SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පුංචි කාලේ ඉඳලම අපිට ගෙදරින් පාසලෙන් කියන දෙයක් තමයි ඉංජිනේරුවෙක්,

වෛද්‍යවරයෙක් නීතිඥවරයෙක් වෙන්න කියන එක. ලොකු මිනිහෙක් වෙනවට වඩා හොඳ මිනිහෙක් වෙන ඒක ගැන කොතනින්වත් අපිව දිරිමත් නොකරන සමාජයක අමුතු විදියෙ ජීවන රටාවකට හුරු වුණ පුංචි කෙල්ලෙක් ගැන ඔස්ට්‍රෙිලියාවෙන් අහන්න ලැබෙනවා.

මළවුන් නිදන සොහොන් කොත් සියුමැලි දෑතින් පිරිසිදු කිරීම සිය ජීවන විනෝදය කරගත් 12 හැවිරිදි දැරියක වන ඇයගේ නම ටීජේ ක්ලීමන්. ටීජේ අවුරුදු 4 ඉඳලාම මේ විදියට සොහොන් කොත් පිරිසිදු කිරීම තමන්ගේ විනෝදාංශය බවට පත් කරගෙන තිබෙනවා. පුංචි කාලේ හොල්මන් අවතාරවලට තිබෙන ටීජේගේත් ඇ‌ගේ සහෝදරයාගේත් ඒ් බය නැති කරන්න ඔවුන්ගේ මව යොදපු උපක්‍රමයක ප්‍රතිඵලයක් විදියට තමයි ටීජේ සොහොන් කොත් පිරිසිදු කිරීම පසුකාලීනව තමන්ගේ විනෝදාංශය බවට පත් කරගෙන තිබෙන්නේ.

මෙන්න මේකයි කතාව...

ටීජේ ගේ පවුලේ අය ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්වලට ඒන්නේ 2021 වසරේදියි. ඔවුන්ගේ නිවස පිටුපසින් සොහොන් කොත් 3500ට වැඩි ප්‍රමාණයක් තිබෙන මළවුන් නිදන භූමියක් තිබෙනවා. සිව් හැවිරිදි ටී.ජේ. සහ ඇගේ පුංචි මල්ලි ගස්වල සෙවණැලිවලට පවා බය වෙන කාලයක ඔවුන්ගේ අම්මා ක්ලේමන් මහත්මිය මේ දෙදෙනාගේ බය නැති කරන්න ඔවුන්ව සුසාන භූමිය මැදින් රැගෙන යන්න කටයුතු කරලා තිබුණා. මේ අය‌ගේ සුරතලා ස්කුබි - ඩූ ව ඇවිද්දවන්න යන අතරේ මේ සොහොන් බිම මැදින් යන එක පුරුද්දක් බවට පත්වෙලා තිබුණා. කාලයක් යනකොට මේ දෙදෙනාගේ බය නැතිවෙලා මනසට නිදහසක් දැනෙන්න පටන් ගන්න ඔිනෙ කියන එකයි ක්ලේමන් මහත්මියගේ අදහස වෙලා තිබුණේ. 

ටී.ජේ. ට මේ වෙනුවෙන් සම්මාන පවා ලැබුණා. ඒ වගේම අනාගතයේදි තවත් අය මේ වැඩේට එකතු කරගෙන විශාල වැඩපිළිවෙලක් සිදු කරගෙන යන්නත්,  මිය ගිය ඥාතින් වෙනුවෙන් කැප වෙන්න වෙලාවක් නැති අයට සේවා සපයන ව්‍යාපාරයක් අරඹන්නත් ටී.ජේ. බලාපොරොත්තු වෙනවා. ආශාව කියන දෙයට සීමාවක්, හැඩයක් නැහැ. තැනක් නොතැනකුත් නැහැ. වැදගත්ම දේ තමන් ආශා නම් ඒ දේ කරන එකයි. මොකද කැමති දේ වෙනුවෙන් කැපවෙලා ලබන ආත්ම තෘප්තිය අකමැති දේවල් කරලා ලබන්න බැහැ.    

වැඩි විස්තර පහත සබැඳියෙන් බලන්න පුළුවන්.