SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දහඅටවන ශතවර්ෂයේ අවසාන භාගයේ විලාසිතාවන්ගේ දේශය බඳු ප්‍රංශයයි.

රූමත්කමින් අගතැන්පත් තරුණ චිත්‍ර ශිල්පිනියක් වන මේරියන් තම ගෝලයන්ට චිත්‍ර පාඩම් උගන්වයි. ගෝලයන් රොත්තක් ඉදිරියේ සැහැල්ලු ඉරියව්වෙන් සිටින ගුරු මේරියන් තම ගෝලයන්ගෙන් අසන්නේ තමා ඇඳි පරණ සිතුවමක් එළියට ගත්තේ කවුරුන්ද යන වග පිළිබඳවයි. ඇයගේ එක් සිසුවියක් එය එළියට ගත් බවත්, එහි තේමාව කුමක්ද යන්න ගුරු මේරියන්ගෙන් විමසයි. ඇය මඳ වේලාවකට පසුව පවසන්නේ එය "Portrait Of Lady On Fire"හෙවත් "දැවෙන ස්ත්‍රියගේ ආලේඛය" බවයි.

fire1

චිත්‍රපටයේ තේමාව සමඟ එලෙස ආරම්භයට අවතීර්ණ වෙද්දී අනතුරුව අප දකිනුයේ රළු මුහුදු ගමනක යෙදෙන යාත්‍රාවකි. එහි සිටින එකම බවලතිය අප මුලින් දුටු චිත්‍ර ශිල්පිනියයි. ප්‍රචණ්ඩ රළ පහරින් යාත්‍රාවෙන් විසි වන යමක් ගැනීමට ඇය ගැඹුරු දියට පනින්නේ ජීවිතයට වඩා එය වැදගත් නිසා විය යුතු ය. ලා නිල් පැහැති සයුරද කහ පැහැති වෙරළ ද චමත්කාර ජනක සිතුවමක් දිග හැරියා මෙනි. ඇය විසින් දියට පැන බේරා ගනු ලබනුයේ චිත්‍ර ඇඳීම සදහා භාවිතා කරනු ලබන උපකරණයන් ය. මේ සකස් කළ කැන්වසයත්, චිත්‍ර ඇඳි උපකරණ ගෙනයනු ලබන්නේ හුදෙකලා දූපතක වෙසෙන ධනවත් ආදිපාදවරියක වන හෙලොයිස්ගේ කැන්වස් ආලේඛය සඳහා ය.

මේ අපූරු දූවේ වෙසෙන්නේ කාන්තාවන් තිදෙනෙකි. "මේරියන්" ,"හෙලොයිස්" සහ ආවතේව භාර සේවිකාව වන "සොෆී"පමණී. හෙලොයිස්ගේ අත ගන්නට බලාපොරොත්තු වන ඉතාලියේ මිලාන් නුවර කුමාරයෙකි. හෙලොයිස්ගේ මවට අවශ්‍ය වනුයේ තම දියණියගේ රූ සපුව කැන්වසයක ඇඳ මනාලයා හට පෙන්වීමටයි. මේරියන් මෙය සිදුකළ යුත්තේ හෙලොයිස්ට හොර රහසේ ය.

