SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝකයේ මොනම මනුස්සයකුට වුනත් "කරුමය"කියන දේට මුහුණ දෙන්නම සිද්ධ වෙනවා.

පෞද්ගලිකවම මම දන්න සල්ලිකාරයෙක් ඉන්නවා. ඔහු වෘත්තියෙන් කරන්නේ මස් මරන එකක්. ඊට අමතරව එයා පොලියට සල්ලි දෙනවා. මනුස්සයාට දැන් අවුරුදු 60ක් විතර වෙනවා. එයාට ලොකු දුවලා දෙන්නෙකුත් ඉන්නවා. එක දුවක් ලොකු සල්ලිකාර බලපුළුවන්කාරම තැනකට බන්දලා දුන්නා. අනික් දුව නවසීලන්තයේ වෛද්‍ය උපාධිය හදාරනවා. දැන් මම කියුවොත් තමන් හරි හම්බ කරපු කෝටිගාණක සල්ලිවලින් සැප විඳලා, කොහොමහරි අන්තිමට මාසයකට ලක්ෂගණනක බේත්වලට වියදම්වෙන ලෙඩක් හැදිලා කියලා. කරුමය කියන්නෙ ඒක තමා.

mule 2

"අනේ මට කිසිම කරදරයක් නෑ. මට ඉහෙන් බහින රෝගයකුත් නෑ. මට ලස්සන පවුලක් ඉන්නවා. මට ලස්සන තට්ටු දෙකේ ටයිල් කරපු ගෙයක් තියෙනවා. මට වාහන දෙක තුනක් තියෙනවා. මම ගොඩක් සතුටින් ඉන්නෙ. මට මැරෙනතුරාවටම කිසිම ලෙඩක්, දුකක් කරදරයක් නැතුව ඉන්න පුලුවන්."කොහෙත්ම නෑ. කවදහරි කුමන මොහොතක දී සෙනසුරු මාරුවකුත් එනවා. ඒකට වන්දි ගෙවන්න වෙනවා. ජීවිතේ හොඳ කාලයකුත් වගේම, නරක කාලයකුත් ගෙවන්නම වෙනව කියන එක කතරගම දෙවියන්ටත් බට කොළ කන්න සිද්ධ වුනා කියන සිදුවීමෙන්ම සනාථ වෙනවා.

mule 3

අන්න එහෙම දෙයක් තමා "The Mule" චිත්‍රපටයේ කතානායක අර්ල්ටත් වෙලා තියෙන්නේ. තමන්ගේ මව්බිම වෙච්ච ඇමරිකාවේ දෙවන ලෝක යුද්ධ සමයේ කරපු සේවයෙන් විශ්‍රාම ගොස්, ජිවිතයේ සැඳැ සමය ගත කරන අවුරුදු 80ක, 90 ක මහල්ලෙක් තමයි අර්ල් කියන්නේ. ලෝකයක් කතා කරන ශ්‍රේෂ්ඨ දෙවන ලෝක යුධ වීරයෙක් වුනු අර්ල් කියන්නේ දැන් නිකම්ම නිකං මනුස්සයෙක්.

තමන්ටම කියලා ආතල් එකේ විනෝදාංශයට වගේ පොඩි මල් වගාවක් අර්ල් කරන් යනවා. ඒ මල් වගාව නිසාත් එයා ඒ පළාතේ හරි ජනප්‍රියයි. මේ මල් වගාව නිසා පදක්කම් එහෙමත් එයාට ලැබෙනවා. අර්ල් තමන්ගේ මිණිබිරීගේ ගෙදරට යන වෙලාවක අර්ල්ගේ බිරිඳ අහනවා ඇයි මෙහේ ආවේ කියලා. අපි දිහා කවදාවත් බැලුවේ නැතුව දැන් යන්න එන්න තැනක් නැතුවද මෙහෙ ආවෙ කියල අර්ල්ගෙන් අහනවා. අර්ල්ගේ මුණටම කියපු මේ කතාවට එයාට ගොඩක් දුක හිතිලා කලකිරෙනවා.

