SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බවුල් ගායකයට හින්ඳුද, මුස්ලිම්ද, ක‍්‍රිස්තියානිද කියන වෙනසක් දැනෙන්නෙනැති හින්දා. බවුල් ලෝක සම්මතයට හිස නොනමන හින්දා. 

බවුල්වරු යනු බංග්ලාදේශයේ එක්තරා ජන කොට්ඨාශයකි.ඉන්දියාවේ බටහිර බෙංගාලය, ත්‍රිපුර සහ අසාම්හි බරක් නිම්නය යන ප්‍රෙද්ශවල ඔවුහු ව්‍යාප්ත වී සිටිති. බවුල් යනු සමකාලීන ආගමික නිකායක්මෙන්ම සංගීත සම්ප්‍රදායක් ද වේ.

ඔවුන් විවිධ නිකායන් සහිත ඉතා විෂමජාතීය කණ්ඩායමක්වන නමුත් ඔවුන්ගේ සාමාජිකත්වය ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ වෛෂ්ණව හින්දුන් සහසුෆි මුස්ලිම්වරුන්ගෙනි. ඔවුන්ගේ සුවිශේෂී ඇඳුම් සහ සංගීත භාණ්ඩ මගින් ඒවා බොහෝවිට හඳුනාගත හැකිය.  

image 800 563 ok 1

 

ලාලොන් ෂා ඉතිහාසයේ වඩාත්ම ප්‍රසිද්ධ බවුල් සාන්තුවරයා ලෙස සැලකේ බවුල්වරුබෙංගාලි ජනගහනයෙන් ඉතා සුළු කොටසක් පමණක් වුවද බෙංගාල සංස්කෘතියට ඔවුන්ගේ බලපෑමඅති විශාලය.

බවුල් යන වදනේ ආරම්භය විවාදයට භාජනය වූවකි. ඇතැම්නූතන විද්වතුන් සඳහන් කර ඇත්තේ එය වතුල යන සංස්කෘත වචනයෙන් බිඳී ආවක් විය හැකිබවයි. එහි අර්ථය “බුද්ධිමත්, ලෝකයෙන් වෙන් වී සත්‍යය සොයන තැනැත්තා”  යනුවෙනි.

බවුල් සංගීතය විශේෂිත ගැමි ගීතයකි. එහි පද රචනයහින්දු භක්ති ගීත සහ සුෆි ගීතයන්හි මිශ්‍රණයක් ලෙස සැලකිය හැකිය. බවුල්වරු ඔවුන්ගේ හැඟීම්ඔවුන්ගේ ගීතවල එත් කළද ඒවා ලිවීමට කිසි විටෙකත් කරදර වන්නේ නැත. ඒවා අනිවාර්යයෙන්මවාචික සම්ප්‍රදායකි.සියලු බවුල්වරු අතරින් ශ්‍රේෂ්ඨතම තැනැත්තා වන ලාලොන් ෆෝකීර් (1774-1890) දශක ගණනාවක් තිස්සේ ගීත රචනාකොට ගායනා කළේය.


image 800 563 ok 3 

 


ඔවුන් මනුෂ්‍යයන් තුළ දේවත්වය සොයති. 

 

බවුල් පද රචනයේ එක්තරා කොටසක් ලිංගික ආශාවන් පාලනයකිරීම අරමුණු කරගත් ක්‍රියාවලියක් හා බැඳී පවතී. ග්‍රාමීය එදිනෙදා ජීවිතයෙන් ලබාගත් සාම්ප්‍රදායික ආකෘතීන්ට අමතරව,ජීවිතයේ වෙනස්වීම් හා සමාජ හාආර්ථික නවෝත්පාදනයන් පිළිබඳව මෙම ගීතවලින් කියැවේ. 

ඔවුන්ගේ සංගීත භාණ්ඩ අතර ප්‍රමුඛ වන්නේ එක්තාර් නමැති සංගීත භාණ්ඩයයි. එහිඇත්තේ එක් තතක් පමණකි. මේ හැර දොතාරා, කහමක්, බටනලා සහ ගුන්ගූර් වැනි වාද්‍ය භාණ්ඩ භාවිත කරති.   


 bawul music 800 563

 

මේ සමග ඇත්තේ බවුල් ෂා අබ්දුල් කරීම් ගැයූ ගීතයකි. 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා  

 

 

සංගීත වීඩියෝව