SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොට්ටුව නොහොත් තිලකය කාන්තාවකගේ නළලතේ තැබූ විට සුන්දරය. රතු පාට තිලකය තබා මල් වරලේ ගවසා කාන්තාවන් සුන්දරව දැකීම ප‍්‍රිය ජනකය.

කුංකුම තැවරුණ නළලත දකින විට ඇය විවාහක කාන්තාවක් බව බොහෝ දෙනෙකු දන්නේ කුංකුම තිලකය නොහොත් පොට්ටුව විවාහයේදී පුරුෂයා විසින් සිය බිරිිඳ ගේ නළලත තබන්නක් වන නිසාය.

ඉන් පසු විවාහක කාන්තාවගේ නළලත කුංකුම තිලකයත් ගෙලෙහි බැඳි තැල්ලත් අනිවාර්යයෙන් දැකිය හැකිය. පොට්ටුව නොහොත් තිලකය සම්ප‍්‍රදායකි. සංස්කෘතියකි. චාරිත‍්‍රයකි.

 

පොට්ටු 1

විවාහයෙන් පසු සැමියා මිය ගිය විටක ඒ සුන්දර තිලකය නොහොත් පොට්ටුව මකා දමන්නේ මිය ගිය සැමියාගේ මල දෑගිලි වලිනි. ඉන් පසු ඇයට එම පොට්ටුව තැබීම සංස්කෘතිය විසින් සම්ප‍්‍රදායිකව තහනම්ය. වැන්දඹු ස්ත්‍රියකට නළලත තිලක තැබිය නොහැකිය.

ලංකාවේ  දමිළ කාන්තාවන් බහුතරයක් අදත්  මේ සම්ප‍්‍රදාය තුළ හිරවී සිටින බව නොරහසකි. බැලූ බැල්මට සුන්දර පොට්ටු සංස්කෘතියේ වේදනාත්මක කතා බහුලය.

තිස්වසරකටත් වඩා වැඩි කාලයක් තිස්සේ පැවති යුද්ධයෙන් බිරින්දෑවරුන්ට ස්වාමි පුරුෂයන් අහිමිවිය. තවත් සමහර පුරුෂයන් අතුරුදහන් ලේඛණවලය. අතරුදහන් ස්වාමිපුරුෂයෝ නැවත පැමිනේයැයි වූ විශ්වාසයෙන් ඒ කාන්තාවන් ගෙළ බැඳි තැල්ල  ගලවා දමා නැත. නළලත තබන පොට්ටුවද මකා නොදමයි. එහෙත් මල ස්වාමිපුරුෂයන් ගේ මල දෑැගිල්ලෙන් මකන ලද පොට්ටුව යළිත් තබන්නට වැන්දඹුවකට නොහැක. ඇයට නිවසේ මෙන්ම පවුලේ සිදුවන යම් යම් කටයුතු සඳහාද ඇයට පුමඛත්වය ගෙන කටයුතු කළ නොහැක.

දමිළ සමාජයේ පොට්ටුව සංස්කෘතික සම්ප‍්‍රදායික සංකේතයකි.

බැලූ බැල්මට ඒ සුන්දර පොට්ටුව පිටුපස බොහෝ කාන්තාවෝ මානසික පීඩාවට පත්වන්නේ ඒ තුළ බැඳී ඇති යල්පැන ගිය සම්ප‍්‍රදායන් නිසාය.

 

පොට්ටු 3

 

නවයුගා වර්තමානයේ සිටින තරුණ අධ්‍යක්‍ෂවරියකි. ඇය  ඇගේ නවතම සිනමා නිර්මාණය සඳහා පාදක කොටගෙන ඇත්තේ පොට්ටුව තුළ කාන්තාවන් මුහුන දෙන පීඩාවයි.

නවයුගාගේ පොට්ටුු නුදුරේදීම කෙටි චිත‍්‍රපටයක් ලෙසින් ප්‍රේක්‍ෂකයන්ට දැක ගන්නට හැකිවනු ඇත.

පොට්ටු තිර රචනය නවයුගාගේය. එමෙන්ම එහි ප‍්‍රධාන චරිතය රගපාන්නේද ඇයමය.

පොට්ටු චිත‍්‍රපටය එලිදැක්වීමට පෙර නවයුගා චිත‍්‍රපටය වෙනුවෙන් කළ ගීතයක් පසුගියදා 07දින අන්තර්ජාලයට මුදාහැර තිබුනි. ඒ නයියප්පුඩෙයි සිින පාරමී නමිනි.

නයියප්පුඩෙයි සිහින පාරමී ගීත රචනය මනෝහාරි හේවාවසම් සහ නවයුගා කුගරාජාගෙනි. සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දශක කිහිපයක් පුරා කලා කටයුතුවල නියැලෙන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකා මනෝහාරි හේවාවසම් මෙම ගී පබැදුම සමග ගීත රචනා ක්ෂේත්‍රයට පිවිසීම ද විශේෂත්වයකි.

පොට්ටු 2

 

එසේම මෙම ගීතය දමිළ සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම රචනා වී තිබීම විශේෂත්වයකි. නවයුගාගේ මෙම ගීතය තුළින් ප‍්‍රකාශ වනුයේ  ශක්තිමත්ව සමාජය තුළ තීරණ ගනිමින් තමා පීඩාවට පත්වන දේ තුළින් නිදහස්ව අලුත් ලෝකයක් ගොඩ නගාගැනීම මෙන්ම අසීරු දේ ජයගැනීමෙන් දිනාගැනීමෙන් වෙනස්කළයුතු දේ වෙනස් කිරීමෙන් සතුටත් අලුත් ලෝකයත් ගොඩ නගාගත හැකි බවයි

(පුවත් උපුටාගැනීම - mirrorarts.lk)

ගීතය පහළින් රසවිඳින්න

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි