SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මීට අවුරුදු පනහකට හැටකට විතර පෙර පාසල් පරීක්ෂකවරුන්ට සෑහෙන බලයක් තිබුණා. ඔවුන් ඉඳ හිට පාසල්වලට එනවා. පංතිවලටත් යනවා.

 

ප්‍රශ්න අහනවා. ළමුන්ගේ දැනුම මට්ටම පහළ මට්ටමක තිබෙනවා නම්

ගුරුවරුන්ට දොස් පවරනවා. ඇතැම්විට ඉහළට වාර්තා කරනවා.


දවසක් පාසල් පරීක්ෂකවරයෙක් එක් පංතියකට ගිහින් ප්‍රශ්නයක් ඇහුවා.



“ඔය ළමයි මහා ඇලෙක්සැන්ඩර් රජතුමා ගැන අහල තියෙනවා නේද?”
ඔව් සර්.”
දැන් මම ප්‍රශ්නයක් අහනවා. එක්කෙනයි උත්තර දෙන්නෙ. තේරුණා ද?”
ඔව් සර්.”
ඇලෙක්සැන්ඩර් රජතුමාගෙ කඩුව කැඩුවෙ කව්ද?”
පරීක්ෂකවරයා පන්තියේ ඉස්සරහ පේළියේ ඉන්න ළමයින්ගේ මුහුණු දෙස බැලුවා. ඇස ඊළඟ, ඊළඟ පේළිවලට ගමන් කළා. අන්තිම පේළියේ ඉන්නවා එක විදියක ළමයෙක්. පරීක්ෂකවරයාට ඉව තියෙනවා නෙ.
ඔය ළමයා කියන්න බලන්න. කඩුව කැඩුවෙ කව්ද?”
හරමානිස් වටපිට බැලුවා.
ඔය වටපිට බලන ළමයගෙන් තමයි ඇහුවෙ. කව්ද කඩුව කැඩුවෙ.”
මං දන්නෙ නෑ සර්. මං කැඩුවෙ නෑ.”



school 11

 


පරීක්ෂකවරයා ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිය ලබපු කෙනෙක්. ඔහු කෝපයට පත් වුණා. පන්ති බාර ගුරුතුමාට සිද්ධිය කිව්වා.


පන්තිය බාර ව හිටියේ විද්‍යා ගණිත ගුරුවරයෙක්.
“ඔය කොල්ල මැරෑටියා. කඩුව කඩන්න ඇති. ඒත් බයවෙන්න දෙයක් නෑ. තාත්තා කම්මල් කාරයා. මං හිතන්නෙ මේ රටේ ම එච්චර දක්ෂ කම්මල්කාරයෙක් නෑ. මිනිහා ඒවගේ ම වෙන එකක් හදලා දේවි.”


පරීක්ෂකවරයාට අසූ හාර දාහට ම කේන්ති ගියා. ඔහු විදුහල්පතිට පැමිණිලි කළා.


“මං දන්නවා ඔය කොල්ලා ගැන. කොල්ලෙක් කිව්වට කොලු තාත්තෙක්.
ඕකා ම තමයි ඒක කඩන්න ඇත්තෙ. ඒකේ දෙකක් නෑ. ඒ වුණත් සර් බයවෙන්න එපා. උගෙ තාත්ත කම්මල්කාරයා හන්දා උදේ වරුවක ගිහින් කිව්වොත්, කඩුවක් හදා ගත්තෑකි. ඒ විදියට ම පන්නරය තියලා, පරණ කරලා දේවි. හැබැයි හැන්දෑවෙ මේ වගේ දේවල් කියන්න බෑ. කසිප්පු බොනව නෙ.”


පරීක්ෂකවරයාගේ ඉවසීමේ සීමාව ඉක්ම වෙන තරම්. ඔහු එවෙලේ ම අධ්‍යාපන කාර්යාලයට ගියා. සම්පූර්ණ සිද්ධිය වාර්තා කළා. ඔහුගේ උසස් නිලධාරියා අධ්‍යාපන මනෝ විද්‍යා විශේෂඥයෙක්. ඔහු පාසල් පරීක්ෂකවරයා ගෙන්නුවා.

 

 

School 123



“මේ වගේ පුංචි දේවල් දුර දිග ගෙනියන එක සුදුසු නෑ. ළමයි කියන්නේ දඟයො තමයි. දඟ කරන ළමයකුගෙන් බරපතළ පාඩුවක් වෙන්නත් පුළුවන්. නමුත් ළමයා ළමයෙක් බව අමතක කරන්න නරකයි. දැන් ඔය කඩුවේ ප්‍රශ්නය ගුරුවරුන්ට විරුද්ධ ව, විදුහල්පතිවරයාට විරුද්ධ ව පැමිණිලි බවට පත් කරපු එක සුදුසු දෙයක් නෙවෙයි. කඩුව කැඩුණා නම්, කෑලි එකතු කරලා තියන්න කියන්න. ඊළඟ සැරේ අබලි භාණ්ඩයක් විදියට ඉන්වෙන්ටිර්යෙන් ඉවත් කළා ම ඉවරයි නේ.”


තමාගේ පහළ නිලධාරියකුට විරුද්ධ ව පැමිණිලි කරන්න පුළුවන් වුණාට ඉහළ නිලධාරියකුට විරුද්ධ වන්නට කිසි ම හැකියාවක් කාටවත් නෑ නෙ. පරීක්ෂකවරයා කළකිරුණා. හිතේ අමාරුව වැඩි වුණා. රෑ අමාරු වෙලා පෞද්ගලික රෝහලක නතර කරන්න සිදු වුණා.

රුධිර පීඩනය ඉහළ ගිහින්!

 


මහින්ද ගුණවර්ධන.