SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ කියන්න හදන්නේ හරිම අපූර්ව වූ කරුණු සහිත කෘතියක් ගැන. සිය කුඩා වියේ දී පියාගේ වදහිංසාවට ලක් වුණ, පියා ගේ මරණයෙන් පසු කර කියා ගන්නට දෙයක් නොමැතිව ඉබාගාතේ කල් ගෙවූ,

වසර හතරක් ජර්මනියේ කුණුගොඩවල් වලින් අහුලා ගත් ආහාර අනුභව කළ , පසුකාලීනව සියතින් ඇදි චිත්‍ර විකුණා දිවි ගැට ගහ ගත් ඇඩොල්ෆ් හිට්ලර් නම් ආඥාදායකයා ගේ විස්මිත තතු ඇතුළත් සත්‍ය කතාවක්. 

එවකට විසිදෙවන වියේ සිටි ට්‍රවුඩුල් යුන්ග් #Traudl_Junge තමා දුටු සිදුවීම් වචන බවට පත් කරමින් හිට්ලර් ගේ අභ්‍යන්තර මනෝභාවයන් වෙත අප කැදවාගෙන යනවා. මූර්ති, චිත්‍ර කලාව,සහ සම්භාව්‍ය සංගීතයට පෙම් බැදි , කුඩා දරුවන් කෙරෙහි අසීමාන්තික ප්‍රේමයකින් බැදුණු සොබාදහමට ආදරය කළ මේ මිනිසා ගේ දෙබිඩි චරිතය කියවන ඔබ තුළ ඔහු කෙරෙහි ආදරයක් ගොඩ නැගෙන්නේ නිරායාසයෙන් බව කිව යුතුමයි.බැලේ නාටිකාංගනාවක් වීමට සිටි ට්‍රවුඩුල් යුන්ග් හිට්ලර් ගේ ලේකම්වරිය ලෙස පත් වීම ඇයගේ මුළු ජීවිතයම දෙවන ලෝක සංග්‍රාමය සමග ඒකාබද්ධ කරන්නට සමත් වන බව ඇය සිහිනෙකින්වත් නොසිතන්නට ඇති.නමුත් සියල්ල අවසනදී සත්‍ය වටහා ගැනීමෙන් පසු මිනීමරු නායකයෙක් වෙනුවෙන් සිය සේවය සැපයීම ගැන ඈ මුළු හදවතින් ම පසුතැවිලි වෙනවා.

මේ ඇයගේ වචන ;                 
 " එවකට විසි දෙවැනි වියේ සිටි මා අනතුරුදායක ක්‍රියාවන් ට ඉමහත් ආශාවක් දැක්වූවෙමි. හිට්ලර් ගැන මා තුළ මහත් වූ ළැදියාවක් ඇතිව තිබූ අතර ඔහු කාරුණික හාම්පුතෙක් බැව් මම සිතුවෙමි. හිට්ලර් ගේ මරණයෙන් පසු ඔහු විසින් සිදු කරන ලද අපරාධ හෙළි දරව් වීමෙන් අනතුරුව ඔහු ගේ ලේකම්වරිය වීම ගැන වරද පිළිගනිමින් ජීවත් වන්නට ඉගෙන ගතිමි.            

අපි අපගේ හෘද සාක්ෂියට ඇහුම්කන් දීමට පුරුදු විය යුතුය.අප විසින් කර ඇති වැරදි පිළිගැනීමටත්, එමගින් ඉගෙන ගැනීමටත් එතරම් ධෛර්යයක් වුවමනා නැත . මේ ලෝකයේ ජීවත් වන මනුෂ්‍යයන් වන අපි වැරදි තුළින් ඉගෙන ගත යුතු අතර එමගින් වැරදි නිවැරදි කර ගත යුතුය."ට්‍රවුඩුල් යුන්ග් මෙම කෘතිය ප්‍රකාශයට පත් කර දින කිහිපයකට පසු 2002 වසරේ පෙබරවාරි දෙවැනි දින මෙලොවින් සමුගන්නේ සිය හෘද සාක්ෂිය ලෝකය හමුවේ විවර කරමින්....
"ගිනි මැද සක්මන"  කියවන ඔබ හිට්ලර් ට ආදරයත් මීළඟ ට විස්තර කරන කෘතියේ ඇති කතාවෙන් ඔහු කෙරෙහි වෛර කිරීමටත් පටන් ගනීවි.එහෙත් ඊට පෙර මේ කෘතියෙන් හිට්ලර් ට ආදරය පමණක් ලබා දෙන මෙන් ඉල්ලමි...
අපි හිට්ලර් ට ආදරය කරමු..... 

භාග්‍යා වීරකෝන් -

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි