SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ක්ලින්ට් එස්ට්වුඩ්ගේ INVICTUS.

1994 දි නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ජනාධිපති වුනාම ඒ රටේ ප්‍රධාන පුවත්පත Sunday Times අහනව මෙහෙම ''නෙල්සන් මැන්ඩෙලාට බහුතරයක් කලු ජාතිකයො ඉන්න නිසා මැතිවරණ දිනන්න පුලුවන්. එත් එයාට මේ රට ඉස්සරහට ගෙනියන්න පුලුවන්ද ?  ඒකට නෙල්සන් මෙන්ඩෙලා දීපු උත්තර වලින් එකක් තමයි Invictus වලින් කතාකරන්නෙ.

සිනමා කෘතිය පටන්ගන්නෙ පුරා වසර 27 ක් සිරගෙයක ඉඳල නිදහස්ව එන නෙල්සන් මෙන්ඩලාගේ දර්ශනයකින්. ඊට පස්සෙ පෙන්නනව තවත් වසර 4 කින් පසු ඔහු එෆ්. ඩබ්. ඩබ්. ක්ලාක් නැමති හිටපු සුදු ජාතික ජනාධිපතිව පරද්දල ජනපති නිල නිවාසයට එනව. ක්ලාක් තමයි වසර 27 ක් තමන්ට අඩි අටයි අටේ කාමරයක සිර බත් කන්න සැලස්සුව සුදු පාලකයා.

ප්බාැක් 3

සුදු ජාතික පාලකයන් ගැන මේ මිනිහගෙ මනෝභාවය කොහොමට තියෙන්න ඇද්ද ? සාමාන්‍ය මිනිහෙක්ගෙ නම් ඒක තියෙන්නෙ තමන්ට  මේ දේ කරපු මිනිසුන්ගෙන් පලිගැනීමට ඇති නොතිත් ආශාවෙන් පිරිල. තමන්ට කරපු දේ උන්ටත් කරන්න ඔින කියන පොපියන ප්‍රචණ්ඩත්වයෙන් සහ කෘෘරතර ද්වේශයෙන්. ඒකට බලයත් එකතුවුනාම කොහොමට හිටීවිද ? නමුත් විශිෂ්ට නායකයෙක් වෙනත් සාමාන්‍ය නායකයෙක්ගෙන් වෙනස් වෙන්නෙ එවැනි සිතිවිල්ලක හාංකවිසියක්වත් තමන් තුළ නැති වුනාමයි.

මැන්ඩෙලා ජනාධිපතිවෙලා නිල නිවෙසට එනකොට ඒකෙ හිටපු සුදු ජාතික සේවක සේවිකාවෝ ඇදුම් බෑග් පැක් කරන් යන්නයි ලෑස්තිවෙලා හිටියෙ. මෙන්ඩෙලා කිව්ව ඇයි ඔබලා යන්නෙ ඉදිරියටත් මට සේවය කරන්න. ඒ තමයි විරසක ජාතීන් දෙකක් අතර ගොඩනැගෙන සහජීවනයට රටේ නායකයාගෙ වර්ගයා අතර සහයෝගය සහ විශ්වාසය පිළිබඳ අනගි ආදර්ශය. එයා තමන්ගෙ ශරීර ආරක්ෂකයො විදිහට යොදා ගන්නෙ කලු ජාතිකයන්ව නෙවෙයි. සුදු ජාතිකයන් 4 දෙනෙක්. ඒ තමයි විරසක ජාතීන් දෙකක් අතර තමන් ආරක්ෂිතයි සහ රක්ෂිතයි කියන එක ගොඩනැගීමේ මුලික පියවර.