mule 5

එතැනින් පස්සේ එතන හිටපු තරුණ ඉලන්දාරියෙක් එයාට දෙනවා පොඩි හෝඩුවාවක් සල්ලි ටිකක් හොයා ගන්න විදියක් ගැන. අර්ල් යනවා මේ සල්ලි හොයා ගන්න පුලුවන් අලුත් ජොබ් එක හොයාගෙන. අර්ල්ට කරන්න තියෙන්නේ ඇමෙරිකාවේ ප්‍රමුඛ මත්ද්‍රව්‍ය කාටෙල් එකක් වෙච්ච සිනලෝවා කාටෙල් එකට වැඩ කරන එක. අර්ල්ට මේ හරහා පැවරෙන රාජකාරිය තමයි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන එක. උන්නත් දාහයි මළත් දාහයි කියලා එයා වැඩේට බහිනවා. වැඩේ බැරෑරුම්කමත් එක්ක අර්ල්ට ඩොලර් දහස් ගණනක් හම්බ වෙනවා. අර්ල් මේ සල්ලි ඇවිල්ල දෙන්නේ මිණිබිරීගේ විවාහ උත්සවය වෙනුවෙන්. හැමෝම සතුටු වෙනවා. ස්තුති කරනවා. හැබැයි එදා බැනපු කවුරුත් අර්ල්ට අද බනින්නේ නැහැ. වැඩේ අවදානම් වුනාට ක්ෂණික නුඩ්ල්ස් වගේ සියළු ප්‍රශ්න මේකෙන් විසඳා ගන්න පුළුවන් නේද කියලා අර්ල් හිතනවා. ඇත්තටම අර්ල් කරන්නේ තමන් ගැන නොහිතා තමන්ගේ එකම සතුට වුනු පවුල ගැන හැමවෙලාවෙම හිතන එක. මේ හම්බවෙන ඩොලර්වලින් මොහොතකට හරි සතුටින් තියන්න පුළුවන් කියල අර්ල් හැමවෙලාවෙම හිතනවා.

mule 4

තවදුරටත් අර්ල් කියන්නේ කීර්තිමත් යුධ වීරයෙක් නෙමෙයි. එයා දැන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් කියන ලේබල් එක එයාම අලවා ගෙන. මේ විදියට තමන්ගේ පවුලට එන හැම බාහිර ප්‍රශ්නයක්ම අර්ල් විසඳනවා. ඒ මුදල්වලින්. කවුරුත් දන්නේ නෑ අර්ල් මේ සල්ලි හොයන්නේ කොහොමද කියලා?

ඇත්තටම චිත්‍රපටිය ඇතුළේ ගේන පණිවිඩය තමයි මේ සිස්ටම් එක ඇතුලේ 'සාමාන්‍ය' විදියට ඉන්න නම් අසාමාන්‍ය කියන දේ එක්ක අරගල කරන්න වෙනවා කියන එකයි. ඉතා සුඛෝපභෝගි කැඩිලැක් වර්ගයේ මෝටර් රථයක යන්න, ලෝකේ පුරා සවාරි ගහන්න, මාළිගාවක් වගේ කාමර විස්සක් විතර තියෙන ගෙයක් හදාගන්න, තමන්ට කියලා යොටි යාත්‍රාවක්, ජෙටි යාත්‍රාවක්, ඌරුමස්, හරක්මස්වලින්ම තුන් වේලම ගෙවාගන්න. රත්තරන්වලින් හදපු තුවක්කුවකින් රිසිසේ කුරුල්ලන් දඩයම් කර කර ආතල් එකක් ගන්න. කවුද මේවට ආස නොවන්නේ.

mule 6

මේ සියළු දේවල් ඇලඩින්ගේ පුදුම පහන වගේ ක්ෂණික වරයකින් නම් ලැබෙන්නෙ නෑ. බිත්තර නොකඩ ඔම්ලට් හදන්න බෑ වගේ වැඩක්. ඉහත කී දේවල් ලබාගන්න නම් අසාධාරණයෙන් හරි සල්ලි හම්බකරන්න වෙනවා. මයික්‍රෝසොෆ්ට් බිල් ගේට්ස්, ඇමසොන් එකේ අයිතිකරු ජෙෆ් බොසොස්, රිචඩ් බ්‍රැන්සන්, රූපට් මාර්ඩොක් වගේ දුක් මහන්සියෙන් උපාගත්ත බිලියනපතියෝ වෙන්න බොහෝම අපහසුයි. මිනිස්සුන්ට ඔින එක රැයින් කෝටිපතියකු වීමෙි මාර්ගය, ඒකට එයාලා පාවිචිචි කරන්නේ මත්ද්‍රව්‍යම තමා.

