SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජපන් ඇනිමේශන් කියන්නෙ සමහරුන්ට නම් ආගමක් වගේ. ලංකාවෙත් ගොඩාක් අය කැමතියි මෙවැනි ජපන් ඇනිමේශන්වලට.

ඔයා ජපන් ඇනිමේ වලට ගොඩාක් කැමති කෙනෙක් නම් මේ චිත්‍රපට හතම නරඹලා තියෙනවා ඇති බොහෝ දුරට. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම මේවා බලන්න කියලත් අපි ඔයාට ආරාධනා කරනවා…

 

 1 Grave of the Fireflies (1988)

 

animation 1

 

ජපන් ඇනිමේශන් කිව්වම ගොඩක් දෙනෙක්ගෙ ඔළුවට මුලින්ම එන්න ඇත්තේ මේක තමයි. ගල් හදවතක් තියෙන කෙනෙක්ගේ හිතක් වුනත් කඳුළින් පුරවන්න සමත් වෙච්චි සංවේදී කතාවක්. 1988 ආවත් මේ කතාව අදටත් ඇස් වල කඳුළු පුරෝගෙන බලන්න පුළුවන්. 1945 දී නාගසාකි නගරයට එල්ල වුණු බෝම්බ ප්‍රහාරෙත් එක්ක අනාථ වුණු දරුවන් දෙදෙනෙක් අවාසනාවන්ත ඉරණම් කතාව තමා මෙම චිත්‍රපටයට පාදක වෙන්නේ…

 

2. Whisper of the Heart (1995)

 

animation 2

 

මේ චිත්‍රපටයත් ඔබ සමහරවිට නරඹලා ඇති. ජපන් ඇනිමේවල තියෙන හදවතට කතාකරන ගතිය මේ ෆිල්ම් එකෙත් නොඅඩුවම තියෙනවා. මේක හරිම සරල ආදර කතාවක්. හැබැයි මේකෙන් ගන්න තියෙන පණිවිඩය නම් පුංචි නෑ. ලේඛිකාවක් වෙන්න කැමැත්තෙන් ඉන්න ශිසුකූ කියන ගැහැණු ළමයා වටේ ගෙතෙන කතාවක් මේක. කතාව අන්තිමේදි ලොකු පණිවිඩයක් ඔබට ලැබේවි. නැරඹිය යුතුම ඇනිමේෂන් සිනමාපටයක් මෙයත්… 

 

3. The Red Turtle (2016)

 

animation 3

 

අපේ ලැයිස්තුවට එන චිත්‍රපට සියල්ලටම වැඩිය මේක වෙනස්. මොකද මේකෙ දෙබස් නෑ. මේක හරිම ලස්සනට ජීවිතයේ හරය ගැන කියලා දෙන ආදර්ශමත් චිත්‍රපටයක්. වචන වලින් කියන්න බැරි අමුතුම ලස්සනක් තියන චිත්‍රපටියක්. දූපතක තනිවූ මිනිසෙක් හා අද්භූත රතු කැස්බෑවෙක් වටා තමා චිත්‍රපට කතාව ගෙතෙන්නේ. අනිවාර්‍යයෙන්ම බලන්න අමතක නොකළ යුතු චිත්‍රපටයක්.

 

4. The Secret World of Arrietty (2010)

 

animation 4

 

මේක නම් ටිකක් අසාමාන්‍ය විදියේ කතාවක්. ඇරිටි කියන ගෑණු ළමයා වටේ ගෙතුණු කතාවක්. මෙයා සාමාන්‍ය ගෑණු ළමයෙක් නම් නෙමෙයි, මනුස්ස ගෙයක් ඇතුළේ රහසින් ජීවත් වෙන, ප්‍රමාණයෙන් ඉතා කුඩා ගෑණු ළමයෙක්. එම නිවසේ දිවිගෙවන ෂෝන් නම් පිරිමි ළමයා සහ මේ  කුඩා ඇරිටි අතර ඇතිවන මිතුදමත් එක්ක තමයි කතාව ගලා යන්නේ‍. ෆිල්ම් එක පුරාම මැජික් එකක් වගේ බලන් ඉන්න හිතෙන අපූර්වත්වයක් තියනවා. චිත්‍රපටයේ වර්ණ සංයෝජනය නියමයි. කුතුහලය, ආදරය පිරුණු හරිම ලස්සන විදියේ කතාවක් මේකත්… 

 

5. The Cat Returns (2002)

 

animatiin 5

 

2002 අවුරුද්දේ තමා මේ අපූරු ෆිල්ම් එක ආවේ. කතාව ගැන කිව්වොත්, හරු කියන 17 හැවිරිදි තරුණිය දවසක් පූසෙක්ව (නිකම්ම පූසෙක් නෙමෙයි, පූස් කුමාරයෙක්ව) බේරගන්නවා. බේරගත්තට පස්සේ ඒ පූසා මේ ළමයට ස්තූති කරනවා. නමුත් ඉන් පස්සෙ එම තරුණියට මුහුණ දෙන්නෙ වෙන්නෙ තමන් නොහිතපු කරදර ගොඩකට. ඉදිරිය මොනා වෙයිද කියන කුතුහලය මෙම ෆිල්ම් එක පුරාවටම තියනවා. ජපන් ඇනිමේශන් වලට කැමති අයට මෙම චිත්‍රපටය අනිවාර්යයෙන් බලන්න ආරාධනා කරනවා.

 

6. Your Name (2016)

 

animation 6

 

මේක හරිම ලස්සන ආදර කතාවක්. ඇනිමේශන් චිත්‍රපටයක් වුනත් ඒ ආදරේ අපිටත් ගොඩාක් දැනෙනවා. මේ චිත්‍රපටය බලද්දි සමහර අයට කම්මැලි හිතෙන්න පුළුවන්. ඒත් ෆිල්ම් එක පුරාම හරිම ලස්සන දර්ශන තියෙන්නේ. මිට්සුබා හා ටාකිගේ ආදර කතාව තමයි මෙයට පාදක වෙන්නේ. ඔබ නැරඹිය යුතුම, වෙනස්ම විදියේ ආදර කතාවක්…

 

7. Laputa Castle in the Sky (1986)

 

animation 7

 

මේක ටිකක් විතර පරණයි. 1986 අවුරුද්දේ තමා රිලීස් වුණේ. කවුරුවත් දැකලා නැති, පුරාවෘත්ත වල තියෙන අහසෙ පාවෙන Laputa නගරය හොයාගෙන යන ටිකක් වෙනස් විදියේ කතාවක්. ෆිල්ම් එකේ සංගීතයත් ඉස්තරම්. උඩ චිත්‍රපට හය තරම්ම නියම මෙම චිත්‍රපටයත් බලපු නැති කෙනෙක්ට බලන්න කියලා ආරාධනා කරනවා…

 

උපුටාගැනීම - Lifie වෙබ් අඩවියෙන්.