SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේක කෙටි චිත්‍රපටයක්.

මෙතෙක් කාලයකට ලංකාවේ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්ගෙන් නොදුටු විශිෂ්ට කෙටි චිත්‍රපටයක් සහ වෙනස්ම සන්දර්භයක් තියෙන කෙටි චිත්‍රපටයක් කිවහොත් මා නිවැරදියි.

 ලාංකේය නූතන කෙටි චිත්‍රපට කලාවේ අතර නුහුරු නුපුරුදු වැඩ කරන තරිඳු රාමනායක විසින් තිර රචනය ලියා සංස්කරණය කොට අධ්‍යක්ෂණය කරන "Mandala" යනු පඨිතයක්(as a text)ලෙස ප්‍රේක්ෂකයාට බල කරන, අපුරු කෙටි චිත්‍රපටයක්. තරිඳු රාමනායක යනු ඉන්දියාවේ සුප්‍රසිද්ධ සත්‍යජිත් රායි සිනමා හා රූපවාහිනි පාසලේ සිනමාව පිළිබඳ උගත් අයෙකි. ඔහු එම සිනමා ගුරුකුලයෙන් ලැබු පන්නරයෙන් කුළුදුලේම කියා චිත්‍රපටයකට නඟන්නේ "Mandala"ය. විනාඩි හයක් පමණ ධාවන කාලය තුළ චිත්‍රපටය තුළින් මුඛ්‍ය තේමාව බවට පත් වෙන්නේ පරිසරය සහ මනුෂ්‍යයා අතර සබැඳියාවයි. "Mandala" තුළින් සැමවිටම දිස්වන කලාත්මක සහ සම්භාව්‍ය සිනමාත්මක බව රසයක් සපයා දෙන්නට දෘශ්‍යමය සේම ශ්‍රව්‍යමය අතින් ලබාදෙන සාර්ථකත්වය අති විශිෂ්ට බව නැවත වරක් සිහිපත් කිරීම වටී. එක් වරෙක ලංකාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සුදත් මහදිවුල්වැව පවා තරිඳුගේ "Mandala" කෙටි චිත්‍රපටය පිළිබඳ බොහෝ සෙයින් ඇගයුමට ලක් කළහ.

ලංකාවේ මෙතෙක් නොදුටු කෙටි චිත්‍රපටයක අපුර්වත්වයක් නිතැතින්ම දායාද කරලු "mandala" අධ්‍යක්ෂවරයා සහ තිර රචකයා වු තරිඳු රාමනායක තුළින් සාධනීයවුත් අනාගත මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂවරයකුගේ සේයාව දකින්නට ලැබීම වඩාත් සතුටුදායක කාරණයක් බව නම් කිව යුතුම ය.....

අසංක රසංජන ද සිල්වාගේ මුහුණු පොතෙන් උපුටාගැනුනි.

https://youtu.be/6BEcpZYpfss

marrikkar

නවතම ලිපි