කෙසේ වෙතත් ලෝකේ කෝටිපතියන්ගෙන් වැඩි හරියක් ඉහත කී විදියට සැප ජීවිත ගෙවන්නේ ම මත්ද්‍රව්‍යවලින්. ඉහත කී කතාව හොඳට ආදේශ කරන්න පුළුවන් චිත්‍රපටියක් තමයි Clint Eastwood ගේ The Mule (2018) කියන්නේ. 'කොටළුවා' කියන වචන අර්ථය තමයි මේකේ අර්ථය. අශ්වයාත් නොවන බූරුවාත් නොවන ඒ දෙකේ අතරමැදි සංකලනයක් වන කුඩා බරක් ඔසවාගෙන යා හැකි සත්වයෙක් තමයි කොටළුවා කියන්නේ. ව්‍යවහාරයේ යෙදෙන්නේ මත් ද්‍රව්‍ය හොරෙන් ප්‍රවාහනය කරන්නා කියන අර්ථය (drug smuggler).

mule 7

හොඳ සහ නරක අතරමැද තමයි අර්ල් ජීවිත සටන ගෙනියන්නේ. මේක විසංයෝජනවාදීව කියවා ගත්තොත් අර්ල් කරන්නේ අසාධාරණයෙන් සල්ලි හම්බ කරන එක වුනාට එයා ඒක කරන්නේ තමන්ගේ යහපතටත් වඩා අනුන්ගේ යහපත වෙනුවෙන්. අනුන්ගේ සතුට වෙනුවෙන් අර්ල් තමන්ගේ ජීවිතය, ආත්මය කැප කරනවා. දිවි පුදනවා. මිනිසාත් නොවන නොමිනිසාත් නොවන දිනපතා ජීවිතය මේ කොටළු වචනයෙන් එළියට එනවා.

මේ ක්‍රමය විසින් අපි හැමෝම එහාටත් නැති මෙහාටත් නැති කොටළුවෝ බවට පත් කරලා හමාරයි. මේ දවස්වල නම් ඒක ලංකාව තුළ හොඳටම දැකබලා ගන්න පුලුවන්. අධ්‍යක්ෂ ක්ලින්ට් ස්ටූඩ්ගේගේ චිත්‍රපට අතුරින් හොඳම චිත්‍රපටය "The Mule" නොවුන ද චිත්‍රපටය විසින් ප්‍රේක්ෂකයාට සිතන්න බල කරන කාරණාව තමයි මේ පවතින ක්‍රමය විසින් අවිඥාණිකව අප නපුර වෙත යොමු කරන්නේ කෙසේද කියන එක ගැන.

2018 වර්ෂයට අදාළව නරඹපු සුවිශේෂී චිත්‍රපටයක් තමයි "The Mule" කියන්නේ.

අපි ඇතුලෙත් ඉන්නවා කොටළුවෙක්. හැබැයි ඌ මතුවෙන්නෙ ආශාවේ හිනිපෙත්තටම ගිය වෙලාවක, අපි හොඳටම වළේ වැටුනු අවස්ථාවක. හැබැයි හොඳට මතක තියා ගන්න අර්ල් වගේ මනුස්සයෙක් නම් වෙන්න එපා. පුලුවන් නම් තමන්ගේ දරුවන්ගේ මිණපිරියන්, මුණුපුරන් ගැන වදවුනු, කොටින්ම තමන්ගේ බිරිඳට ආදරය කරපු වයස අවුරුදු 90 මහල්ලා වගේ හිතන්න. නොපමාව මෙම සලරුව නරඹන්න. ඒ "The Mule".