SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරට ලියුවුණු අති විශිෂ්ට ගණයේ නවකතා තිබෙන්නේ සුළු ප්‍රමාණයකි. ඒ අතර සයිමන් නවගත්තේගමගේ "සුද්දිලාගේ කතාව"ට හිමිවෙන්නේ ප්‍රමුඛස්ථානයක්.

 

මා එසේ කියන්නේ ලංකාවෙි සාහිත්‍ය කලාව වෙනම මානයකට ගෙනයන්ට සුද්දිලාගේ කතාව සමත් වු හෙයිනි. මුලිකවම සුද්දිලාගේ කතාව මනෝවිද්‍යාත්මක සහ ත්‍රාසජනක, කුතුහලය පිරි කතන්දරයක්. සුද්දිට ලව් කරන පාඨකයන් අදටත් සිටිති. මම ද ඒ අතර වෙමි. මමත් සුද්දිට පට්ට ලව් ය.

සුද්දි චරිතය ලංකාවේ සුවහස් ගැහැණු අතර සිටිය නොහැකි රැඩිකල් ගැහැණියකි. කාම ධේනුවක්, මුදලට ගිජු දිව්‍යාංගනාවන් පරදන ගැහැණියගේ ස්වරූපය සුද්දිට උරුම ය. තුන් වේල වෙනුවෙන් සිරිමෙවන් මුදලාලිට කකුල් දෙක මෑත්කරන්නට සුද්දිට සිදුවෙන්නේ ඈට නිස්කාරණයේ සියදිවි නසාගන්නට ඇති නොහැකියාව හේතුවෙනි. සුද්දි පිච්චෙන්නේ රාගයෙන්ම නොව, බඩගින්නේය. බඩ වියත රැකගන්න ඈ දාවල් නැතිව ඈ කාම අරගලයක යෙදෙන්නී ය.

 

සුද්දිලාගේ කතාව 0

මෙරට සිදු වූ සමාජ ආර්ථික,දේශපාලන සුළි කුණාටුවට සුද්දි පමණක් නොව, රොමියෙල්ලා, සිරිමෙවන් මුදලාලිලා, ආරචිචිලාගේ ජීවිත හසුව සුන්නත්දූලි වී යන්නේ දිවියේ ඇති අසරණබව කියාපාමින්. නිකවැරටිය නගරයෙන් ගමට සංක‍්‍රමණය වන සුද්දි, ඇගේ සැමියා වන රොමියෙල් අයිආර්සී කාරයෙකි. මීනි තුනහතරක් එකවර බාවන්නට වුව ද රොමියෙල් සමත් ය. කුලියට මිනී මරන්නෙකි. නවකතාවේ ප‍්‍රධාන චරිතය වන සුද්දි ලාංකේය සමාජයේ එක්තරා පැතිකඩක කාන්තාව නියෝජනය කරන චරිතයකි.

"ඈ බන් සුද්දියේ කවද්ද රොමියෙල් ආපහු එන්නේ?"

ඒ අසන්නේ සුද්දිගේ ශරීරය වරුවකට, දෙකකට උරා බොන කාම තෘෂ්ණාවෙන් පෙළෙන වැම්පයර්වරුන් ය.

නවකතාව පුරාවටම පාඨක ඇසට ලක්වන චරිත යුගලයකි. ඒ රූමත් කාම ධේනුව සුද්දි සහ රොමියෙල් ය. රොමියෙල්ගේ ෆැන්ටසිය සිරවන සුද්දිට රොමියෙල්ගෙන් තොර ලොවක් නැත. සුද්දි රොමියෙල්ට බය ය. රොමියෙල්ට කට ගහගෙන ආවොත් සුද්දිට සිදුවන්නේ රොමියෙල්ගේ දරදඬුවන් අත්වලින් ගුටි කන්නට ය. සුද්දි රොමියෙල් නැවතත් අපායට ඇද දමන්නේ හිත්පිත් නැති ගැහැණියකගේ ලක්ෂණ කියාපාමිනි. විටෙක සුද්දි නිර්භීත ය. සුද්දි තමන්ගේ ස්වාමියා වු රොමියෙල් බිල්ලට තබා හෝ ජීවත් වෙන්නට යත්න දරන්නී ය.

