SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැලණි විහාරය පෘතුගීසීන් විනාශ කරට පස්සේ විහාරය ප්‍රතිසංස්කරණය කරලා විහාරයේ චිත්‍ර අඳින්න දෙන්නේ සොයිලියස් මෙන්දිස්ට.

කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කරන්න මුදල් වියදම් කරන්නේ සේදවත්ත වලව්වේ දොන් පිලිප් විජයවර්ධන සහ හෙලේනා විජයවර්ධන.

මේ දෙදෙනාගෙන් හෙලේනා විජයවර්ධන මේ ක්‍රියාදාමයේදී විශේෂයි. කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කරන්න ඕනය කියලා මුලින්ම අදහස එන්නේ එතුමියට. සොයිලියස් මෙන්දිස් කොච්චර දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වුනත් හෙලේනා විජයවර්ධන සෝලියස් මෙන්දිස්ව ඉන්දියාවට යවනවා කැලණි විහාරයේ චිත්‍ර අදින්න කලින් ඉන්දියාවේ චිත්‍ර කලාවන් අධ්‍යනය කරන්න.

 

කැළණි විහාර නයා 2

 

එහෙම අධ්‍යනය කරලා ආවත් හෙලේනා විජයවර්ධනට ඕන වුනා සොයිලියස් මෙන්දිස් ව පරික්ෂා කරන්න කැලණි විහාරයේ චිත්‍ර අදින්න කලින්. මේ වෙනකොට සෝයිලියස් මෙන්දිස් විහාරස්ථාන 6ක චිත්‍ර ඇඳලා තිබුනත් ඇයට ඔහුව තවත් පරික්ෂා කරන්න ඕන වුනා. මේ කාලයේ කැලණි විහාරයේ විහාරාධිපති වී සිටි මාපිටිගම ධම්මරක්ඛිත හිමි කිව්වා කැලණිය කිට්ටුව මාපිටිගම විහාරයක් තියෙනවා කියල. මේ විහාරයේ නම ලෙනගම්පොළ විහාරය. කැලණි විහාරයේ චිත්‍ර අදින්න කලින් මේ විහාරයේ පියස්ස මත සොයිලියස් මෙන්දිස් ට චිත්‍ර අදින්න කිව්වා.

 

කැළණි නයා 3

 

සොයිලියස් මෙන්දිස් චිත්‍ර ශිල්පියෙක්ට අමතරව දක්ෂ මුර්ති ශිල්පියෙක්. මේ විහාරස්ථානයේ මොහු නෙළු හිටි පිළිමය, ඉඳි පිළිමය හා පිරිනිවන් මඤ්චකයෙහි වැඩ සිටිනා පිළිමය තියෙනවා. මේවා ඔහුගේ විශිෂ්ටතම මුර්ති තුන වෙනවා. විහාරස්ථානයේ අදින චිත්‍ර වලට මාතෘකාව කරගත්තේ බුදුන්වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාවට පැමිණි රහතන්වහන්සේලා, සංඝයාවහන්සේලා හා දෙවිවරුන්. හැම කෙනෙක්ගෙම අතේ මලක් තියෙනවා. හිස වටේට රැස් වළල්ලක් තියෙන්නේ රහතන්වහන්සේලාගේ.

 

කැළණි 5

 

මේ චිත්‍ර අතරින් මගේ සිත්ගත් විශේෂිත රුපයක් තියෙනවා. ඒ නාග හිසක් සහිත දේව රුපයක්. බුදුන්වහන්සේගේ පරිනිර්වාණයට නාග ලෝකයේ සිට පැමිණි දෙවි කෙනෙක්ව නිරූපණයට මෙහෙම සිතුවම් කරන්න ඇති කියලා මත පල වුනත් අතේ මාළුවෙක් ඉන්න නිසා මේ රාහු ග්‍රහයා සංඛේතවත් කිරීමට ඇන්ඳා කියලා සිතන්නට වෙනවා.

මේ සිතුවම් වලට හෙලේනා විජයවර්ධන කැමති වුන නිසයි සොයිලියස් මෙන්දිස් ට කැලණි විහාරයේ චිත්‍ර අදින්න අවස්ථාව ලැබෙන්නේ.

 

@ ඩියෝන් මිතිල ප්‍රනාන්දු