SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමන්දා පාමර්ගේ සංගීත ප්‍රසංගයක් තිබෙන බැවින් එංගලන්තයේ ග්ලැස්ටන්බරි නගරයේ උද්‍යානය එදාඉතා කාර්‍යබහුල වී තිබුනි.

මිනිසුන්ගෙන් පිරී තිබූ උද්‍යාන පරිශ්‍රය තුල මාධ්‍ය ආවරණය සදහා ද මාධ්‍යකරුවන් රැසක් කැමරා මනාගෙන බලා සිටි අතර නොබෝ වේලාවකින් අමන්දා කලු පැහැ තනපටකිනුත්, අලු පැහැ දිගු කලිසමකිනුත් සැරසුනු පාමර් වේදිකාවට පැමිණියේ දහසක් ඔල්වරසන් මැද්දේය.

ඉන් පසුව ඇය වේදිකාවේ රගමින් අපූරු ගීත රැසක් ගායනා කරන්නට පටන් ගත්තාය. ඇයගේ ඉමිහිරි ගී රසවිදින්නට පැමිනි රසිකයින් අමන්දානන්දයට පත් කරමින් ගී ගැයූ අමන්දා නොසිතූ ලෙස හදිස්සියේම ඇද සිටි තනපට ගැලවී ඇයගේ පියයුරක් එලියට පැමිණි අතර සැනින් ඇය එය සකසා ගත් අතර ඇය එය තැකීමක් නොකොට නොනැවතී ගී ගැයුවාය. ප්‍රේක්ෂකයින්ට රස බෙදමින් මිහිරිව ඇය ඇගේ ගී අපූරුවට ගයමින් ප්‍රසන්ගය අවසන් කලාය..

amenda 2

ඊට පසුදින ඩේලි මේල් මාධ්‍යකරුවන්ගේ ප්‍රධාන පුවත බවට පත් වී තිබුනේ ඇගේ මිහිරි ගීතවත් පැමින සිටි ලක්ෂ සංක්‍යාත රසිකයින් ප්‍රමානයවත් නොව, තනපටින් එලියට පැමිණි ඇගේ පියයුරය ගැනය. එය ඔවුන් රස කරමින් හෑලි ලියා පල කරමින් විකුණා තිබුණි. ඒ ඌ මන්දමානසික කුණු පුදත් වලට ලොල් වූ ඉනිසුන් ඇයට නොයෙක් පද හදන්නට විය. මෙතරම් සාර්තක ලෙස් අවසන් වූ ප්‍රසංගයේ එකදු වටිනාකමක් ගැන නොලීව ඩේලි මේල් මාධ්‍යකරුවන් හර තිබූ එකම පුවත වූවේ අහඹු ලෙස ලිහිල් වූ ඇගේ තනපටින් එලියට පැමිනි පියයුර ගැනය.

 

amenda 4

ඉන් නොබෝ දිනකට පසු ලන්ඩනයේ පැවති සංගීත ප්‍රසංගයකට පැමිණි අමන්දා පාමර් වේදිකාවට ගොඩ වූයේ කිමෝනාවක් වන් ඇදුමකින් සැරසීගෙනය.වේදිකාවට පැමිණි ඇය ඩේලිමේල් වාර්තාකරුවන් මෙහි සිටි දැයි විමසන අතර, ඇගේ පලමු ගීතය ඔවුන් වෙනුවෙන් ගයන බව පැවසා ඇඳ සිටි ඇදුම ගලවා දමා නිරුවත් වූවාය. සිදුවන්නේ කුමක්දැයි සිහි සිතා ගත නොහැකිව සිය දහසක් ඇගේ රසිකයන් දෑස දල්වා බලා සිටියහ. පියානෝව මත දෑත තැබූ ඈ ඉතා මිහිරිව පහත ඇති ගීතය ගැයුවාය.

ඩියර් ඩේලිමේල්.....

එදා රාත්‍රියේ මම මුලු නගරයක් සැනසුවා. මාගේ මිහිරි ගීතය, රංගනය , සංගීතය පසෙකලා ඔබ කතා කලේ, මගේ පියයුරු වෙත පමණයි.

ඩියර් ඩේලිමේල්....

තාක්ෂණය භාවිතා කරන්න.ගූගල් සෙවුම් පාවිච්චි කලේ නම් ඔබට පියයුරු ඕනතරම් ප්‍රමාණයක් බලන්නට පුළුවන් . ඒ අතරින් මගේ තන සහ එහි ඔබ විසින් ගත් ජායාරූප කිසිසේත්ම වැඩකට නැත්තක් බව අවබෝද වන්නට ඉඩ තිබුණි.

ඩියර් ඩේලිමේල්.....

ඔබ පවසනවා මගේ තනපටින් මගේ තනය එලියට පැන්නෙ හරියට දුවන හොරකු ලෙස බව. ඔබ නොසිතන්නෙ කොහොමද එයට බ්‍රිතාන්‍යයේ හිරු එලිය වැදීමට අවැසිව තිබුණු බව.

amenda 1

ඩියර් ඩේලිමේල් .....

මට ඔබ වැනි මාධ්‍ය ගැන,මාධ්‍යකරුවන් ගැන ඇත්තටම කණගාටුයි. නුඹලා මුලු මහත් ස්ත්‍රීන්ට සිදුකරන ද්වේශය මානව ශිෂ්ටාචාරය නට්ටාවශේෂ කිරීමක්.

ඩියර් ඩේලිමේල්.....

මම දන්නවා උඹ මේ රාත්‍රිය ගැන අකුරක්වත් නොලියන බව. නමුත් තාක්ෂණයට පින්සිදු වන්නට මෙය මුලු ලෝකෙටම ඇසේවි.

amenda 3

මෙන්න දැක ගන්න මගේ නිරුවත.

අපේ සමහර මාධ්‍යත් මෙසේම නොවේද?

@ Mmp Ranaweera කලාව / கலை / Art