SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පුරවපන් මීවිත අපි එකට යමු

ඉතින් දූෂිතයිනි
නුඹට තිබුණාට රත්තරන් පොරවක්
ලිව්වාට නීති පිටු සහසක්
වැරදුණා කියා හිතෙන්නේම නැතිද

අපි බැඳුණේ එකම රැහැණින්
මිදෙන්නට බැරි ලෙසම
මියෙන දවසක එකටම
මියෙන බව උඹට අමතකම වුණා වෙද

ඉතින් දූෂිතයෙනි
කහවනු නටන්නෙත්
සොසේජස් බැදෙන්නෙත්
මීවිත පිරෙන්නෙත්
අපේ හුස්ම ඇතුලෙනි

නුඹේ පපුවේ ගැස්ම
ණයට දුන්නෙත් මමය

රත්තරන් පොරොවෙ මිට වුණත් මගෙනි

බලාපන් ආකාහෙ ඉර නටන අන්දම්
වතුර බිංදුවක් නැති ඉඩෝරය කැන්දන්

උදලු තලයට මිටක් දෙන්නම්
කපාපන් වල යටට මියෙන්නට පෙර
පුරවපන් මීවිත අපි එකට යමු

සෝමලතා හේරත් මැණිකේ