SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාඩ්‍රෝනා බ්‍රෙෂියර් වැට එහෙමත් නැත්නම් බ්‍රා වැට කියන්නේ නවසීලන්තයේ මධ්‍යම ඔටගෝහි තිබෙන ආන්දෝලනාත්මක එහෙත් සංචාරක ආකර්ෂණයක් ලබා ඇති ප්‍රදේශයකි.

මෙම බ්‍රා වැට පිහිටා තිබෙන්නේ පොදු මාර්ග රක්ෂිතයක වන අතර, වනකා නගරයට නිරිත දෙසින් පිහිටි කාර්ඩ්‍රෝනා නිම්න ප්‍රදේශයේ ගොවිපලවල් සහිත දේපළවලට යාබදව කාර්ඩ්‍රෝනා නගරයට ආසන්නව පිහිටා ඇත.

මෙම බ්‍රා වැට නැත්නම් 'ස්ටාබ්‍රා වැට' ආරම්භ වී ඇත්තේ 1998 නත්තල් සහ 1999 අලුත් අවුරුද්ද අතර කාල වකවානුවේදී පාර දිගේ ඇති කම්බි වැටට යම් අයෙකු විසින් බ්‍රෙෂියර් හතරක් එල්ලීමෙන් පසුවයි. මෙසේ මුළින්ම බ්‍රෙෂියර් හතරක් එල්ලනු ලැබුයේ කවුරුන්ද එයට මුල්වූ හේතුව කුමක්ද කියන එක තවමත් කවුරුවත් නොදන්නා කරුණකි. පළමුවෙන්ම මෙම බ්‍රෙෂියර් හතර එල්ලා තිබීමේ ප්‍රවෘත්තිය ප්‍රදේශය පුරා පැතිර ගිය අතර, එය එම පළාත්වල සිටින දේශීය ඉඩම් හිමියන් විසින් මෙසේ වැටෙහි තබන්නට ඇතැයි ඔවුන් විශ්වාස කරන්න විය.

මෙසේ කාළය ගතවන විට මෙම වැටෙහි තව තවත් බ්‍රා පෙනෙන්නට පටන් ගත්තේය. පෙබරවාරි මාසය අවසානය වන විට තවත් බ්‍රා 60 ක් පමණ මෙතැන එල්ලා තිබුනද පසුව ඒවා සියල්ලම නිර්නාමික පුද්ගලයින් විසින් එතැනින් ඉවත් කරන ලදි. ඉන්පසු මෙම ඉවත් කිරීම් ගැන ප්‍රාදේශීය පුවත්පත්වල ඉතා ඕනෑ කමකින් වාර්තා කර තිබූ අතර, මෙම කතාව නවසීලන්ත මාධ්‍ය හරහා රටපුරා පුළුල් ලෙස ප්‍රචාරය වූ අතර,එම නිසා මෙතැන ප්‍රසිද්ධියට පත්වී පසුව නිර්නාමික අය විසින් තවත් බ්‍රෙෂියර් මෙතැන එල්ලීමට පටන් ගත්තේය.

වසර 2000 ඔක්තෝබර් වන විට මෙම වැටෙහි එල්ලා තිබුණු බ්‍රෙෂියර් ගණන 200 ක් පමණ වූ අතර නැවත වරක් වැටෙන් මෙම බ්‍රෙෂියර් ඉවත් කරන ලදී. මේ වතාවේදී එම සිද්ධිය පෙරටත් වඩා පුළුල් ලෙස පැතිරී ගියේ මෙම බ්‍රෙෂියර් වැට ඒ වෙනකොටත් යම් තරමක සංචාරක ආකර්ෂණයක් බවට පත්ව තිබුණු නිසාය. නමුත් මේ සියල්ල අවසානයේ මෙම බ්‍රෙෂියර් වැට වඩාත් ජනප්‍රිය වූ අතර, දැන් එය නවසීලන්තයේ ප්‍රධාන සංචාරක ස්ථානයක් බවට දැන් පත්වී ඇත.

සුදු ලේස් වලින් නිමකල බ්‍රෙෂියර් මෙන්ම දිවි හම මුද්‍රණය කල බ්‍රෙෂියර් දක්වා විවිධ ජාතියේ ඒවා මෙන්ම ප්‍රමාණ 32A සිට 36DD දක්වා වූ විවිධ ජාතියේ සියළුම හැඩයන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් වර්ණවත් බ්‍රා සිය දහස් ගණනකින් මෙම වැට අලංකාර කර ඇති අතර මෙම සුන්දර පාර දිගේ යන ඔබට හොඳ ඡායාරූප ගැනීමේ අවස්ථාවක්ද මෙමඟින් උදාකර ඇත.

ඉතින් සුන්දර කාන්තාවනී... ඔබත් බ්‍රා වැට බැලීමට සංචාරය කරන්නේ නම් ඔබ පැළඳ සිටින ඔබේ හොඳම බ්‍රෙෂියරය මෙතැන එල්ලා ඒමට ඔබට කිසිවෙකුගෙන් තහනමක් නැත.

එමෙන්ම දැන් ඉමහත් ප්‍රසිද්ධියක් උසුළන මෙම ආකර්ෂණීය සංචාරක ස්ථානය දැන් පියයුරු පිළිකා ඇති අයවළුන් සඳහා ආධාර එකතු කරන ස්ථානයක් බවට පත්වී ඇත.

මෙම ස්ථානය ඔබට නොමීළේ නැරඹීමට හැකියාව ඇතත්, ඔවුන්ගේ පිළිකා සංගමයට පරිත්‍යාග කිරීමට මුදල් ටිකක් ඔවුනට ලබාදෙන්නේ නම් ඔවුන් ඊටත් වඩා සතුටට පත්වෙයි.

#DhammikaSamaratunga

Sandali Costaගේ මුහුණු පොතෙන්.