 

පැබාැක් 6

නමුත් මේ සුළු දේවල්වලින් සුදු ජාතිකයන් සහ කලු ජාතිකයන් එකම තැනකට ගේන්න බැරි බව මේ ජනාධිපති දැන ගෙන හිටිය. මොකද ඒ වෙනකොට රටේ බහුතර කලු ජාතිකයො හිටියෙ වසර සිය ගණනක දෙවැනි පන්තියේ පුරවැසියන් වීමේ ඛේදඡනක අවස්ථාවෙන් නිදහස් වෙමින්. ඔවුනට අවශ්‍ය වුනේ සුදු ජාතිකයන්ගෙන් පළිගන්න. සුදු ජාතිකයො හිටියෙ ජයග්‍රාහකයා තමන්ව මොන වෙලාවෙ මරයිද කියන සැකෙන් සහ බියෙන්.

මේ දෙගොල්ලොම එක තැනකට ගේන්න පුලුවන් එකම දේ රග්බි ක්‍රීඩාව බව නෙල්සන් මැන්ඩෙලාගෙ සහජ ඉව එයාට කිවුව. මොකද වර්ග භේදයකින් තොරව රග්බි ක්‍රීඩාවට දෙපැත්තෙම තිබුණෙ උන්මාදයක් වුනාට දකුණු අප්‍රිකාවෙ මුළු රග්බි කණ්ඩායමම හැදිල හිටියෙ සුද්දන්ගෙන්. ඒ අවස්ථාවයි කලු ජාතික ජනාධිපතිවරයා සිය රටේ වර්ගවාදී ප්‍රචන්ඩත්වය නැති කරන්න යොදා ගත්තෙ. ඒ වෙනකොටත් දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම ලෝක කුසලානයට යනව තියා අසල් වැසි කොංගෝවටත් පැරදිලයි හිටියෙ.

 

ප්බාැක් 6

නමුත් 1995 ලෝක කුසලාන අවසන් රග්බි තරගය තියන්නෙ දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග්වල . ඉතින් මැන්ඩෙලා කැඳෙව්ව දකුණු අප්‍රිකානු රග්බි කණ්ඩා‍යමේ සුදු ජාතික නායකයව තමන්ගෙ ජනපති මැදුරට. ඒ තමයි Jacobus Francois, කැඳවල ‍ෆැන්කෝයිස්ට කියනව නෙල්සන් මෙන්ඩෙලා මෙහෙම.

“මම ඔබව මෙතනට කැ‍ඳෙව්වෙ මේ වයසක මනුස්සයගෙ වල් පල් අහගෙන ඉන්න නෙවෙයි. 1992 දි වෙච්ච පොඩි කතාවක් කියන්න. 1992 ලෝක පාපන්දු ඔලිම්පික් තරගය තිබ්බ බාසිලෝනාවල. ඒකෙ විශේෂ ආරාධිතය වුනේ මම. එතනදි මට මුලු ලෝකයම එකතුවෙලා ආචාර කරා මනහර ගීතයකින්. ඒකෙ කියන්නෙ, දකුණු අප්‍රිකාව දැන් ඔබට ‍කාලයයි ඔබේ අභිමානයට. ඒක ඔවුන් හදල තිබ්බෙ අපේ පැරණි ගෝත්‍රික නිකෝමි සිකිලෙලි ඇෆ්රිකා කියන ජනගීයට අනුව.එවෙලෙ මම දැක්ක අපේ අඳුරු අතීතය ඒ වගේම අපහැදිලි අනාගතය. ඒබව දැන දැනත් මුලු ග්‍රහලෝකයම මම දකුණු අප්‍රිකානුවෙක් වීම ගැන ආඩම්බර විය යුතුයි කියල මට කිව්ව. ඒක හරියට දෙවියන් මුලු ලෝකයම අපේ රට දිහෑවට හැරෙව්ව වගේ. තරගය අවසානයේ මම ගෙදර ආවේ අනාගත දකුණු අප්‍රිකාව ගැන දැවැන්ත හීනයක් කරේ තියාගෙනයි ජැකෝබි ෆැරැන්කෝස්”

 