නවගත්තේගම මැවූ මේ හැම චරිතයකම තිබුණේ ප්‍රාණවත් බවකි. නවගත්තේගමගේ පෑන් තුඬින් බිහිවුණු රොමියෙල්, සිරිමෙවන් මුදලාලි, සුද්දි, ආරචිචි, ග්‍රාමසේවක, ඖසදයා, පීතරගේ බිරිඳ මේ සියළු ආන්දෝලන චරිතවලට ඇට, ලේ, මස් නහර දී ප්‍රාණය ලබා දී නිසි ලෙස හසුරුවා තිබුණි. එක පසෙකින් කෘතිය පුරාවටම සිනමාත්මක බවින් සුපෝෂීත ය. සයිමන් නවගත්තේගම තම කෘතිය පුරාවටම, කුතුහලය, ත්‍රාසය, තෘෂ්ණාව, මෙන්ම, රාගය ද වපුරවා තිබුණි. මිනිස් ජීවිත වල අඳුරු ඉසව් නොපෙනෙන පැතිකඩක් සුද්දිලාගේ කතාව හරහා නිරූපණය කිරීමට නවගත්තේගම උත්සාහ දරා ඇත. සමාජ,දේශපාලන,පරිවර්තන හෝ ප‍්‍රවණතා ද පසුබෑම් ද ඔහු පාදක කරගෙන ඇත. මිනිස් ජීවිතය මෙහෙය වීමේ දී ලිංගික පාර්ෂවය සතු සමත්කම් ද මෙමගින් නිරූපිතය. මිනිස් ජීවිතය ලිංගිකත්වය මුල්කර ගනිමින් මෙහෙයවන බව මෙගින් නිරූපිත ය. සයිමන් නවගත්තේගම කවදත් තම කෘති වලට අවංක වෙයි. ඔහුට හංගා ගැහීමට අවශ්‍ය නැත. දුකින්,ලෙයින් හා ආලයෙන් පිරී, නොනවතින කතාන්තරයක් ලෙසින් දිවෙන 'සුද්දිලාගේ කතාව' මිනිසෙකු හෝ ගැහැනියකගේ චින්තනය තුළ ඇති නැතිවෙන ගූඪත්වය, අවිඥානික හැඟිම් නවගත්තේගමගේ පෑන් තුඩින් ලියවී තිබෙන්නේ විශ්මකර්මයක් සේය.

ස්ත්‍රීන්ට නම් "සුද්දි" චරිතය වීරවරියක් වීමට ද පුලුවන, රොමියෙල් අමනයෙක් වීමට ද පුලුවන. පුරුෂයන්ට "සුද්දි" චරිතය මුළු ලෝකයේම සිටින අමනම ගැහැණිය සේද පෙනෙන්නට පුලුවන. කෙසේ වෙතත් සුද්දි සහ රොමියෙල් එකිනෙකාට දඬුවම් කරගන්නා අයුරුත්, ඒ සරදම්වලින් මුළු මහත් සමාජයම වළපල්ලට යන අයුරුත් පෙනෙන්ට තිබේ. අවසානයේ රොමියෙල්ගේ ජීවිතයත් ඉවර ය. සුද්දිත් ඉවර ය. අවසානයේ පීතරගේ බිරියගේ හමාර විය.

 

සුද්දිලාගේ කතාව 3

 

තවදුරටත් කාන්තාව යනු කුස්සිය මුල්ලේ බත් පිසින අම්මා නොවන බවත්, කාන්තාව බුද්ධිමත්, කපටි, ශුර කාන්තාවක් බව "සුද්දිලාගේ කතාව" හරහා විනිවිදව පෙනේ. පිරිමියාගේ පරමාදර්ශයට හැඩ ගැසීමට ඇති පීඩනයට යටත් වීම ප්‍රතික්ෂේප කරන කාන්තාවන් උදෙසා සුද්දි යනු ස්ත්‍රීවාදී ලෝකයේ ප්‍රතිමූර්තියකි. එය ස්වභාවයයි. චිත්‍රපටය හෝ නවකතාව බුද්ධිමත් ප්‍රේක්ෂකයා සහ බුද්ධිමත් පාඨකයා ස්ත්‍රිවාදය සහ පුරුෂෝත්තමවාදී පක්ෂ විපක්ෂව නොගතහොත් යෙහෙකි. විචක්ෂණශීලි ඇසකින් නවකතාව කියවහොත් "සුද්දිලාගේ කතාව" තුළ බොහෝ දේ උකහාගත හැකි ය.

-මලින්ත විතානගේ-