ගින්නේ මැරුණා .සිය දිවි නසාගන්න පටන් ගත්තා. පෝර දුන්නා ගොවියෝ වගාවට බැස්සා ... රටම සාමාන්‍ය වුනා. මිනිස්සු දැන් අරගලය අමතක කරලා ... දකුණු ආසියානු ක‍්‍රිකට් කුසලාන ජයග‍්‍රහනයෙන් වගේම දැල්පන්දු තරග ජයග‍්‍රහනයෙන් උද්දාම වෙලා ඒ ගැන අතෝරක් නැතුව කතා කරනවා. සියලුම මාධ්‍ය ඒ බෝල දෙකම අල්ලගෙන පාස් කරනවා . ආණ්ඩුවත් ඒ බෝල දෙකම එහාටත් මෙහාටත් පාස් කර කර ඉන්නවා. රට දැන් හොඳයි.

බෝල සතුට විඳින ජනතාවට අඩුවෙලා තිබුනෙ Entertaining plus plus . ඒ හින්දා අමාරුවෙන් හරි නෙලුම් කුලුනත් ජනතාව ට දොරවල් අරලා දකුණු ආසියාවේ උසම කුලුණට නැගලා ආසියාවම බලාගන්න ඉඩ සලස්වල දුන්නා. රුපියල් 500කට සහ 2000කට. ඈත ගම්වල මිනිස්සු පාන්දරින්ම කෝච්චිවල, බස්වල නැගලා නෙලුම් කුලුන බලන්න එනවා. කැරකෙන ආපන ශාලාව ලග සෙල්ෆි,පොටෝ අරන් යන්න එනවා.

 

thank god 2

ආසියාවේ ආශ්චර්ය....

ඔන්න දැන් තවත් දෙයක් සිද්ධවෙමින් යනවා යොහානි ආපහු අවිත්. රූපවාහිනී මාධ්‍ය ඇතලෙත් සමාජ මාධ්‍ය ඇතුලු පුවත්පත්වල යොහොනි ආපහු උඩට එනවා... මිසයිලයක් අරගල භූමිය හරහා ඉහළට යනවා. ඒ මිසයිලයේ යොහොනි ගෙ නම ලොකු අකුරෙන් ලියලා තියෙනවා.

යොහානිගේ මැණිකේ බොලිවුඩයේ චිත‍්‍රපටයක.මැණිකේ හින්දි වර්ෂන් එක සැප්තැම්බර් 16 යූටියුබයට එකු කරලා තියෙනවා. මෙම ලිපිය සකසන සැප්තැම්බර් 18 දින උදෑසන අටවන විට එම ගීතය නැරඹූම් වාර සංඛ්‍යාත්මක වශයෙන් 24,114,781. පුදුම වෙන්න දෙයක් නැහැ. මේ ලංකාවේ ප්‍රේක්ෂකයෝ පමණක් නෙමේ. බොලිවුඩ් සිනමා රසිකයන්ගෙ එකතුව.

මේ ගීතයට නර්ථනයේ යෙදෙන්නේ නෝරා සහ සිද්ධාර්ත අජේ දේවගන්. නෝරා ගේ රංගනය ඉතාමත් සාරාගීයි. එය බොහෝ දෙනක් තුළ පෙළඹවීමක් ඇති කරනවා යළි යළිත් ඒ නර්ථනය දකින්නට ... නැරඹුම් වාර වැඩිවේවි.

 

thank god 3

 

කෙසේවුවත් යොහානි තම කටහඩින් බොලිවුඩයේ චිත‍්‍රපට ගීතයකින් බොලිවුඩ් රසිකයින් පිනවීමට සමත්වීම සතුටක් එය මෙරට ගායකයෙකු හෝ ගායිකාවක් විසින් ප‍්‍රථම වරට කරන ලද්දක්. ලතා මංගේෂ්කාර්, ආශා, සෝනු මෙන්ම 40 -50 දශකවල ඉන්දියානු ගායක ගායිකාවන් අපේ චිත‍්‍රපටවලට ගීත ගායනා කරළා පමණක් නොවේ සංගීතඳයින් සංගීත නිර්මාණත් කළා. 21 සියවසේ ඇති තරගකාරී තත්ත්වය තුළ යොහානි අත්කරගෙන තියෙන්නේ අති සුවිශේෂී අවස්ථාවක්.

ඇය වසගයට ගෙන ඇත්තේ බොලිවුඩ් සිනමා රසිකයින් පමණක්ම නොවෙයි.

යොහොනිගේ මෙම මැදිහත්වීම ලංකාවේ තරුණ ගායක ගායිකාවන් ට අලුත් උත්තේජනයක් සපයාවි. බලාපොරොත්තු දල්වාවි. අලුත් වෙළඳපොළ තුළ තමන්ට යන්න පාරවල් හදාගනීවි .

 

thank god 4

 

ඒ අතරේ ලංකාවේ තරුණ තරුණියෝ ලංකාව අත්හැරදලා ලෝකයේ බටහිර රටවල් වෙතට සේන්දු වේවි. 1980 දශකයේ මෙන් බුද්ධි ගලනය යළිත් ඇතිවෙමින් පවතිනවා. යොහානි බොලිවුඩ් සිනමාව ආක‍්‍රමණය කරද්දි කටාර් එයාර්වේස් එකේ ජොබ් වේකන්සිවලට පැය ගණන් පෝලිම් ගැහිලා හිටගෙන හිටියේ ලංකාවෙන් පිටට ගිහින් තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න හීන මවමින්. හැම දවසකම ලංකාවෙන් එළියට ය තරුණ පිරිස් ප‍්‍රමාණය වැඩි වෙමින් පවතිනවා.

ජේ ආර්ගේ ධර්මිෂ්ට සමාජය ඇතුලෙත් අරගලය නිසා කරල පැහුන රනිල් ගෙ පාලන කාලෙත් මේ විදිහට පිටරට යන පමාණය වැඩිවීම පුදුම වෙන්න දෙයක් නැහැ.ධර්මිෂ්ට සමාජය ඇතුලෙ තියෙන්නේම මර්ධනය.

යොහානි ගේ මැණිකේ නිසා රනිල් ඇතුලු කණ්ඩායම THANK GOD  කියලා නිකම්ම කියනවා.

ඉතින් THANK GOD  ඔක්තෝබරයේ බලන්න පුලුවන්.

@mirrorarts.lk