ප්බාැක් 1

“ඒ වගේම ෆැරන්කෝස් ඔබ හිතනවද 1962 දි ජීවිතාන්තය දක්වා මාව හිරකරල තිබ්බ අලුත රොබින් දුපතේ මම හිටියෙ මහ උජාරුවෙන් කියල! නෑ මම හිටියෙ බෙල්ල කඩන් වැටිල. මුළු ජීවිත කාලයම මේ හතරැස් අඳුරු කුටි‍යෙ ඉන්න වෙනව කියල හිතෙන කොට මුළු ශරීරයම හිතල ටෙලා කම්පාවෙන් කඩන් වැටෙනව. ආත්මය මගේ ඉකි ගහනව ! එත් එක දවසකදි ඒ සියල්ල වෙනස් වෙනව. මට මිතුරකුගෙ මාර්ගයෙන් ලැබෙනව එංගලන්තයේ 1860 ගණන් වල හිටපු සුදු ජාතික කවියෙක්ගෙ පද්‍ය රචනයක්. එයා ඒක ලියනකොටත් අවුරුදු 20 ගානක් ඇඳෙන් නැගිට ගන්න බැරිව රෝහලක තමයි

ඒ මුලු ජීවිත කාලයම ගත කරල තියෙන්නෙ. නම විලියම් අර්නස්ට් ! කවියෙ මාතෘකාව අපරාජිතයෝ ! මෙන්න මේ කවිය මාව මුළුමනින්ම වෙනස් මිනිහෙක් කලා, මම ඊට පස්සෙ මගේ ජීවිතය හසුරවන්න දෛවයට ඉඩ දුන්නෙ නෑ. මමම මගේ ඉරණම තීන්දු කරන නියමුවා වුනා. ඉතින් ෆැන්කෝස් මට ඔින මේ අප්‍රිකානු ජාතිය ලෝකයේ වර්ණවත් දේදුන්නක් වගේ ජාතියක් කරන්න”

මේ හමුවීමෙන් පස්සෙ මහා කැපවීමකින් කරල එයාල දිනනව 1995 රග්බි ලෝක ශූරතාවය ! එදා රාත්‍රියේ දකුණු අප්‍රිකානු අහස මල් වෙඩි වලින් අලංකාර වෙද්දි අපිට පේනව කල්ලොයි සුද්දොයි එකට නටනව.

 

ප්බාැක් 4

ඒ තමයි අර්බුදයට ගිහින් තිබුණු දකුණු අප්‍රිකානු ජනවාර්ගික ගැටලුවට විශිෂ්ට නායකයෙක් පිළිතුරු හොයපු හැටි. වෛරී ජනතාවක් දෙපැත්තක ඉන්න රටක, කිසිදු මිනිහෙක්ගෙ ලේ බිඳක් නොසොල්වා අත්වැල් බැඳගැනීමක් දක්වා ඔවුන් ඉදිරියට ගේන්න තනි මිනිහෙකුට පුලුවන් වුන හැටි. ඔහුගේ දේශපාලන දැක්ම ! මැන්ඩෙලා හිටියෙ මගේ කලු ජාතිය හෝ මගේ මැතිවරණ ජයග්‍රහණ කියන තැන නෙවෙයි. ඔහුට ඔින වුනේ සුදු ජාතිකයාටත් මේ රට උරුමයි කියන තැනට කලු ජාතිකයාව ගේන්න. මම කියපු, මගේ කියපු එකාව, නෑ අපි, අපේ කියන තැනට ගේන්න. ඔහු ඒක කලා ඉතින් ඔහු අසම සම නැද්ද ?

 

මැන්ඩෙලා

Invictus සිනමා කෘතියෙ එකතැනක මෙහෙම තියෙනව.

“පාපන්දු කියන්නෙ මහත්වරුන්ගෙ ක්‍රීඩාවක් මැරයො සෙල්ලම් කරන.

රගර් කියන්නෙ මැරයන්ගෙ ක්‍රීඩාවක් මහත්වරු සෙල්ලම් කරන”

 

උපාලි ජයසිංහ

https://m.youtube.com/static/r/cc61deab/fetch_polyfill.vflset/fetch_polyfill.js

marrikkar

නවතම ලිපි