SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපේ ගීත සාහිත්‍යය ගත්තත්, කවි ගත්තත් වැඩිපුරම තියෙන්නෙ ස්ත්‍රී වර්ණනා.

ඒ කියන්නෙ පිරිමි විසින් කාන්තාවන්ව වර්ණනා කරනව. සැලලිහිණිය පෙරලුවත් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ ජනප්‍රිය කවි තියෙනව..

ඈත කදුකර හිමව් අරණේ
සීත චන්දන ලපුලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ //

සැඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ//
ලදැළියන්ගේ සිනා අතරේ
මැවෙනයි ඒ රූපේ

රනින් කල වන් පුළුල් උරයෙන් //
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොම් ගුණ යා කෙරේ

හදේ මොරන ආදරේ
සඳේ සොම් ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ

ගායනය පණ්ඩිත් අමරදේව
පද රචනය මහගමසේකර
සංගීතය ආචාර්ය ලයනල් අල්ගම

සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින - නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන
දිසි රණ ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන - ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙවඟන

කවිසිළුමිණ ගත්තත් මේ සාම්ප්‍රදායික උපමා ටික තියෙනව. මේ කවි ඇතුලෙ කාන්තාවන් හරි අපූරුවට වර්ණනා කරල තියෙනව. මේව ඔක්කොම ස්ත්‍රී වර්ණනා. පුරුෂ වර්ණනා ගීත සාහිත්‍යයේ නැති තරම්. මේ පුරුෂ වර්ණනා අපි දකින්නේ චිත්‍රසේන-වජිරා එකතුව සිදුකළ නල දමයන්ති මුද්‍රා නාටකයේ.

නල දමයන්ති කතාවෙ නල කුමාරයා බොහොම ජව සම්පන්න තරුණයෙක්. ඔහු දකිනව ඔහුගෙ මාලිගය අසල හංසයන් සැරිසරනව. එක හංසයෙක් ඉන්නව තනිකර ස්වර්ණ හංසයෙක්. නල කුමාරය මේ හංසය පසු පස එලවගෙන ගිහිල්ලා හංසයට විදින්න උත්සාහ කරනව. එතකොට හංසය කියනව ‘මාව මරන්න එපා.. ඔබ මට ජීවිත දානය දුන්නොත් මම ඔබට වාසනාව ගෙනෙනව’ කියල.
‘ඔබ අහල තියෙනවද දමයන්ති ගැන? අහවල් රටේ රජ්ජුරුවන්ගෙ දුව දමයන්ති’ කියල දමයන්තිගෙ ලස්සන වර්ණනා කරනව. එහෙම කියල කියනව, ‘ඔබ මට ජීවිත දානය දුන්නොත් ඔබට දමයන්ති සරණපාව ගන්න කැමැත්ත අරන් දෙනව’ කියල.

අන්තිමේදී නල කුමාරයා හංසය නිදහස් කරනව. හංසය පොරොන්දුව ඉටු කරන්න දමයන්ති සොයා ගිහිල්ල දමයන්ති ඉදිරියේ නල කුමාරයාව වර්ණනා කරනව. ඒ වර්ණනාව තමයි මේ ගීතය පුරාවටම තියෙන්නෙ.

මොනවද කියන්නෙ හංසය ගිහිල්ල?

ඈත කඳුකර හිමව් අරණේ.. කඳුවලින් පිරිච්ච හිමාලයේ..
සීත චන්දන ලපුලු හෙවනේ.. සඳුන් ගස් වල සෙවන සිපඑන
සුළං රැලිවල පවා රැඳිල තියෙන්නෙ ඒ වීර නල කුමාරයාගෙ නාමයයි.
ඔහුගෙ නාමය වේ.

ඒ තරමටම ඔහු ප්‍රසිද්ධයි.

සඳැල්ලේ මිණි තලාවේ.. තාරකා පිපි වෙලාවේ - අහසේ තාරකා පිරිච්ච වෙලාවක, සඳළුතලාවල ඉන්න ළඳලියන්ගේ, ඒ කියන්නෙ තරුණියන්ගේ සිහින අතරේ රැඳේ ඒ රූපේ.

හංසය දමයන්තිට කියනව, ‘රාජ කුමාරිකාවන්ගේ සිටු කුමාරිකාවන්ගේ සිහින කුමාරයා තමයි නළ කුමාරය’.

රණින් කරවන් පුලුල් උරයෙන් මෙතන උරය කියල අදහස් කරන්නෙ පපුව කියන එක.
නළ කුමාරයාගේ පපු පෙදෙස රත්තරනින් වාත්තු කරා වගෙයි.

රනින් කල වන් පුළුල් උරයෙන් හසුන් ළමැදේ මුසු කරන්නේ,
තරුණියක් ඔහුට තුරුලු වෙනකොට ඒ තරුණියගෙ පයෝදර ඒ රන්වන් පුලුල් උර තලය නිසා මුසපත්වනව..
හදේ මෝරන ආදරේ
සඳේ සොම් ගුණ යා කෙරේ 

එයා හොඳ ප්‍රේමවන්තයෙක්.
සඳවාගේ සෞම්‍යයි.
එයාගෙ හදවතේ තියෙන ආදරේ.

සරා ගී නිල් නුවන් බදුනින් නුරා ඉතිරෙන්නේ ඔහුට තියෙන්නෙ සරාගී නිල්පාට ඇස් දෙකක්
ඒකෙන් ප්‍රේමය පිරි නුරා රසය වෑහෙනව.
එසේ වර්ණනා කරල දමයන්තිගෙන් කැමැත්ත විමසනව..

 

-ධම්මික බණ්ඩාර-_

-