SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අප මෙලොව එළිය දුටු දා පටන්ම අපගේ රැකවරණය පිණිස අප ළඟ නිරතුරුවම රැඳුණේ රත්තරං දෙමපියන්‍ ය. ඔවුන් අතරින් "අම්මා" යන චරිතය පිළිබඳව වර්ණනා කිරීමට වචන නොමැත.

අම්මා යනු, මහ මුහුදම තීන්ත උනත් මුලු අහස පුරාවටම ලිව්වත් කවදාවත් ලියා නිම කල නොහැකි අගනා චරිතයකි. ඒ සෙනෙහස අප මෙලොවට බිහිවූ දා සිට මරණය දක්වාම අප ළඟ තිබේනම් අප කෙතරම් භාග්‍යවන්තයෝ වන්නේද?

 

අවාසනාවට අපි මෙලොවට දායාද කර ඔවුන් මෙලොවින් සමුගෙන යන්නේ අපිට කලින්‍මය.

අපගේ සැපේදී සතුට වුනු ඒ වගේම දුකේදී දුක් වී අප අසලට වී සිටි එකම කෙනෙක් වේනම් ඒ අම්මා පමණි. එය බාල, තරුණ, මහලු කියා නැත. ඇය ඕනෑම අවස්ථාවක අප වෙනුවෙන් සැදී පැහැදී සිටියා ය. නමුත් ඇය නොමැති කල අපට දැනෙන තනිකම කෙතරම් ද කියා පවසාගත නොහැකිය.

පර්සියන් ජාතික "Mother" නැමති අගනා කෙටි චිත්‍ර පටය තුලින් ඒ බව වඩාත් තීව්‍ර කර පෙන්වා දෙනු ලබයි. ඉතාමත් සරල ලෙස නිෂ්පාදනය වී ඇති මෙම කෙටි චිත්‍රපටිය එක් විනාඩියක් ඇතුලත කිසිදු දෙබස් භාවිතයකින් තොරව මිනිසාව ගැඹුරු පරිකල්පනයකට ලක් කරනු ලබයි.

 

තම මව නොමැති වුවද මවගේ තුරුලෙහි පහස විදීමට වයස් භේදයකින් තොරව අප සියල්ලෝම කැමතිය. එලෙස සිත් පහල වූ වියපත් පුතෙකු රට හුණු කැබැල්ලකින් මවගේ සිතුවම ඇද , එහි තුරුලට වී සිටීම තුලින් මිනිස් චින්තාවන් සැනෙකින් අවදි කරනු ලබයි. මෙලෙස නිර්මිත මෙම කෙටි සිනමා පටය විශිෂ්ට සම්මානයන්ටද උරුමකම් දරනු ලබයි.

සටහන නිමේෂා ප්‍රබෝදනී

marrikkar

නවතම ලිපි