fire2

හුදෙකලා වූ දූවක තනිකමෙන් වෙළෙන මේ බවලත් ඇත්තියන් තිදෙනාගේ මනෝභාවයන් පිළිබඳව ප්‍රකට පූර්ව අපරදිග ලෝකයේ ස්ත්‍රිය පිළිබඳ ⁣අඳින ලද කැන්වසයක් වැන්න. හෙලොයිස් ගින්දරින් තැවෙන්නී ය. මේ හුදෙකලා දූපතේ පිරිමි පුළුටක් පෙන්නටවත් නැත. ඈ පටාචාරා වහන්දෑගේ කතා වස්තුවේ මෙන් සිටු දුවණිය එක්ටැම්ගෙක සිරගත කළා ඇති සේ හෙලොයිස් ද දුපතක තනි වී සිටින්නී ය. ඈ තුළ බලවත් වු කාම හැඟීම් උපද්දවන්නේ සිත්තරී මේරියන් ය. තනිකමින් සහ හුදෙකලාවෙන් මත් වූ බවලතුන්ට තමන්ගේ ම අවිඥානික සිතේ හටගන්නා හැඟීම්වලින් පල යා නොහැකි ය. දූපතක සිර කළ ද එය එලෙසම ය. අවසානයේ මේරියන් තම කාර්යය නිම කර එයින් වෙන්ව ගිය ද සිතුවම මේ සදාකාලික කතාව පවසන්නේ ය. මේරියන්ට හෙලොයිස් අමතක කර දැමීම කිසිවිටකත් කළ නොහැකි ය. හෙලොයිස්ට ද මේරියන්ගේ සුන්දර නාරි දේහය අමතක කළ නොහැකි ය.

fire4

මෙම සිනමා රූපයේ Color Palate (වර්ණ භාවිතය) ඉතා විශේෂයි. චිත්‍රපටය අධ්‍යක්ෂිකා සෙලීන් ෂියාමා (Celine Sciamma) ගේ සිනමා ඇස, සංස්කරණය සහ වර්ණ සංයෝජනය ඉතාමත් සුක්ෂමව සිනමා කෘතිය සිසාරාවම විසිරවනවා. නිල්, කහ, කොළ පැහැ ප්‍රභේද යොදාගනිමින් චිත්‍රපටය සඳහා අලංකරණයක් සේම අර්ථ ද ජනිත කරනවා.

Yellow (කහ) -: මේරියන්, හෙලොයිස්,සොෆී මේ තිදෙනා අතරම රැඳී පවතින ඉටි පන්දම් දැල්ල සමඟ ඇඳුම්වල වර්ණ සමඟ එකතු වෙනවා. චිත්‍රපටය එක් ස්ථානයන ගිනිමැලයක දර්ශනය සහ චිත්‍රය ගිනිගන්නා පඬු පැහැ ගිනි දළුවලින් සිනමාපටය පුරාවටම මොවුන් දෙපළ⁣ හා බලාපොරොත්තු දල්වන්නට හේතු වෙනවා මේ කහ වර්ණය උපයෝගීතාවයෙන්.

නිල් (Blue) -: භූමි වර්ණක සාත්තුවක් (Earth colour treatment) සිනමාපටය තුළ නිල් වර්ණයට දී ඇති අගය මුහුද නමැති සාධකය වෙත ලබා දී තිබෙනවා. නිල් වර්ණය මඟින් නිරන්තරයෙන්ම මුහුද යන භූමියට ලබා දීම සඳහා රූපරාමු ඇතුළේ අනාරක්ෂිතභාවය සහ අවිනිශ්චිතබව පෙන්වන කදිම වර්ණයක් ලෙස මෙම නිල් පැහැයේ (Light Blue) යොදාගැනීම සුවිශේෂී.

fure3

"Portrait of a Lady On Fire" බඳු වර්ණ භාවිතා කර ඇති සිනමාපටයන් අතිශයින්ම අල්ප ය. චිත්‍රපටයෙහි කතාවට උචිත වර්ණ සංයෝජනය සමඟ නරඹන්නාගේ නෙතට චිත්තාකර්ෂණීය සේම මනසට ලබා දෙන ප්‍රඥාවේ දෘෂ්ටීන් විශිෂ්ටයි. කාන්තාවන් පිළිබඳ මෑතක දී නැරඹු හොඳම විදෙස් භාෂා චිත්‍රපටය බවට පත්වන්නට "පෝට්‍රේට් ඔෆ් අ ලේඩි ඔන් ෆයර්" ප්‍රංශ සිනමා සලරුව තුළින් ලබා දුන් චිත්තාකර්ෂණීය සිනමා ආස්වාදය හොඳට ම ප්‍රමාණවත් ය.